නිමේෂ සිල්වා කඩුලු 12ක් ලබා ගනී

U19 School Cricket 2026

56

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (30) ක්‍රියාත්මක වූ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගයේ දී සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ නිමේෂ සිල්වා ලකුණු 168කට කඩුලු 12ක් දවා ගැනීමට සමත් වෙනවා.  

ඔහු තරගයේ පළමු දිනයේ, පළමු ඉනිමේ දී ලකුණු 104කට කඩුලු 7ක් දවා ගන්නා ලද අතර අද 2 වැනි ඉනිමේ දී ලකුණු 64කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.   

දිනයේ දක්ෂත ම පන්දු යැවීම වාර්තා කරන්නේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දම්සිත් සුබාශන්ඒ ඔහු මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහි ව ලකුණු 60කට කඩුලු 6ක් දවා ගනිමිනුයි.  

ඊට අමතර ව පන්දු යැවීමේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ රයන් ග්‍රෙගරි (5/69) ද දක්ෂතා දැක් වූවා.  

මේ අතර පැවැති තරගවල දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කෞෂික කුමාරසිංහ (නොදැවී 60), මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ප්‍රභාගරන් ඉෂාන් (54), කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මහීෂ මිහිදුම් (50) සහ මහීෂ සිතුම් (57), ත්‍රිත්ව විද්‍යාලයේ මහේන්ද්‍ර අබේසිංහ (79) සහ ප්‍රවීන් රුකුනායක (නොදැවී 55), ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ලුදීශ මාතරගේ (නොදැවී 69), ගාල්ල මහින්ද විද්‍යාලයේ රන්දුල මාබරණ (නොදැවී 66) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී. (Tier B) 

කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

  • සාන්තඅන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (70.4) කවිඳු සේනාදි 33, ශෙහාර දෙව්තිළිණ 65, හිතේෂ් රුවන්ද 53, රිද්ම බාෂික 28, දුල්සත් නිම්විරු 6/47, ඔෂධ දේවින්ද 4/48 
  • සාන්තඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 232 (62.0) විනෝද් දනුශ්ක 48, සෙවිත දුල්මාල් 67, දුල්සත් නිම්විරු 22, විනුද රවිශාන් 22, රිද්ම බාශික 4/69, විශ්මිත සරෝජ් 2/40, ආකාශ් තේජක 2/16, කවිඳු විහඟ 2/14  
  • සාන්තඅන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 175 (58.0) ශෙහාර දෙවිතිළිණ 36, හිතේෂ් රුවන්ද 37, කවිඳු විහඟ 35, හෆීස් ජුන්කීර් නොදැවී 39, දුල්සත් නිම්විරු 3/38  

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත ඇලෝසියස් විද්‍යාලයට.)  

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය බෝයගනේ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Tier B) 

කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 266 (78.5) මහීෂ මිහිදුම් 44, නිශල් රශ්මික 82, මහීෂ සිතුම් 55, අශේන් සත්සර 35, නිමේෂ සිල්වා 7/104 
  • සාන්තසිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (62.5විදුසර ගනේගොඩ 32, පියුමක කරුණාරත්න 30, ආදිත්‍ය රණමුකගේ 27, ප්‍රභාගරන් ඉෂාන් 54, ඉෂික ප්‍රමෝද් නොදැවී 40, දම්සිත් සුභාෂන් 6/60 
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 173 (48.1) මහීෂ මිහිදුම් 50, මහීෂ සිතුම් 57, චමත් කවීශ 26, නිමේෂ සිල්වා 5/64 
  • සාන්තසිල්වෙස්තර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 13 (4.0) දම්සිත් සුභාෂන් 2/03 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට.)  

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී. (Traditional)  

කාසියේ වාසිය – සානත් ජෝසප් විද්‍යාලය 

  • සාන්තඅන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (64.5) කවිඳු උඩගෙආරච්චි 50, කෞෂික කුමාරසිංහ 54, නුශාන් පෙරේරා 3/84, විශ්ව පීරිස් 6/43 
  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 153 (57.5) රිශ්ම අමරසිංහ 34, චමත් පෙරේරා 34, දිල්ප මදුරංග 28, දිසනු සමරසිංහ නොදැවී 19, දසුන් වැලිඅංග 2/30, රයන් ග්‍රෙගරි 5/69 
  • සාන්තඅන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 177 (38.0) කවිඳු උඩගෙආරච්චි 45, ප්‍රවීන් ගමගේ 30, සදෙව් අමරකෝන් නොදැවී 25, කෞෂික කුමාරසිංහ නොදැවී 60, නුශාන් පෙරේරා 3/101 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත අන්තෝනි විද්‍යාලයට.)


අද (30) ආරම්භ වූ තරග 

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී. (Tier A) 

කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය  

  • ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 102 (37.3) පසිඳු මහීෂ 20, කනිල්ක ඇන්තනී 4/19, දිනාල් ප්‍රනාන්දු 3/04 
  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 228 (42.0)මහේන්ද්‍ර අබේසිංහ 79, පුලීශ තිලකරත්න 32, චනිරු සේනාරත්න 32, ප්‍රවීන් රුකුනායක නොදැවී 55, දිනාල් ප්‍රනාන්දු නොදැවී 19, තිසුම් සස්මිත 3/31 
  •  ලුම්බිණි විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 28 (11.0)  

ලුම්බිණි විද්‍යාලය ලකුණු 98ක් පිටුපසින්.  

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය ගාල්ල, මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A) 

කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය 

  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 200 (56.2) රෙශෝන් සොලමන් 41, ලුදීශ මාතරගේ නොදැවී 69, ආරොන් ද සිල්වා 21, ගිම්හාන් මෙන්ඩිස් 25, සදෙව් නෙත්මිණ 3/38, මානිත රාජපක්ෂ 2/42, අරෝෂ උදයංග 3/50 
  • මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 149 (36.0)දුල්සිත් දර්ශන 48, රන්දුල මාබරණ නොදැවී 66, දිනෙත් පැහැසර 25, අභීත් පරණවිදාන 2/47 

මහින්ද විද්‍යාලය ලකුණු 51ක් පිටුපසින්.  

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<