ලෝක කුසලානය දිනූ පුහුණුකරු ගැන හෙළිදරව්වක්

349

ජපානයේ පැවැත්වුණු 2019 රග්බි ලෝක කුසලානය රග්බි තරගාවලිය ජය ගත් දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රසී එරස්මස් (Rassie Erasmus) එකී ලෝක කුසලාන රග්බි තරගාවලිය අතරතුර දී දරුණු රෝගයක් සඳහා විකිරණ ප්‍රතිකාර (chemotherapy) ලබා ගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

Investec Super Rugby නැරඹීමට ප්‍රේක්‍ෂකයින්ටත් අවස්ථාව

දකුණු අප්‍රිකාව එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් සිය තුන්වැනි ලෝක කුසලානය දිනා ගත් අතර දකුණු අප්‍රිකානු පුවත්පතක් වන Rapport වාර්තා කර සිටින්නේ ප්‍රධාන පුහුණුකරු Erasmusගේ සෞඛ්‍ය ඒ වන විට දැඩි අවදානම් තත්වයක පැවති බවයි.

47 හැවිරිදි Erasmus පසුව දකුණු අප්‍රිකාවේ රග්බි අධ්‍යක්ෂක ධූරයෙන් පිදුම් ලැබූ අතර 2019 වසරේ මුල් භාගයේ දී ඔහුට ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වන “Microscopic polyangiitis with granulomatosis” නම් රෝගය ඇති බවට හඳුනා ගෙන තිබෙනවා. 

ක්‍රීඩාලෝලීන් හඬවමින් මෙලොව හැර ගිය ක්‍රීඩා තරු

මේ රෝගය මිනිසුන්ගේ පෙනහළු, වකුගඩු මෙන්ම සයිනස් ග්‍රන්ථිවලට ද බලපාන රෝගයක්.

පිළිකාවක් නොවුනත් මෙම රෝගය පුද්ගලයෙකුට ඉතා කලාතුරකින් වැළඳෙන රෝගයක් වන අතර ඒ නිසාම ඔහුට ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාව පුහුණු කිරීමට හැකි වෙයි ද යන්න අවිනිශ්චිත වුනා.

Rapport පුවත්පතට අනුව Erasmus මාර්තු මාසය තෙක් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර වෛද්‍යවරු පවසා ඇත්තේ එම ප්‍රතිකාර සාර්ථක බවයි.

යෝකොහොමා හිදී පැවැත්වුණු අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව එංගලන්තය ලකුණු 32-12ක් ලෙස පරාජය කළේ 2007 වසරට පසුව පළමු වරට ලෝක කුසලානය දිනා ගනිමින්.

පසුව Erasmus, දකුණු අප්‍රිකානු රග්බි ආයතනයේ අධ්‍යක්ෂක ලෙස වැඩ භාර ගත් අතර සහය පුහුණුකරු Jacques Nienaber ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් පිදුම් ලබන ලදි.

මූලාශ්‍රය – www.rugbypass.com

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<