සමාජශාලාවේ සිදුවීම ගැන ඉන්දීය ක්‍රීඩකයා කනස්සල්ලෙන්

197

ඉන්දීය සුපිරි පිතිකරු Suresh Raina පසුගිය දා මුම්බායි හි සමාජශාලාවක දී අත්අඩංගුවට පත්වීම බොහෝ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඉන්දියාව තුල පවතින දැඩි සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් Suresh Raina ඇතුළු පුද්ගලයන් 34 දෙනෙකු එහි දී අත්අඩංගුවට පත්ව තිබුණි.

කෙසේ වෙතත් එදිනම ඔහු ඇප මත මුදාහැරීමට මුම්බායි පොලිසිය කටයුතු කර තිබුණි. මුම්බායි ගුවන්තොටුපොළ අසල ඇති Mumbai Dragonfly නම් සමාජශාලාවේ දී Suresh Raina සහ ජනප්‍රිය ගායකයෙකු වන Guru Randhawa ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව තිබුණි.

මීට දින කීපයකට පෙර එංගලන්තයේ ලන්ඩන් නගරය ආශ්‍රිත ප්‍රදේශය තුල පැතිර ගිය කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය නිසා බොහෝ රටවල් සිය සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාපටිපාටීන් දැඩි කරමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව ද සිය නීතිරීති දැඩි කරමින් තිබෙන අතර ඒ අනුව මහාරාශ්ට ප්‍රාන්තය විසින් පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රි 11 සිට උදෑසන 6 දක්වා බලපැවැත්වෙන ඇඳිරි නීතියක් පනවා තිබුණි. එම නීතිවලට අනුව සමාජශාලා තුල පුද්ගලයන් රැඳී සිටීම තහනම් වේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුල Mumbai Dragonfly සමාජශාලාව තුල Suresh Raina ඇතුළු පිරිස රැඳී සිට තිබෙන අතර ඒ අනුව පසුගිය අඟහරුවාදා උදෑසන ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම සිදුවීම සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය විශේෂ ප්‍රකාශයක් ද සිදු කර තිබුණි.

කෙසේවෙතත් ඇප මත මුදාහැරීමෙන් අනතුරුව Suresh Rainaගේ කළමනාකරු මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති අතර එහි දී ඔවුන් පවසා ඇත්තේ මහාරාශ්ට ප්‍රාන්තය විසින් නිකුත් කළ නව නීති පිළිබඳව ඔවුන් දැනුවත්ව නොසිටි බවයි. එම සිදුවීම සිතා මතා සිදු කළ එකක් නොවන බව ද, ඒ සම්බන්ධයෙන් කනගාටු වන බව ද ඔවුන් පවසා තිබේ.

“Suresh Raina යම් නිරූපන කාර්‍යකට මුම්බායි වෙත පැමිණ තිබුණා. ඒක ඉවර වෙන්න ටිකක් පරක්කු වුනා. එහි දී තමයි ඔහුගේ මිතුරෙක් ඔහුට රාත්‍රි කෑමකට ආරාධනා කරලා තිබුණේ. Suresh Rainaගේ බලාපොරොත්තුව වුනේ ඒකට ගිහින් පසුදා උදෑසනම නැවත දිල්ලි වලට එන්න. ඔහු ඇත්තෙන්ම මේ නීති ගැන දැනගෙන හිටියේ නැහැ.”

මේ නීති පිළිබඳව පොලිසිය පසුව ඔහුව දැනුවත් කරලා තිබුණා. ඒ වෙලාවේ ඔහු එහි සම්පූර්ණ වැරැද්ද භාරගත්තා. ඒ වගේම පොලිසියේ කටයුතුවලට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඔහු කනගාටු වෙනවා මේ සිදුවීම සම්බන්ධයෙන්.”

Suresh Raina 2005 වසරේ සිට 2018 වසර දක්වා ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළේය. 2018 නිදහස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Chennai Super Kings නියෝජනය කරන ඔහු මෙවර තරගාවලියෙන් ඉවත්වූයේ පෞද්ගලික හේතූන් මතය.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<