කාටර්ගේ ආගමනය ගැන හිටපු පුහුණුකරුගෙන් අනාවැකියක්

286
Too old for Super Rugby

නව කොරෝනා වෛරසයෙන් පසුව ආරම්භ වූ පළමු ජාත්‍යන්තර රග්බි තරගාවලිය ලෙස නවසීලන්ත සුපර් රග්බි තරග අදියර ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව ඇත. මෙවර තරගාවලිය පුවත් මවන තරගාවලියක් බවට පත්වූයේ කරුණු කීපයක් නිසාවෙනි. ඉන් ඩෑන් කාටර් ගේ ආගමනයට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි.

>> Blues කණ්ඩායමට එක්වන සුපිරි ක්‍රීඩකයා කවුද?

ඩෑන් කාටර් මෙවර තරගාවලියේ Blues කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් නිල නොවන ලෙස වාර්තා කළ අතර ඉන් දින කිහිපයකට පසුව Blues කණ්ඩායම විසින් ඒ බව නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව කාටර් පසුගියදා එම කණ්ඩායම සමඟින් පුහුණු සැසියකට සහභාගී විය.  

කාටර් සිය පළමු පුහුණු සැසියේ දී දීර්ඝ කාලයක් ගත කළේ හිටපු කණ්ඩායම් පුහුණුකරු ලියොන් මැක්ඩොනල්ඩ් සමඟ ය. ඉන්පසු ඔහු බොවුඩන් බැරට් සමඟ ප්‍රවර්තන හා සෙසු පා පහරදීම් (kicking) කුසලතා සම්බන්ධ සැසිය සම්පූර්ණ කළේය.

කාටර්ගේ ආගමනය පිළිබඳව හිටපු නවසීලන්ත පුහුණුකරු වේන් ස්මිත් අදහස් දක්වා සිටියේය. බොහෝ විට නොපෙනෙන මෙම අංශවල කැපී පෙනෙන දියුණුවක් සමඟින් මෙවර තරගාවලියේ Blues කණ්ඩායම කෙරෙහි වඩාත්ම බලපෑමක් සිදුකරන ක්‍රීඩකයා බවට කාටර් පත්වනු ඇතැයි ඔහු මත පලකර තිබිනි. 

කණ්ඩායම් පරිසරය තුළ ගෞරවනීය ක්‍රීඩා චරිත සිටින විට ඔවුන් කරන දෙයින් සියලු දෙනා ආදර්ශ ලබා ගන්නා බවත් ඔවුන්ට කිසිවක් නොකියා කණ්ඩායම වෙනුවෙන් අදහස් පලකළ හැකි බවත් ස්මිත් පැවසීය. 

සැබෑ වෘත්තිකයන් ඔවුන්ගේ ආකල්පය තුළින් ආදර්ශයෙන් මෙහෙයවන බවත් ඔවුන්ගේ ශරීරය නිවැරැදි තත්ත්ව යටතේ පවත්වා ගැනීමට ඔවුන්ගේ ඇති කැපවීම මෙන්ම ක්‍රීඩා සැලසුම් විස්තර සහ කුසලතා කෙරෙහි අවධානය යොමු කිරීම නවක ක්‍රීඩකයන්ට වඩාත් වටිනා බව ස්මිත්ගේ මතයයි. 

ස්මිත්, කෝබේ ස්ටීලර්ස් පුහුණුකරු ඩේව් ඩිලන් සමඟ ජපානයේ පසුගිය වසර තුන තුළ ගත කළ අතර කාටර්ගේ ක්‍රීඩා විලාසය කාටත් වඩා ඔහු දැක ඇත. කාටර්ගේ දැක්ම සහ අත්දැකීම් හුදෙක් අවශෝෂණය කර ගැනීමෙන් Blues කණ්ඩායමට කොපමණ අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත හැකි දැයි ස්මිත් හරියටම තේරුම් ගෙන තිබේ. 

“ඔහුගේ දක්ෂතාවය ඔබ පිටියේ දී දකින දේ පමණක් නොවේ. ඔහුගෙන් අපි දකින්නේ එපමණයි.” යයි ස්මිත් පැවසීය. 

“ඔහුගේ සැබෑ වටිනාකම්වලින් එකක් වන්නේ පුහුණුකරුවන්ට සහ ක්‍රීඩා සමාජ වලට උරුමයක් සහ පෞද්ගලික අර්ථයක් ඇති කර ගැනීමට උපකාර කිරීමයි. ඔහු නිකම්ම නිකම් ඇවිත් සෙල්ලම් කරන කොල්ලෙක් නෙවෙයි. ඔහු සෑම දෙයකම ගැඹුරට ගිහින් අනෙක් ක්‍රීඩකයන්ට උදව් කරනවා. මට ඔහුගෙන් ලැබුනු විශාලම වාසිය එයයි.”

මීට වසර දෙකකට පෙර කාටර් ජපානයේ දී ඔහුගේ පූර්ණ තරග සමය සටහන් කළේය. කාටර් එම වසරේ දී Top League ශූරතාවයේ හා MVP හි හොඳම ක්‍රීඩකයා ලෙස නම් කළ අතර ඔහු කෝබේ ස්ටීලර්ස් කණ්ඩායම ශූරතාවයට රැගෙන ගියේය. 

>> Investec Super Rugby Aotearoa තරගාවලියේ නව වෙනස්කම් රැසක්

ඔහුගේ දක්ෂතාවය හැරුනු විට කණ්ඩායම් ඉදිරිපත් කිරීම් වලදී තම සතිපතා සැලැස්ම පැහැදිලි කරමින් කාටර් සෙසු ටෙස්ට් තරු යොදාගත් ආකාරය ස්මිත් විස්තර කළේය. 

“මට මතකයි ඩැනියෙල් එලෙස සැලසුම් කිව්වට පස්සේ ඇඩම් ඈශ්ලි කූපර් පැවසුවා ඉරිදා රාත්‍රියේ ඔහු කලින් සැලසුම් කළ වැඩ කීපයක් තියෙනවා කියලා. කාටර් ඒ වෙලාවේ ඒ ප්‍රශ්නය එක්ක නිවැරැදි විදිහට ගනුදෙනු කළා. ඔහු එය කළ ආකාරය වෙනස් කළා. එය ලෝකයේ වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයෙකු තවත් එක් පළපුරුදු ක්‍රීඩකයෙකුගෙන් ඉගෙන ගැනීමට එක් උදාහරණයක් පමණයි. එය මට මේ මිනිසාගේ වටිනාකම කියා දුන්නා. ඔහු Blues කණ්ඩායම කෙරෙහි එබඳු බලපෑමක් ඇති කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” 

ස්මිත් පසුව අවධානය යොමු කළේ කාටර්ගේ වේගවත් ක්‍රීඩා විලාසය පිළිබඳවය. ඔහුට කළ හැකි පිටියේ බලපෑම තක්සේරු කිරීමට ද ස්මිත් කටයුතු කළේය. 

“2005 වසරේ දී Lions කණ්ඩායම එක්ක ක්‍රීඩා කළ ඩෑන් කාටර්ව මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ කාටර් ඔවුන්ට බලන්න බැරි වේවි. ඒත් ඔවුන්ට ඉන් වැඩි දුරක් නොමැති කෙනෙක් පෙනේවි. මම පසුගිය වසර කිහිපය තුළ දුටු කාටර් ඔවුන් දකීවි.” 

ඒ සමඟම කාටර් නැවත නවසීලන්තයට පැමිණීම ගැන ස්මිත් වැඩි උනන්දුවක් නොදක්වන බව ද පැවසීය. 

රග්බි ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩා රංගනයෙන් වසර පහළොවක් ගතවී ඇතත් 38 වියැති කාටර්ගේ මෙම අනුවාදය යළිත් එම දක්ෂතා කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවේ. 

සිය ගෙලෙහි සිදුකළ සැත්කම් වලින් සුවය ලැබීමෙන් පසු, පසුගිය මාස 18 තුළ කාටර් තරග 6ක් ක්‍රීඩා කර ඇත. 

ෆ්ලයි හාෆ් ස්ථානයේ සිට බැරට් පසුපසට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර කාටර් මුලින්ම Blues කණ්ඩායම වෙනුවෙන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනු ඇත. 

ජපානයට මාරුවීමට පෙර 2018 වසරේ දී සිය අවසන් ප්‍රංශ තරගවාරයේ දී කාටර්, රේසිං 92 කණ්ඩායම සඳහා එම භූමිකාවම ඉටු කිරීම ස්මිත් සිහිපත් කළේය. 

“මට මතකයි ඔහු ඔවුන් වෙනුවෙන් අතිරේක ක්‍රීඩකයෙකු විදිහට ඉඳලා තමයි තරගයට ආවේ. ඉන් අනතුරුව ඔහු තම ක්‍රීඩා රටාවත් එක්ක උත්සාහක දිනුම් අවස්ථා කිහිපයක්ම සකස් කරමින් තරගය වෙනස් කළා.” 

“ඔහු තරගයෙන් එළියේ බංකුව මත හිඳගෙන ක්‍රීඩාව දැකීමටත්, එයින් ඉගෙන ගැනීමටත් කැමති ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ජයග්‍රහණය කළ හැකි හොඳම ක්‍රමය පිළිබඳ පැහැදිලි අදහසක් ඇති පුද්ගලයෙක්.” 

පිටියේ භූමිකාව කුමක් වුවත්, කාටර්ගේ දක්ෂතාවය තරගාවලිය තුළ බැබළෙනු ඇතැයි ස්මිත් විශ්වාසය පල කළේය. 

“ඔහුට එහි යමක් තිබෙනවා. එය ඔප්පු කිරීමට ඔහුව පොළඹවනවා. ඩැනියෙල් දන්නා ඕනෑම අයෙකු දන්නවා ඔහුට Blues සමඟ උපරිමය කිරීමට අවශ්‍ය බව. ඔහුට අසාර්ථක වීමට අවශ්‍ය නෑ. මට දැන් ඔබට එය කියන්න පුළුවන්. ඔහු මට හමුවූ වැඩිම අධිෂ්ඨානයක් සහිත ක්‍රීඩකයෙක්.” 

“ඔහු අප සමඟ කෝබේහි වැඩ නිම කළත්, එය අන් සියල්ලටම වඩා පවුලේ අය සමඟ ගත් තීරණයක්. ඔහු ජපානයේ දිගටම ක්‍රීඩා කිරීමට කැමතියි. ඔහු කෝබේහි හොඳ මට්ටමකින් ක්‍රීඩා කළා. සෑම සතියකම ඔබ මැට් ගිටෝ හෝ බර්නාඩ් ෆෝලිට එරෙහිව ක්‍රීඩා කරනවා. ලෝකයේ හොඳම අංක 10 ක්‍රීඩකයන් බොහෝමයක් එහි ක්‍රීඩා කරනවා. ඒ නිසා එය දුර්වල තරගාවලියක් නෙමෙයි. ඔහු බොහෝ විට ප්‍රේක්ෂකයන් 24ත් 26,000ත් අතර පිරිසක් ඉදිරියේ ක්‍රීඩා කළා. එබැවින් ඔහුට මේ සඳහා හොඳ සූදානමක් තියෙනවා.”  

“ජපාන ටොප් ලීග් කණ්ඩායම සුපර් රග්බි ඔටෙයෙරෝවා සැලසුම් වල කොටසක් බවට පත්වුවහොත් අනාගතයේ දී රග්බි ක්‍රීඩාව කෙතරම් හොඳ’දැයි ජනතාව පුදුමයට පත් වේවි. කාටර් ඉටු කරන කාර්යභාරය ඔහු අගය කරනු ඇති බවට මට කිසිඳු සැකයක් නෑ.” 

කාටර්ගේ සම්මාන අතර වසරේ තුන් වරක් ලෝක ක්‍රීඩකයා, ලෝක කුසලාන කිරුළු දෙකක්, Crusaders කණ්ඩායම සමඟ සුපර් රග්බි ශූරතා 3ක්, ප්‍රංශයේ ශූරතා දෙකක් සහ ජපානයේ එක් ශූරතාවයක් සටහන්ව ඇත. ඔහු එය සැමවිටම ශූරතාවය සඳහා ක්‍රීඩා කරන බවට හොඳම උදාහරණය එයයි. 

හිටපු නවසීලන්ත ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ ඩෑන් කාටර් සවුත් අයිලන්ඩ් පාසල් කණ්ඩායමේ සාමාජිකයන් වූ අතර මැකලම්ගේ දක්ෂතා නිසා කාටර්ට අවස්ථාව අහිමි වූ ආකාරය ද ස්මිත් සිහිපත් කළේය. 2004 වසරේ දී කැන්ටබරි වෙනුවෙන් ෆුල් බැක් ක්‍රීඩකයෙකු ලෙස තම ක්‍රීඩා දිවිය ආරම්භ කළ කාටර් පසුකලෙක ලොව විශිෂ්ටතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා බවට පත්වනු ඇතැයි කිසිවෙකුත් විස්වාස කළේ නැත. 

“ඔහුට තරගයක් නිවැරැදි ලෙස ධාවනය කළ නොහැකි බවට පොදු හැඟීමක් ඒ අවස්ථාවේ තිබුනා. ඔහුට ස්වර්ණමය වෘත්තියක් ඇති බවත් ඔහුගේ සෑම දෙයක්ම හොඳ අතට හැරී ඇති බවත් මිනිස්සු උපකල්පනය කළා. ඒ සියල්ල සරල ගමන් කිරීමක් නොවූ අතර ඒ සියල්ල කුසලතා මත පදනම් වුනේ නෑ.”  

“2004 වසරේ දී ග්‍රැහැම් හෙන්රි පැවසුවා අපි ඔහුව අංක 10 ක්‍රීඩකයෙක් ලෙස ගෙන යන බව. වෙනත් තරුණ ක්‍රීඩකයෙක් ඒ ස්ථානයට සූදානමින් එළියේ තියාගන්නත් අපි තීරණය කළා. මොකද අප පළපුරුදු අංක 10 ක්‍රීඩකයෙක් ගතහොත් ඔහු බොහෝ විට ඩැනියෙල්ට වඩා ඉහලින් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබ්බ නිසා. ඩැනියල් ක්‍රීඩා කරනවා දකින්න අපිට අවශ්‍ය වුනා.” 

“ඕල් බ්ලැක්ස් වෙනුවෙන් ඔහුට අංක 10 ස්ථානය ලබා දුන් පළමු අවස්ථාව එයයි. ඔහු ඒ සඳහා ගැලපෙනම ක්‍රීඩකයා වනු ඇති බව ඉතා ඉක්මනින් පැහැදිලි වුනා. නමුත් ඔහු අංක 10 ක්‍රීඩකයෙක් වනු ඇතැයි සියලු දෙනාගේ අදහස වුනේ නෑ.”

තරමක් උපහාසාත්මක ලෙස කාටර් 2003 වසරේ දී වේල්සයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තේය. ඒ කාලෝස් ස්පෙන්සර්ට පිටතින් දෙවන සෙන්ටර් ක්‍රීඩකයා ලෙසිනි. ඒ වන විට කාලෝස් Blues කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත්ව සිටියේය. දැන් Blues සමඟින් ගිවිසුම් අත්සන් කර ඇති කාටර්ට මෙවර තරගාවලියේ දී නැවතත් අංක 12 ලැබීමට ඉඩ ඇත. 

>> හිටපු ඕල් බ්ලැක්ස් නායකයාට ගෞරව නාමයක්

වැඩිවන ආරක්ෂක ක්‍රීඩා උපක්‍රම නිසා ස්මිත් ජපානයේ දී කාටර් සෙන්ටර් ක්‍රීඩකයෙකු ලෙස භාවිතා නොකිරීමට තීරණය කළේය. 

“එය අපට විකල්පයක් වුනා. නමුත් එය අංක 10 සිට ක්‍රීඩාව සංවිධානය කිරීමේ වටිනාකම නිසා ඒ විකල්පය ප්‍රධාන වශයෙන් භාවිතා නොකළ එකක් වුනා. එය ඔහුට වඩාත් ගැලපෙනවා. ඔහුට වඩාත් සුවපහසු තැන එයයි. ඔහු ශක්තිමත් ආරක්ෂකයෙක් නිසා ඔහුට අංක 12 හැසිරවිය හැකි නමුත් මම ඔහුව එම ස්ථානයට යොදාගන්න කැමති වුනේ නෑ. අංක 10 විදිහට ඔහුට ටිකක් ශාරීරිකව අඩු බලපෑමක් එල්ල කළා. ඔහු තමාගේ යහපතට වඩා නිර්භීත ක්‍රීඩකයෙක්.”  

ඕල් බ්ලැක්ස් කණ්ඩායම 2015 වසරේ දී ලෝක කුසලාන කිරුළ දිනාගත් විට බැරට් සහ කාටර් අවසන් වරට එකට ක්‍රීඩා කළේය. එම තේජාන්විත ට්විකන්හැම් රාත්‍රියෙන් පසුව දැන් වසර 5 ක් ගතවී ඇත. 

බොහෝ ආකාරවලින් ඔවුන්ගේ භූමිකාවන් ආපසු හැරවෙනු ඇත. බැරට් දැන් වඩාත් ප්‍රබල ස්ථානයක ක්‍රීඩා කරන අතර කාටර් විසින් තරග ජයග්‍රාහී චරිත ඉදිරිපත් කරයි. ඔවුන් එකම Blues කණ්ඩායමට එකතු වනු ඇතැයි මීට පෙර කිසිවෙකු සිතුවේ නැත. 

ස්මිත්ගේ බුද්ධිය හා අත්දැකීම් එලෙසම ඉටුවුවහොත් මෙවර සුපර් රග්බි තරගාවලිය ප්‍රබලම තරගාවලිය වනු නොඅනුමානය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<