මගේ Role Modelsලා තමයි සංගා සහ හේරත්

119

දකුණු අප්‍රිකාවේ ඉන්දීය තරග සංචාරය පසුගිය බදාදා (2) ආරම්භ විය. මෙම තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇතුළත් වූ නවක තුන් ඉරියව් ක්‍රීඩකයා වන සේනුරාන් මුත්තුසාමි පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ. ඒ ඔහුගේ මව්පියන් ඉන්දියානු ජාතිකයන් වීම නිසාවෙනි. 

ආසියානු නැගී එන කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය

පළමු වතාවට පැවැත්වීමට නියමිත 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කර තිබේ….

තම මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය ඉන්දියාවේ දී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳව අතිශයින් සතුටු වන බව සේනුරාන් පවසා ඇත. 

සේනුරාන්ගේ මව්පියන් ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට දකුණු අප්‍රිකාව බලා සංක්‍රමණය වී ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. 25 හැවිරිදි සේනුරාන් පසුගිය වසරේ දී දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා ද එක්ව සිටියේය. දකුණු අප්‍රිකාවේ ඉපිද හැදී වැඩුණ ද තම පවුල දකුණු ඉන්දීය පවුලක් ලෙස ජීවත් වන බව සේනුරාන් පවසා ඇත. 

“අපේ මුල් පරම්පරාව චෙන්නායි වල. මට තවමත් නෑදෑයන් සිටිනවා නාගපට්ටනම් වල. (චෙන්නායි සිට කිලෝමීටර් 300ක පමණ දුරින් පිහිටි නගරයකි). පරම්පරා කීපයක් ගතවෙලා තිබුනත් අපේ සංස්කෘතිය තාමත් ඉන්දියාව වගේ.” මුත්තුසාමි පළමු ටෙස්ට් තරගයට පෙර මාධ්‍ය හමුවේ පවසා සිටියා. 

“මට දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව හිමිවුනාම මගේ මව්පියන් ගොඩක් සතුටු වුනා. ඒ වගේම මගේ මංගල තරගය ඉන්දියාව සමග වීම ගොඩක් විශේෂයි. “

“මම නිවසේ දී යෝගා කරනවා. අපි ඉන්නේ ඩර්බන් වල. එහේ තමයි දකුණු අප්‍රිකාවේ වැඩිම ඉන්දීය ජනගහනයක් ඉන්නේ. අපි නිතරම ආගමික ස්ථානවලට යනවා. මගේ පවුලේ සමහර අය තවමත් දෙමළ කතා කරනවා. මට තවමත් දෙමළ බෑ. නමුත් මම ඉගෙන ගනිමින් ඉන්නවා. “

තම ඉන්දීය ආභාෂය පිළිබඳව අදහස් දක්වමින් සේනුරාන් මුත්තුසාමි පවසා සිටියා. 

දකුණු අප්‍රිකාව නියෝජනය කරන තවත් දඟ පන්දු ‍යවන්නකු වන කේශාව් මහරාජ් ද ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි. මෙවර තරගාවලිය සඳහා විශේෂඥ දඟපන්දු ‍යවන්නෙකු ලෙස ඩෑන් පියඩ්ට් ද ඇතුලත්ව සිටි අතර සේනුරාන් තරගයට ඇතුළත් වීම යම් අවිනිශ්චිත තත්වයක පැවතිනි. 

19න් පහළ කණ්ඩායමත් වෙළඳසේවා ක්‍රිකට්වලට

27 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග සඳහා සිංගර් ආයතනය සිය අනුග්‍රාහකත්වය ලබා දී…

කෙසේ වෙතත් පැවති වියළි කාලගුණය හමුවේ තම සැලසුම් මදක් වෙනස් කිරීමට දකුණු අප්‍රිකාවට සිදු වූ අතර පිතිකරුවෙකු ලෙස ද යොදාගැනීමේ වාසිය නිසාවෙන් සේනුරාන්ට ද කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා විය. 

පළමු පෙළ තරගවල දී ලකුණු 3403 ක් රැස් කර ඇති සේනුරාන් එහි දී පවත්වා ගෙන සිටින සාමාන්‍ය 32.72කි. පන්දු යැවීමේ දී සාමාන්‍ය 28.65ක් ලෙස සටහන් කරගෙන ඇති සේනුරාන් ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 129කි. 

පසුගිය වසරේ දී A කණ්ඩායම සමග කල ඉන්දීය සංචාරයේ දී ආසියානු තත්වවලට මනා ලෙස පුහුණුව ලැබූ සේනුරාන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට වැඩි වාසියක් ගෙන දෙනු ඇත. 

“අපිට සිදු වෙනවා මේ උණුසුම එක්ක ක්‍රීඩා කරන්න. තරගය දිනන්න ලොකු වගකීමක් පැවරෙන්නේ දඟපන්දු ‍යවන්නන්ට. ඔවුන් ඔවුන්ගේ ස්ථාවරත්වය පවත්වා ගත යුතුයි. දකුණු අප්‍රිකාවේ දී මේ තත්වය වෙනස්. එහෙ දී දඟපන්දු ‍යවන්නන්ගේ වගකීම එන්නේ හතරවැනි ඉනිමේ දී”

“මම පිතිකරණය පැත්තෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉන්දියාවේ දී මේ තණතිලිවලට අනුගත වෙන්න අවශ්‍යයි. පන්දුවේ ඉපිලීමේ ගතිය ගොඩක් අඩුයි. අපි reverse swing පන්දුවලට හුරු විය යුතුයි. මම හිතනවා මට ගොඩක් දේවල් ඉගෙන ගන්‍න පුළුවන් වේවි කියලා.” 

සේනුරාන් මුත්තුසාමි තමන් ආදර්ශයට ගන්නා ක්‍රීඩකයන් පිළිබඳව ද මාධ්‍ය හමුවේ පවසා සිටියා. දකුණු අප්‍රිකාවේ ඉපදුණු ඉන්දීය සම්භවයක් සහිත මෙම ක්‍රීඩකයා තම ක්‍රිකට් වීරයන් ලෙස පවසා සිටියේ ඉන්දීය හෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් නොවේ. ඔහුගේ ක්‍රිකට් වීරයන් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව බිහි කළ ලොව විශිෂ්ටතම වමත් දඟපන්දු ‍යවන්නා වන රංගන හේරත් හා ලොව විශිෂ්ටතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාරයි. 

19න් පහළ කණ්ඩායමත් වෙළඳසේවා ක්‍රිකට්වලට

27 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග සඳහා සිංගර් ආයතනය සිය අනුග්‍රාහකත්වය ලබා දී…

“මම ක්‍රීඩා ජීවිතය තුල ආදර්ශයට ගත්තේ කුමාර් සංගක්කාර හා රංගන හේරත්. සංගක්කාරගේ පිතිකරණය, ඔහුගේ ක්‍රිකට් හා ඔහුගේ ක්‍රීඩාවෙන් පිටත ජීවිතයට මම ගොඩක් ආසයි. මම හැමවෙලේම ඔහුව ආදර්ශයට ගන්න උත්සාහ කළා. ඔහු ඇත්තටම විශිෂ්ටයෙක්. මම තවත් ක්‍රීඩකයන් කීපදෙනෙක්ම ආදර්ශයට ගන්නවා. ශකීබ් අල් හසන්, මොයීන් අලී, බිශාන් බෙඩී වගේ අය. ඒත් මම ගොඩක්ම කැමති කුමාර් සංගක්කාරට හා රංගන හේරත්ට.” 

සේනුරාන් මුත්තුසාමි පවසන ආකාරයට ඔහුගේ ප්‍රබලම අවිය වන්නේ කඩුලු ලබා ගැනීමේ හැකියාව හා ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කිරීමේ හැකියාවයි. පළමු පෙළ තරගවල දී ඔහුගේ සාර්ථකත්වයට එය විශාල හේතුවක් වූ බව ඔහු පවසා සිටියා. 

“මම ගොඩක්ම කැමතියි විස්සයි විස්ස තරග ක්‍රීඩා කරන්න ලැබෙනවා නම්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<