සමාජශාලාවේ යකා නැටූ ඉන්දීය ක්‍රීඩකයාට වැඩ වරදී

359
Suresh Raina arrested

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Suresh Raina මුම්බායි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ මුම්බායි නුවර ගුවන් තොටුපල ආසන්නයේ ඇති Mumbai Dragonfly නමැති සමාජශාලාවේ දීය.

ඉන්දීය පිතිකරු Suresh Raina මෙලෙස අත්අඩංගුවට පත් වීම සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය ප්‍රකාශයක් සිදු කර තිබෙන අතර එහි දී ඔවුන් පවසා සිටියේ අදාළ සමාජශාලාව විවෘත කර තැබීමට අවසර ලබා දී ඇති කාලසීමාවට වඩා වැඩි වේලාවක් විවෘත කර තබා ගැනීමට උත්සාහ කිරීම සහ කොරෝනා වයිරසය හමුවේ මුම්බායි නගරයට පනවා ඇති සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

තවත් ක්‍රිකට් පුවත්: 

Suresh Raina අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහැර තිබෙනවා. India Today පුවත්පත මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සපයා තිබුණු අතර එම පුවත්පත වාර්තා කර තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවයි. එයට ජනප්‍රිය ගායකයෙකු වන Guru Randhawa සහ හෝටල් කාර්‍යමණ්ඩලයේ හත් දෙනෙකු ද ඇතුළත්ය. 

මුම්බායි පොලිස් වාර්තා අනුව ක්‍රිකට් ක්‍රීඩක Suresh Raina ඇතුළු පුද්ගලයින් 34 දෙනා හට එරට නීතියට අනුව 188, 269 වන වගන්ති යටතේ නඩු පවරා ඇත.

එමෙන්ම කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති නීතිවලට අනුව වයිරසය පැතිරවීමට උත්සාහ කිරීමට අනුබල දීම යන චෝදනා ද ඔහුට එල්ල වී තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් Suresh Raina තවමත් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<