“ඒක Jadejaගේ පෞද්ගලික දෙයක්” – චෙන්නායි සුපර් කිංග්ස්

1786
(NDTV)

පසුගිය සිකුරාදා (08) Ravindra Jadeja සිය සමාජ මාධ්‍ය ජාලා පිටුවලින් 2021 – 2022 IPL තරග වාරයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අදාළ සියලු posts මකා දමා තිබුණා.

මේ පිළිබඳව බොහෝ රසිකයින්ගේ අවධානය යොමු වී තිබුණු අතර බොහෝ දෙනා අනුමාන කළේ Jadeja හා CSK අතර තත්වය එතරම් සුබදායක නොවන බවයි.

2022 වසරේ දී Jadeja, CSK කණ්ඩායමේ නායකත්වයට පත් වූ අතර එම තරග වාරයේ දී CSK අසාර්ථක වීම නිසා නැවතත් නායකත්වය Mahendra Singh Dhoni හට ලබා දුන්නා.

ආබාධයක් නිසා Jadeja හට තරග වාරයේ අවසන් භාගය මඟහැරුණු අතර CSK බලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ, “කණ්ඩායම හා ක්‍රීඩකයා අතර කිසිදු ආරවුලක් නොමැති බවයි”.

සමාජ ජාලා වලින් කණ්ඩායම පිළිබඳව තිබුණු පළකිරීම් ඉවත් කිරීම පිළිබඳව ද ඔහු අදහස් දක්වා තිබුණා.

ඒක ඔහුගේ පෞද්ගලික තීරණයක්. අපේ පැත්තෙන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැමදේම හොඳින්. කිසි ප්‍රශ්නයක් නැහැ”, CSK බලධාරියෙක් ANI පුවත් සේවයට පවසා තිබුණා.

2022 IPL තරග වාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් තරගාවලිය අවසන් කළේ 9 වැනි ස්ථානයේයි. Jadeja නායකත්වයෙන් ඉවත් වන විට Super Kings තරග අටකට ක්‍රීඩා කර ඉන් ජයගෙන තිබුණේ තරග 2ක් පමණයි.

එංගලන්තයට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගයේ දී නැවත ජාතික කණ්ඩායමේ අසුනක් වෙන් කර ගත් Jadeja එහි දී ලකුණු 104ක් හා ලකුණු 23 බැගින් රැස් කරගත්තා.

එංගලන්තයට එරෙහිව පළමු විස්සයි විස්ස තරගයට ඔහුව විවේක ගන්වා තිබුණු නමුත් දෙවැනි තරගයට පෙර ඔහු නැවතත් කණ්ඩායම හා එක්ව තිබෙනවා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<