තියුණු සටනක් අවසානයේ Red Bull සරසවි කුසලානය දකුණු අප්‍රිකාවට!

82

ලොව පුරා විසිරී පැතිරුණු උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් ඒකරාශී වීමෙන් වාර්ෂිකව පැවැත්වෙන Red Bull Campus Cricket තරගාවලියේ මෙවර ශූරතාවය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) දිනයේ දී සමත් විය. ඒ අවසන් මහා තරගයේ දී පාකිස්තානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමිනි.

T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජය නෙදර්ලන්තයට!

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ…

මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති අතර අනුශූරතාවය දිනාගත් පාකිස්තානු කණ්ඩායම අවසන් මහා තරගය වෙනුවෙන් අවස්ථාව දිනා ගත්තේ ගියවර ශූරයින් වූ ශ්‍රී ලංකා පිළ ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව ලකුණු 9කින් පරාජයට පත් කරමිනි. නමුත් අවසන් තරගයේ දී ඔවුන්ට දකුණු අප්‍රිකානුවන් මෙල්ල කිරීමට නොහැකි වූ නමුත් ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් ලබා දීමට ඔවුන් සමත් විය.

ඩුබායි හිදී මෙම අවසන් මහා තරගය ඇරඹෙන්නේ පාකිස්තානු කණ්ඩායමට කාසියේ වාසිය හිමිකර දෙමිනි. ඒ අනුව ධනාත්මක මානසිකත්වයකින් යුතුව පිතිකරණය තෝරා ගත් ඔවුන් පන්දුවාර 15.5 අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 100ක් වාර්තා කර ගත්හ. ඒ වෙනුවෙන් ශසාර් හසාර් ප්‍රවේගකාරී ලකුණු 45ක් ලබා ගත්තේ පන්දු 25ක් තුලදීයි. ඔහු සත්වැනි පන්දුවාරයේ දී දැවී යන්නේ රුවාන් ඩි ස්වැඩ්ගේ පන්දුවක් හමුවේයි.

මීට අමතරව මොහොමඩ් අර්සාලන් තරමක් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 17ක් ලබා ගත්තේ පන්දු 22ක් වැය කරමිනි. තමන් ක්‍රීඩා කළ පන්දු ගණනට සමාන ලකුණක් රැස් කරගත් මොහොමඩ් අසාඩ් දැවී ගියේ ලකුණු 14දීයි. අනර්ඝ පන්දු යැවීමක යෙදුනු රුවාන් ඩි ස්වැඩ් පාකිස්තානු පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් කඩුලු 5ක් බිඳ දැමීය. ඒ අතර ඔහු ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 12ක් පමණි.

ආනන්ද විද්‍යාලයට හා රිච්මන්ඩ් විද්‍යාලයට වැඩි වාසි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (2)…

මෙම ඉලක්කය හඹා යාමේ අටියෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිළේ කඩුලු ද්විත්වයක්ම පළමු පන්දුවාරයේ දීම බිඳ දැමීමට මොහොමඩ් අසාඩ්ට හැකිවිය. ඒ දෙපිළටම තරගය විවෘත කර දෙමිනි. අනෙක් අන්තයෙන් පන්දු යැවීම ඇරඹූ මොහොමඩ් ශයිෆුල්ලා ද පාකිස්තානය ලබාගත් රිද්මය අඛණ්ඩව රඳවා ගනිමින් තවත් කඩුල්ලක් දවා ගත්තේය. ඒ අනුව පන්දුවාර 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ගිය දකුණු අප්‍රිකානුවන් ලබා සිටියේ ලකුණු 23ක් පමණි.

නමුත් අවසන් මොහොත දක්වා සටන අත් නොහැරි ජන්ද්‍රෙ ප්‍රිටෝරියස් සහ ආරෝන් විසර් සයවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් මෙවර ශූරතා කුසලානය තම මව් රටට දිනා දීමට සමත් වූහ. තරගය අවසන් වෙද්දී ප්‍රිටෝරියස් පන්දු 41කට සහ විසර් පන්දු 21කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 36 බැගින් ලබා සිටියහ. 

චන්ද්‍රගුප්තගේ සටන්කාමී පිතිකරණයෙන් ජය හේලීස්ට

27 වැනි වරට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (02)…

මෙවර Red Bull ක්‍රිකට් තරගාවලිය මුල් වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කොට ගනිමින් පැවති අතර බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය මෙන්ම සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද තරගාවලිය සඳහා සහභාගි විය. වසරින් වසර උණුසුමින් වැඩි වන මෙම තරගාවලිය මෙවර ක්‍රියාත්මක වූයේ 8 වැනි වරටයි.

පාකිස්තානය – සියල්ලන්ම දැවී ලකුණු 100 (පන්දුවාර 15.5)

ශසාර් හසාර් 45, මොහොමඩ් අර්සාලන් 17, මොහොමඩ් අසාඩ් 14, රුවාන් ඩි ස්වැඩ් 5/12, රුබෙන් ටෘම්පෙල්මන් 2/17.

දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී ලකුණු 101 (පන්දුවාර 15.5)

ජන්ද්‍රේ ප්‍රිටෝරියස් 36*, ආරෝන් විසර් 36*, මොහොමඩ් ශයිෆුල්ලා 2/26, මොහොමඩ් අලි 2/14.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<