හොරණ තක්ෂිලා සහ පී. ද. එස්. කුලරත්න සම ශූරයින් වෙයි

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021/22

273

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පෙළ Tier B කොටසේ සම ශූරතාවය දිනා ගැනීමට හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය අද (10) සමත් වුනා.

දිනය පුරාවට ඇදහැලුණු වර්ෂාව නිසාවෙන් කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබූ මේ තරගයේ එකඳු පන්දුවක් හෝ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසාවෙන් තරගාවලියේ කොන්දේසිවලට අනුව තරගාවලියේ ශූරතාවය පාසල් දෙක අතර සමව බෙදීමට තරගාවලි සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පියවර ගත්තා.

ඒ අනුව මේ පාසල් දෙක ලබා ගත් ජයග්‍රහණය වෙනුවෙන් එක් පාසලකට රුපියල් 162,500ක ත්‍යාග මුදල බැගින් එහි දී පිරිනැමුණු සමස්ත ත්‍යාග මුදල් ප්‍රමාණය රුපියල් 325,000ක්.

මෙහි දෙවැනි පෙළ තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගය ඊයේ (9) BRC පිටියේ දී නිමාව දුටු අතර නොකඩවා දෙවැනි වරටත් දෙවැනි පෙළ Tier A ශූරතාවය දිනා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වුනා. එහි දී ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ කඩුලු 7කින් පරාජය වුනේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

තරගාවලියේ ඉදිරි තොරතුරු සහ දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<