නිපුන්ගේ තුන් ඉරියව් දක්ෂතා ජෝසප් වාස් විදුහලට ජය ගෙනෙයි

445
Singer Schools cricket U17 May 22nd roundup

ශ්‍රී ලාංකේය ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන යාමට අවශ්‍ය ක්‍රිකට් අංකුර සොයා දෙන සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග කිහිපයක්ම දිවයින පුරා ක්‍රීඩාංගණ 5කදී නිමාවට පත්විය.

මුම්බායි තෙවැනි වරටත් කිරුළු පැළඳූ අවසන් පන්දුවේ ජයග්‍රහණය

ඊයේ හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ජය හඬ මධ්‍යයේ තෙවැනි වරටත් අයි.පී.එල් කිරුළ තමන් සතුකර…

එහිදී ජයග්‍රහණ සමඟින් තරගාවලිය ආරම්භ කිරීමට කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර සාන්ත ඇන්තනි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට හැකියාව උදා විය. එමෙන්ම තරගාවලියේ ප්‍රථම ශතකය මහනුවර සාන්ත ඇන්තනි විද්‍යාලයේ ක්‍රීඩක මොහොමඩ් රුක්ෂාන්ගේ පිත්තෙන් වාර්තා විය.

ඉසිපතන විද්‍යාලය සහ තිස්ස විද්‍යාලය අතර තරගය

කොළඹ BRC පිටියේ දී ක්‍රියාත්මක වුනු මෙම තරගය කඩුලු 5කින් පහසුවෙන් ජය ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. ඒ කළුතර තිස්ස විද්‍යාලය පරාජය කරමිනි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් තිස්ස පිතිකරුවන් පන්දුවාර 23යි පන්දු 4ක් අවසානයේ ලකුණු 69කට සීමා විය. පන්දු යැවීමේ දී ඉසිපතනය වෙනුවෙන් අශේන් ජයශාන්ත ලකුණු 11කට කඩුලු 3ක් බිඳ හෙලද්දී තරූෂ පෙරේරා සහ සුදීප අඟුළුගහ කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඒ අනුව ලකුණු 70ක පහසු ඉලක්කය පන්දුවාර 20යි පන්දු 2කදී යථාර්ථයක් බවට පත් කර ගත් ඉසිපතන පිතිකරුවන් ජයග්‍රාහීව තරගාවලිය මුල පිරීමට සමත් විය. කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් අශේන් ගුණවර්ධන නොදැවී ලකුණු 28ක් ලබා ගනිමින් එම ජයග්‍රහණය තව තවත් පහසු කළේය.

තිස්ස මධ්‍ය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 69 (පන්දුවාර 23.4): කෝසල ද සිල්වා 21, අශේන් ජයශාන්ත 3/11, තරූෂ පෙරේරා 2/03, සුදීප අඟුළුගහ 2/23.

ඉසිපතන විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 73 (පන්දුවාර 20.2): අශේන් ගුණවර්ධන 28*, රමේෂ් මධුසංක 2/10.


සාන්ත ඇන්තනි විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

මහනුවර දී ක්‍රියාත්මක වුනු මෙම තරගයෙන් ලකුණු 159ක ජයක් හිමි වූයේ මහනුවර සාන්ත ඇන්තනි විද්‍යාලයටයි. පන්දුවාර 48කට කෙටි වුනු මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් සාන්ත ඇන්තනි පිතිකරුවන් කඩුලු 5කට ලකුණු 302ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් වැඩි දායකත්වයක් ලැබුණේ පන්දු 170කදී නොදැවී ලකුණු 112ක් රැස් කර ගත් මොහොමඩ් රුක්ෂාන්ගෙනි. ඔහුගේ ඉනිම හතරේ පහර 12කින් වර්ණවත් විය.

ඉතාමත් මන්දගාමී හඹා යාමක නිරත වුනු මාතලේ සාන්ත තෝමස් පිතිකරුවන්ට පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 143ක් පමණි. ඒ වෙනුවෙන් ශෙහාන් අවන්ද්‍ය ලකුණු 30ක් රැස් කරද්දී තරංග රාජපක්ෂ නොදැවී ලකුණු 28ක් රැස් කළේය. නමුත් මේ කිසිවෙකුටත් අවශ්‍ය කරන ලකුණු වේගය රඳවා ගෙන සාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි නොවීය.

සාන්ත ඇන්තනි විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 302 (පන්දුවාර 48): මොහොමඩ් රුක්ෂාන් 112*, කල්හාර සේනාරත්න 32*, මොහොමඩ් කමිල් 31, තීක්ෂ ගුණසිංහ 30, තමාශන අබේකෝන් 23.

සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 143 (පන්දුවාර 48): ශෙහාන් අවන්ද්‍ය 30, තරංග රාජපක්ෂ 28*, විසල් ඒකනායක 22, තමාශන අබේකෝන් 2/18.


සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ සාන්ත සේවියර් විද්‍යාලය අතර තරගය

පැරබෝලා න්‍යායට අනුව වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 12ක ජයක් හිමිවුණු මෙම තරගය වෙන්නප්පුව ප්‍රදේශයේ දී ක්‍රියාත්මක විය. ඔවුන් හමුවේ පරාජය ලැබුවේ මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජෝසප් වාස් පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 233ක් රැස් කළහ. ඉතාමත් දක්ෂ අයුරින් පිත්ත හැසිරවූ නිපුන් ධනංජය ලකුණු 73යි. පන්දු යැවීමේ දී පූර්ණ, දුලාජ් සහ යොහාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹායමින් සිටි මාරවිල සාන්ත සේවියර් විදුහල් පිතිකරුවන් කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා සිටිය දී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. සේවියර් විද්‍යාලය වෙනුවෙන් රවිඳු, සිතුම් සහ ශෙහාන් ලකුණු 30 බැගින් රැස් කළහ. මෙම තරගය තමන්ගේ නමින් ලියා ගත් නිපුන් ධනංජය පන්දුවෙන් ද සුපිරි දක්ෂතා දක්වමින් ලකුණු 41කට කඩුලු 5ක් දවා ගනිමින් ජෝසප් වාස් විද්‍යාලයට ජයග්‍රහණයේ මාවත පෙන්වීය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 233 (පන්දුවාර 50): නිපුන් ධනංජය 73, යොහාන් පීරිස් 30, පූර්ණ යසස් 2/29, දුලාජ් අශේන් 2/43, ‍යොහාන් පෙරේරා 2/48.

සාන්ත සේවියර් විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 139 (පන්දුවාර 24): රවිඳු අංජන 30, සිතුම් සංජන 30, ශෙහාන් දිනූෂ 30, පූර්ණ යසස් 24*, නිපුන් ධනංජය 5/41, ඉසුරු ප්‍රනාන්දු 2/17.


ද මැසිනොද් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර තරගය

කඳානේ දී ක්‍රියාත්මක වුනු මෙම තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට වර්ෂාව හරස් විය. මුලින් පන්දුවට පහර දුන් ද මැසිනොද් විද්‍යාලයීය පිතිකරුවන් පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 181ක් රැස්කර ගත්හ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු ප්‍රවීන් ජූඩ් ලකුණු 36යි. නඳුන් ඩිල්ශාන් සහ නෙවිශ්ක රොද්‍රිගෝ පිළිවෙළින් ලකුණු 25 සහ 23 බැගින් රැස් කරමින් යම් ආරම්භයක් ලබා ගත්ත ද එය දැවැන්ත ඉනිමක් බවට පරිවර්තනය කිරීමට රාජකීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවීය. සාලිය ජූඩ් ලකුණු 22යි.

පන්දු යැවීමේ දී පාන්දර රාජකීය විද්‍යාලය වෙනුවෙන් චමත් දමයන්ත ලකුණු 3කට කඩුලු ද්විත්වයක් බිඳ හෙලීය. මීට අමතරව ප්‍රසන්න පුෂ්පකුමාර සහ දිලින සුදාරක කඩුලු 2 බැගින් දවා ගන්නට සමත් වූහ. ද මැසිනොද් විදුහල් ඉනිමෙන් අනතුරුව වර්ෂාව ඇද හැලුණු බැවින් නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි වූ නිසා පානදුර රාජකීය විද්‍යාලයට එකදු පන්දුවකට හෝ පහර දීමට හැකි නොවීය. එබැවින් තරගය නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි.

ද මැසිනොද් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 181 (පන්දුවාර 44.4): ප්‍රවීන් ජූඩ් 36, නඳුන් ඩිල්ශාන් 25, නෙවිශ්ක රොද්‍රිගෝ 23, සාලිය ජූඩ් 22, චමත් දමයන්ත 2/03, ප්‍රසන්න පුෂ්පකුමාර 2/18, දිලින සුදාරක 2/23.


ගුරුකුල විද්‍යාලය සහ ජනාධිපති විද්‍යාලය අතර තරගය

අතොරක් නැතිව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවුණු මෙම තරගය කෝට්ටේ හිදී ක්‍රියාත්මක විය. මුලින් පන්දුවට පහර දුන් කැළණිය ගුරුකුල විද්‍යාලයීය පිතිකරුවන් වර්ෂාව නිසාවෙන් විනිසුරුවරුන් තරගය නතර කිරීමට තීරණය කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 215ක් රැස් කර ගෙන සිටියහ. ඒ පන්දු වාරයකට ලකුණු 7ක සුපිරි වේගයක් පවත්වා ගනිමිනි.

ශානක මදුශංක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර වර්ෂාව පතිත වන විට නොදැවී ලකුණු 46 සහ 42 බැගින් රැස් කර ගෙන සිටි ඉමන්ත ශෙහාන්ට සහ ලක්ෂාන් සසංකට තම අර්ධ ශතකයන් කරා යාමට ඉඩ ප්‍රස්ථාවක් උදා නොවීය. ඒ නැවතත් තරගය ආරම්භ කිරීමට ඉඩකඩක් නොලැබුණු බැවිනි. තිමිර නයනතරු ලකුණු 42යි. බිඳ වැටුණු කඩුලු දෙකම දමිඳු නෙළුම්දෙණියට හිමි විය.

ගුරුකුල විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 215 (පන්දුවාර 30.5): ශානක මදුශංක 52, ඉමන්ත ශෙහාන් 46*, ලක්ෂාන් සසංක 42*, තිමිර නයනතරු 42, දමිඳු නෙළුම්දෙණිය 2/20.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට