ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට

258

නේපාල පා දඟපන්දු යවන ක්‍රීඩක Sandeep Lamichhane හට විදෙස් ගත වීම වළක්වමින් නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ළමා අපචාර චෝදනාවක් නිසා ඔහුට එම තහනම පනවා තිබූ අතර තහනම ඉවත් වීමත් සමඟ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නේපාලය, පැපුවා නිව්ගිනියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

දූෂණ චෝදනාව නිසා ඔහුට මීට පෙර ක්‍රිකට් තහනමක් ද පනවා තිබූ නමුත් එය ඉවත් කිරීමට නේපාල ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීමෙන් පසු ඔහු පසුගිය දා නිමාවට පත් වූ නැමීබියාව සහ ස්කොට්ලන්තයට එරෙහි තරගාවලිය ද ක්‍රීඩා කළා.

Sandeepගේ තහනම ඉවත් කිරීමත් සමඟ ඔහු නේපාල කණ්ඩායම සමඟ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇති අතර ඔවුන්ට 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුවහොත් නැමීබියාවේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කිරීමට සිදු වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට නේපාලයට හැකි වූ අතර ඔවුන් සිම්බාබ්වේ හී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට තේරී පත්වීමට නම් ඉතිරි තරග හතෙන් හයක් ජයග්‍රහණය කළ යුතු වෙනවා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<