Crusaders පෙරමුණට. Highlanders තෙවන තැනට

139

Super Rugby Aotearoa 2020 තරගාවලියේ සිව්වැනි සති අන්තයෙහි ආරම්භය සනිටුහන් කරමින් අද (04) ක්‍රියාත්මක වූ තීරණාත්මක තරගයෙන් සත්කාරක Highlanders පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් අත්පත් කරගැනීමට Coddie Taylor ප්‍රමුඛ අපරාජිත Crusaders සමත් විය. තරගය අවසන් වන විට ලකුණු පුවරුව දිස්වූයේ 20-40ක් ලෙසිණි.

HSBC සත් සාමාජික රග්බි කිරුළ නවසීලන්තයට

HSBC ලෝක රග්බි සත් සාමාජික රග්බි තරගාවලිය සමාප්ත කරමින් 2020 තරගාවලියේ ශූරතාව නවසීලන්තයට…

ඉකුත් සතියන්හී සහභාගී වූ සියලුම තරග ජයග්‍රාහී සටහනකින් නිමා කළ ප්‍රබල Crusaders කණ්ඩායම අද තරග බිමට පිවිසුණේ තම අපරාජිත වාර්තාව කෙසේ හෝ රැකගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමේ අරමුණෙනි. පසුගිය සතිඅන්තයේ දී Blues හමුවේ  ලද පරාජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පසුබැසි Highlanders ද තරගයට අවතීර්ණ වූයේ සත්කාරක කණ්ඩායමේ වාසිය ද තමන් සතු කරගනිමිනි.

සුපුරුදු රිද්මයට අනුගත වීමට වැඩි කාල වේලාවක් නොගත් Crusaders ක්‍රීඩකයින් ප්‍රථමයෙන්ම ලකුණු පුවරුවට ජීවය එක්කිරීමේ ගෞරවය තමන් සතු කරගත්තේ උදා වූ දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් පා කර හරිමිනි. (Crusaders 03 – 00 Highlanders)

ඉන් අනතුරුව දිගින් දිගටම ප්‍රතිවාදී ආරක්ෂක වැට බිද දමමින් ඉදිරියට ඇඳීමට උත්සාහ කළ Crusaders ඉදිරිපෙළෙහී වෑයම සාර්ථක කරමින් Will Jordon ධවල රේඛාව අභිබවා දිව ගියේ තම කණ්ඩායමේ ලකුණු තත්වය තවදුරටත් ඉහළ නංවාලමිනි. අසීරු කෝණයකින් ලැබුණු එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීම Mo’unga අපොහසත් විය. (Crusaders 08 – 00 Highlanders)

ලෝක කුසලානය දිනූ පුහුණුකරු ගැන හෙළිදරව්වක්

ජපානයේ පැවැත්වුණු 2019 රග්බි ලෝක කුසලානය රග්බි තරගාවලිය ජය ගත් දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ…

Crusaders ප්‍රහාරයන් හමුවේ තරමක් පසුබැස සිට Highlanders ක්‍රීඩකයින් පැමිණ සිටි සියල්ලන්ම මවිත කරමින් අපූර්ව උත්සාහක දිනුමක් වාර්තා කළේය. නායක Smith සමඟ එක්වෙමින් ප්‍රතිවාදී ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉතා පහසුවෙන් මුලා කර Shannon Frizell එම අගනා උත්සාහක දිනුම වාර්තා කරද්දී ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට Mitch Hunt සමත් විය. (Crusaders 08 – 07 Highlanders)

Smith, Thompson සුසංයෝගය එක්ව නැවත වතාවක් Highlanders ඉහළින් ඔසවා තැබුවේ ඔවුන්ගේ වේගවත් ධාවනයන් උපයෝහී කරගනිමින් පන්දුව ප්‍රතිවාදී ධවල රේඛාව ආසන්නයටම රැගෙන එමිනි. Crusaders ආරක්ෂක වැටෙහි ඇතැම් දුර්වලතා ඉතා පහසුවෙන් හඳුනා ගත් Ngani Punivai ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත්තේ යලිත් වතාවක් ලකුණු පුවරුවෙහි තම අන්තය ක්‍රියාත්මක කරමිනි. උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමේ වෑයම ද සාර්ථක කරගැනීමට Mitch Hunt හට හැකි විය. (Crusaders 08 – 14 Highlanders)

ඉන් අනතුරුව 30 සහ 37 වැනි විනාඩිවල දී ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීම් තම වාසියට හරවා ගත් Crusaders ක්‍රීඩකයින් උදා කරගත් දඬුවම් පහර ද්විත්වයෙන් ලකුණු පුවරුවෙහි තම අන්තය පෝෂණය කළේ දෙපිලේම මුළු ලකුණු සංඛ්‍යාව සම තත්වයකට රැගෙන එමිනි.

පළමු අර්ධය නිමා වීමට විනාඩියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී තරගයේ පෙරමුණ නැවත වතාවක් තම කණ්ඩායම සතු කර ගත් Highlanders ක්‍රීඩකයින් විවේක කාලය වෙත ගමන් කළේ Crusaders වඩා ලකුණු ත්‍රිත්වයක් ඉදිරියෙන් සිටිමිනි. (Crusaders 14 – Highlanders 17)

පළමු අර්ධය: Crusaders 14 (1T,3P) – 17 (2T,2C,1P) Highlanders

crusaders දෙවන අර්ධය සඳහා ඔවුන් පිටියට පා තැබුවේ තරමක වෙනස් උපායමාර්ගයන් කිහිපයක් අනුගමනය කරමිනි.

ඉතාමත් ඉවසිලිමත්ව පියවරෙන් පියවර ගොඩනැඟී වාර කිහිපයක් යොදා ගනිමින් පන්දුව ඉදිරියට රැගෙන ආ Crusaders ක්‍රීඩකයින් 50 වැනි මිනිත්තුවේ දී ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කළේය. Tom Christie උත්සාහක දිනුම් රේඛාව පසුකොට යද්දී Mo’unga ප්‍රවර්තන කාර්‍යභාර්‍ය හරියාකරය ඉටු කරන ලදි. (Crusaders 21 – 17 Highlanders)

කාටර්ගේ ආගමනය ගැන හිටපු පුහුණුකරුගෙන් අනාවැකියක්

නව කොරෝනා වෛරසයෙන් පසුව ආරම්භ වූ පළමු ජාත්‍යන්තර රග්බි තරගාවලිය ලෙස නවසීලන්ත සුපර් රග්බි…

දඬුවම් පහරකින් දෙවන අර්ධයේ ලකුණු රැස් කිරීම ඇරඹුවත් එම සතුට වැඩි වේලාවක් සැමරීමට Highlanders ක්‍රීඩකයින් හට ඉඩ ලබා නොදුන් Crusaders කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු වන Sevu Reece පිටියේ වම් පස කෙළවරින් දර්ශනීය උත්සාහක දිනුමක් සම්පූර්ණ කිරීමට සමත් වූයේ ඒත් සමඟිනි. ඉන් අනතුරුව එළඹි විනාඩි 15ක පමණ කාලය තුල දෙපිලේම ක්‍රීඩකයින් කරට කර සටනක් ලබා දෙමින් තරගයේ ජයග්‍රහණය තමන් දෙසට හරවා ගැනීමට දැඩි සටනක් ලබා දෙනු දැකගන්නට හැකි විය. (Crusaders 26 – 20 Highlanders)

කෙසේ නමුත් තරගය අවසන් වීමට විනාඩි පහක පමණක් කාලයක් ඉතිරිව තිබිය දී Highlanders ජයග්‍රාහී සිහින බොඳ කර දැමූ Christie සහ Jordan ඔවුන්ගේ පෞද්ගලික උත්සාහක දිනුම් ගොන්නට තවත් එක් උත්සාහක දිනුම බැගින් එකතුකොට ගත්තේ Crusaders මුළු ලකුණු සංඛ්‍යාව 40ක් දක්වා ඉහළින් ඔසවා තබමිනි. Mo’ungaගේ ප්‍රවර්තන ද්විත්වයේ ලකුණු ද ඒ අනුව අවසන් ලකුණු සටහනට එකතු විය. (Crusaders 40 – 20 Highlanders)

අවසන් ලකුණු තත්වය: Crusaders 40 (5T,3P,3C) – 20 (2T,2C,2P) Highlanders

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Crusaders – Will Jordan (2T), Richie Mo’unga (3P,3C), Tom Christie (2T), Sevu Reece (1T)
  • Highlanders – Mitch Hunt(2C,2P), Shannon Frizell (1T), Ngane Punivai (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<