හිටපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස්දෙනෙකු Asia Lions කණ්ඩායමට

Legends League ලීග් ක්‍රිකට් තරගාවලිය 2023

1548

කටාර් හී පැවැත්වීමට නියමිතව ඇති Legends League ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන Asia Lions කණ්ඩායමට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු එක්ව ඇති බව කණ්ඩායම් නිලධාරීන් නිවේදනය කළා.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් වන තිලකරත්න ඩිල්ෂාන්, තිසර පෙරේරා, උපුල් තරංග සහ වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ඩිල්හාර ප්‍රනාන්දු සහ ඉසුරු උදාන එලෙස Asia Lions කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩකයින් වෙනවා.

පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් වන Shahid Afridi, Shoaib Akhtar සහ Misbah-ul-Haq යන ක්‍රීඩකයින් ද මෙම කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්.

තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් ඇතුළත් වන අතර ලෝක කණ්ඩායම සඳහා Chris Gayle, Eoin Morgan, Brett Lee, Jacques Kallis සහ Ross Taylor වැනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් පෑ ක්‍රීඩකයින් රැසක් ඇතුළත්.

අනෙක් කණ්ඩායම වන India Maharajan’s සඳහා Robin Uthappa, Sreesanth සහ Irfan Pathan යන ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයින් නැවත ක්‍රීඩා පිටියේ දක්නට ලැබෙන මෙම ලීග් තරගාවලිය මාර්තු 10 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<