ගෙවුණු දවස මාර්තු 1 – තික්ෂිල පන්දුවෙන් සහ පිත්තෙන් වැඩ පෙන්වයි

343

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

අන්තර් සමාජ විස්සයි විස්ස තවත් උණුසුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (01) පැවති අතර එහි දී හලාවත ක්‍රිකට් සමාජය, කොළඹ ක්‍රිකට් සමාජය, කෝල්ට්ස්, බී. ආර්. සී, මීගමුව, එස්. එස්. සී, ටැමිල් යූනියන්, මුවර්ස්, ගුවන් හමුදාව, රාගම යන සමාජයන් ජයග්‍රාහීව දිනය අවසන් කර නමුත් යුද හමුදාව හා සැරසන්ස් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මුවර්ස් හා නාවික හමුදා තරගයේ දී සුපේශල ජයතිලක කඩුලු 4ක් දවා ගනිමින් මුවර්ස් කණ්ඩායම කඩුලු 8ක ජයක් ලබා දුන් අතර තික්ෂිල ද සිල්වා අර්ධ ශතකයක් හා කඩුලු 2ක් දවා ගනිමින් හලාවත ක්‍රිකට් සමාජය කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සමත් විය.

කළුතර නගර සමාජය – 140/6 (20): නිලුශාන් නෝනිස් 58*, සුරේෂ් නිරෝෂන් 33, තික්ශිල ද සිල්වා 2/25.

හලාවත ක්‍රිකට් සමාජය – 143/4 (13.2): තික්ෂිල ද සිල්වා 72, සචිත්‍ර සේරසිංහ 44, නිපුන්ක කාරියවසම් 2/18.

සම්පූර්ණ වාර්තාව: රවිඳු සහ තික්ෂිල පිත්තෙන් වැඩ පෙන්වයි


මැසිනෝදයේ ක්‍රිෂාන් සංජුල ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ ඊයේ (01) ආරම්භ වූ එකම තරගයේ දී අතිදක්ෂ පිතිහරඹයක යෙදුණ කඳාන ද මැසිනොද් විද්‍යාලයේ දකුණත් පිතිකරු ක්‍රිශාන් සංජුල මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව ශතකයක් ලබා ගනිමින් ද මැසිනොද් පිටිය අලංකාරවත් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ද මැසිනොද් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර තම පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 342ක් ලබා ගනිමින් ඉනිම අත්හිට විය. පිළිතුරු ඉනිම ලෙසින් පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 81ක් ලබා සිටියහ.

සම්පූර්ණ වාර්තාව: ක්‍රිශාන් සංජුලගෙන් ශතකයක්

දිනයක නිමාව