නෝර්වේ ශූරයාගෙන් ලෝක වාර්තාවක්

198
Karsten Warholm

කොරෝනා වසංගතය නිසාවෙන් නතර වී තිබූ මලල ක්‍රීඩාව නැවත ආරම්භ කරමින් පැවති “Impossible Games” මලල ක්‍රීඩා තරගාවලියේ දී 300m කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කරමින් එහි ලෝක වාර්තාවක් අලුත් කිරීමට නෝර්වේ ක්‍රීඩක කාර්ස්ටන් වෝහොල්ම් (Karsten Warholm) සමත් විය.

ගෝමතිගේ දඬුවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට වාසි

2019 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 දිවීම ඉසව්වේ රන් පදක්කම

300m කඩුලු පැනීමේ තරගයේ දී තනිව තරග කළ ඔහු එම ඉසව්ව තත්පර 33.78ක කාලයකින් අවසන් කරමින්, 2002 වසරේ දී තත්පර 34.48කින් එම ඉසව්ව නිමා කරමින් බ්‍රිතාන්‍යය ක්‍රීඩක ක්‍රිස් රෝලින්සන් විසින් පිහිටුවා තිබූ වසර 18ක් පැරණි වාර්තාව මෙලෙස බිඳ දැමීමට ඔහු සමත් විය.

වෝහෝල්ම් පසුගිය වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී 400m කඩුලු පැනීමේ ඉසව්ව ද ජය ගැනීමට සමත් වූ අතර මෙම වාර්තාව පිහිටුවීමෙන් පසුව අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් පුහුණුවීම් වලදී තමන්ට එරෙහිවම තරග කිරීමට පුරුදු වී සිටි බවයි.

Photo Story – ඔලිම්පික් සිහිනයට පන පොවන හලාවත දිරිය දියණිය

ඩන්කන්ට් වයිට්ට සහ සුසන්තිකා ජයසිංහට පසුව මෙරට මලල ක්‍රීඩාවට ඔලිම්පික්

නොර්වේ හී ඔස්ලෝ නුවර වාර්ෂිකව පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වූ මෙම මලල ක්‍රීඩා තරගාවලියේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් විශේෂිත නරඹන්නන් කිහිප දෙනෙකුට පමණක් තරග නැරඹීමට අවස්ථාව ලබා දී තිබූ අතර ප්‍රේක්ෂකයන්ගේ අඩුව පිරවීමට කාඩ්බෝඩ් වලින් සෑදූ ප්‍රේක්ෂක රූප ක්‍රීඩාගාරයේ ස්ථාපිත කරන්නට සංවිධායකයින් කටයුතු කර තිබුණි.

Athletics
කාඩ්බෝඩ් වලින් නිර්මාණය කර තිබූ ප්‍රේක්ෂකයන්

සීමිත ඉසව් කිහිපයකින් සමන්විත වූ මෙම තරගාවලියේ 2000m ඉසව්ව නියෝජනය කළ නෝර්වේ ක්‍රීඩක ජේකබ් ඉන්ගේබ්‍රග්ස්ටන් මිනිත්තු 4:50.01ක කාලයකින් එම ඉසව්ව අවසන් කරමින් එම ඉසව්වට අදාළ යුරෝපීය වාර්තාව ද අලුත් කිරීමට සමත් විය.

මලල ක්‍රීඩාව නැවත ආරම්භ කරමින් පැවති මෙම තරගාවලියට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රසාදය හිමි වී තිබූ අතර මීළඟ තරගාවලිය ලෙස “Zurich Inspiration” නම් තරගාවලියක් ජූලි මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<