HSBC සත් සාමාජික රග්බි කිරුළ නවසීලන්තයට

151
International Rugby

HSBC ලෝක රග්බි සත් සාමාජික රග්බි තරගාවලිය සමාප්ත කරමින් 2020 තරගාවලියේ ශූරතාව නවසීලන්තයට ලබා දීමට තීරණය කර තිබේ.

සවිස්තරාත්මක උපදේශන ක්‍රියාවලියකින් පසුව ලැන්ග්ෆර්ඩ්, ලන්ඩන්, පැරිස්, සිංගප්පූරුව සහ හොංකොං හි පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා හා පිරිමි HSBC ලෝක සත් සාමාජික රග්බි තරගාවලියේ සෙසු තරග වට අවලංගු කර ඇත. COVID-19 වසංගතයේ අඛණ්ඩ හා දරුණු ගෝලීය ස්වභාවය හේතුවෙන් මෙම තරගාවලිය අවලංගු කිරීමට තීරණය විය.

රග්බි සභාපති සටන උණුසුම් කරමින් උප සභාපති ඉල්යාස් සටනට

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වත්මන් නියෝජ්‍ය සභාපති වන රිස්ලි ඉල්යාස් මහතා තමන් 2020

තරගාවලිය සඳහා සහභාගී වන රග්බි ප්‍රජාවේ සහ පුළුල් මහජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර අදාළ ජාතික රජයන් වල සහ මහජන සෞඛ්‍ය අධිකාරි වල උපදෙස්වලට අනුකූලව මෙම තීරණය ගෙන තිබේ.

2020 වසරට අදාල කාන්තා තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ වට අටෙන් පහක් සහ පිරිමි තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ වට දහයෙන් හයක්ම සාර්ථකව නිමා කිරීමෙන් පසු මෙලෙස තරගාවලිය නිමා කිරීමට සිදු විය. වසංගතය හේතුවෙන් තරගාවලිය අවලංගු කිරීමට පෙර කාන්තා හා පිරිමි කාණ්ඩවල ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි නවසීලන්ත කාන්තා හා පිරිමි කණ්ඩායම් වලට ශූරතාවය ලබා දී ඇත.  

කාන්තා තරගමාලාවේ නිමා වූ වට පහෙන් හතරකම ජයග්‍රහණය දිනා ගැනීමට නවසීලන්ත බ්ලැක් ෆර්න්ස් (Black Ferns) කණ්ඩායම සමත් විය. නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත් සාමාජික පිරිමි රග්බි කණ්ඩායම එම කාණ්ඩයේ අවසන් වූ වට හය තුළ ශූරතා 3ක් ජයග්‍රහණය කර තිබේ. එම වට හය තුල දී අවස්ථාවන් පහක දී ම ඔවුහු මුල් ස්ථාන 3 තුල රැඳී සිටියහ. 

ඔලිම්පික් ශූර ඕස්ට්‍රේලියාව කාන්තා තරගාවලියේ දෙවන ස්ථානයට පත්විය. එහි තෙවැනි ස්ථානය කැනඩාවට හිමි විය. පිරිමි තරගාවලියේ දී 2018 ශූරයන් වන දකුණු අප්‍රිකාව සමඟ දෙවන ස්ථානයත්, 2019 වසරේ ශූරයන් වූ ෆීජි කණ්ඩායම තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් විය. 2020 තරගාවලිය නිමා වූව ද කාන්තා හෝ පිරිමි කාණ්ඩයෙන් කිසිදු කණ්ඩායමක් ඉවත් කිරීමක් සිදු නොවේ.

ලෝක කුසලානය දිනූ පුහුණුකරු ගැන හෙළිදරව්වක්

ජපානයේ පැවැත්වුණු 2019 රග්බි ලෝක කුසලානය රග්බි තරගාවලිය ජය ගත්

 2020 HSBC සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් ශ්‍රේණිගත කිරීම් පහත දැක්වේ.

ස්ථානය පිරිමි  කාන්තා
1 නවසීලන්තය  නවසීලන්තය 
2 දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාව
3 ෆීජි කැනඩාව
4 ඕස්ට්‍රේලියාව  ප්‍රංශය 
5 එංගලන්තය  ඇමරිකාව
6 ප්‍රංශය  රුසියාව 
7 ඇමරිකාව ෆීජි
8 කැනඩාව එංගලන්තය 
9 ආජන්ටිනාව ස්පාඤ්ඤය 
10 අයර්ලන්තය  අයර්ලන්තය 
11 ස්කොට්ලන්තය ජපානය
12 කෙන්යාව බ්‍රසීලය
13 සැමෝවා චීනය
14 ස්පාඤ්ඤය දකුණු අප්‍රිකාව
15 වේල්සය
16 ජපානය

COVID-19 වසංගතය හේතුවෙන් HSBC ලෝක රග්බි සත් සාමාජික රග්බි අභියෝගතා තරගාවලියේ පිරිමි සහ කාන්තා අවසන් ඉසව් ද නොපැවැත්වෙනු ඇත. ලොව පුරා  විශේෂයෙන් නැගී එන රටවල සත් සාමාජික රග්බි කණ්ඩායම්වල දියුණුව සඳහා මෙම අහියෝගතා මාලාව මේ වසරේ දී ලෝක රග්බි සම්මේලනය විසින් දියත් කරන ලදි. 

සත් සාමාජික රග්බි වඩාත් ප්‍රචලිත කිරීම සඳහා මෙම අරමුණ ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස පවතින අතර, එම තරගාවලියෙන් ඉහළට පැමිණෙන කණ්ඩායම්වලට ලෝක රග්බි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

සමාරම්භක ඉසව් දෙකෙන් පසුව ජපානයට ආරම්භක පිරිමි අභියෝගතා කාණ්ඩයේ ශූරතාව හිමි විය. 2020 වසරේ දී චිලී සහ උරුගුවේ හිදී පැවති වට දෙකේ දී රන් හා ලෝකඩ පදක්කම් හිමිකරගත් ජපානය ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටියි.  ජපානය 16 වන කණ්ඩායම ලෙස HSBC ලෝක රග්බි සත් සාමාජික තරගාවලියට 2021 වසරේ දී එක්වනු ඇත.

ආරම්භක අභියෝගතා කාණ්ඩයේ කාන්ත ඉසව්ව මෙම වසරේ මාර්තු 28 හා 29 දකුණු අප්‍රිකාවේ ස්ටෙලන්බොෂ් හි පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් වසංගතයේ බලපෑම නිසා එම තරගාවලිය පැවැත්වීමට නොහැකි වූ බැවින් මේ වසරේ කාන්තා කාණ්ඩයට කිසිදු ප්‍රවර්ධනයක් සිදු නොවනු ඇත.

මෙම සංශෝධනවල ප්‍රතිඵලයක් ලෙස, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා සඳහා සහභාගී වන කණ්ඩායම් තීරණය කිරීම සඳහා 2021 වසරේ තරගාවලියේ ප්‍රතිඵලය සලකා බැලීමට තීරණය කර තිබේ. 2021 ජූලි මාසයේ දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වන විට වර්තමාන ආකෘතියේ වඩාත් ශක්තිමත් හා නිරවද්‍ය නියෝජනයක් සැපයීම ලෝක රග්බි සම්මේලනයේ අරමුණ වී ඇත.  

ක්‍රීඩාලෝලීන් හඬවමින් මෙලොව හැර ගිය ක්‍රීඩා තරු

මානසික ආතතිය සහ විෂාදය වැනි මානසික තත්වයන් සෑම පුද්ගලයෙකුට මෙන්ම ක්‍රීඩා

මෙම තීරණය සම්බන්ධයෙන් ලෝක රග්බි සම්මේලනයේ සභාපති ශ්‍රීමත් බිල් බියුමාන්ට් මහතා අදහස් දක්වා තිබුණි.

“ගෝලීය COVID-19 වසංගතය හේතුවෙන් මෙම තරගාවලියේ ඉතිරි තරග වට අවලංගු කිරීමට සිදුවීම ක්‍රීඩකයින්, රසිකයන්, සංවිධායකයින් සහ සම්බන්ධ සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරවන දෙයක්. නමුත් රග්බි ප්‍රජාවේ සහ පුළුල් සමාජයේ සෞඛ්‍යය හා යහපැවැත්ම අපේ  අංක එකේ ප්‍රමුඛතාවයයි.”

“සත් සාමාජික රග්බි කියන්නේ අපගේ ක්‍රීඩාවේ සුවිශේෂී අංගයක්. විශේෂයෙන් නැගී එන රටවල ගෝලීය වර්ධනයේ ප්‍රධාන සාධකය මේ සත් සාමාජික තරගාවලි. එය දියුණු කිරීම අපගේ සංවිධානයේ ප්‍රමුඛතාවයක්. අපි මේ වසංගතය අවසානයේ ක්‍රීඩා කළ හැකි වටපිටාවක් තුල 2021 වසර පිළිබඳව බලාපොරොත්තුවකින් ඉන්නවා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සමඟින් සත් සාමාජික රග්බි ක්‍රීඩකයන්ට 2021 වසර ඉතා ආකර්ෂණීය වසරක් වේවි.” 

අවලංගු කරන ලද HSBC ලෝක සත් සාමාජික රග්බි තරගාවලියේ 2020 තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගත් ප්‍රේක්ෂකයන්ට ලැන්ග්ෆර්ඩ්, ලන්ඩන්, පැරිස්, සිංගප්පූරුව සහ හොංකොං හි අදාළ සංවිධායකයින් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දී තිබේ.

HSBC ලෝක සත් සාමාජික රග්බි තරගාවලියේ 2021 තරගාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<