ජාතික මහා ක්‍රීඩා උළෙල ගැන අවසන් තීරණයකට

181

කොරෝනා වයිරසය නිසාවෙන් කල් දැමුණු ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේ දී පවත්වනවා ද නැතහොත් අවලංගු කරනවා ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා විශේෂ සාකච්ඡාවක්, පළාත් 9 ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (11) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විය.

ගෝමතිගේ දඬුවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට වාසි

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් අමල් අතිරුසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේ දී ජාතික මලල ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන දිස්ත්‍රික් හා පළාත් තරග ඔක්තෝබර් මස 31 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් පොරොන්දු විය.

ඒ අනුව මෙම වසර අවසානයේ දී ක්‍රීඩා උළෙල පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් අමල් අතිසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ මේ වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ දී මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වෙනු ඇති බවයි.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළාත් තරග ජූලි මස 10 වැනිදාට ප්‍රථම අවසන් කිරීමට මින් පෙර සැලසුම් කර තිබුනත්, මෙරට තුළ කොරෝනා වයිරසය පැතිර යාම නිසාවෙන් එම තරග පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමට සිදු වූ අතර නව තීරණයට අනුව එම තරග නොවැම්බර් මාසයට පෙර පවත්වා අවසන් කරනු ඇත.

නෝර්වේ ශූරයාගෙන් ලෝක වාර්තාවක්

මෙවර තරගාවලිය කොළඹ, අනුරාධපුර සහ පොළොන්නරුව යන නගර කේන්ද්‍ර කර ගනිමින් අදියර පහක් යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර තරගාවලියේ අවසන් අදියර සැප්තැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<