Ratnam සහ Up Country සටන සමවෙයි

Super League 2021

203

Ratnam SC සහ Up Country Lions FC අතර අද (21) පැවති තරගය ගෝල 1-1ක් ලෙස සමව අවසන් වුනා. තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි. 

ප්‍රථම අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට දෙපිලේම ක්‍රීඩකයින් අසමත් වූ අතර දෙවැනි අර්ධයේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට Up Country ක්‍රීඩක Ismaila Jimoh සමත් වුනා. ඒ 60 වැනි මිනිත්තුවේ දීයි.

ඉන්පසුව Ratnam වෙනුවෙන් ක්‍රියාත්මක වුන මොහොමඩ් ආකිල්, ප්‍රථම ගෝලයෙන් මිනිත්තු 18කට පසුව ගෝලයක් වාර්තා කරමින් තරගය සම මට්ටමට ගෙන ඒමට කටයුතු කළා. ඉන්පසුව තරගය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කරන්නට කිසිවෙකු සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Ratnam SC 1 – 1 Up Country Lions FC

ගෝල රැස් කළ ක්‍රීඩකයින්:

  • Up Country Lions – Ismaila Jimoh (60’)
  • Ratnam – මොහොමඩ් ආකිල් (78’)

කහා කාඩ්පත්:

  • Up Country Lions – M. Mushthaq 50′, M. Muzny 60′

තවත් පාපන්දු පුවත්:

මීට අමතරව ඊයේ (20) අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් අතරමග නවතා අද දිනට කල් දැමුණු Blue Eagles සහ Sea Hawks FC අතර තරගයෙන් ගෝල 0-1ක් ලෙස ජයග්‍රහණ ලබා ගන්නට Sea Hawks සමත් වුනා. ජයග්‍රාහී ගෝලයේ අයිතිය මොහොමඩ් හස්මීර් (12’) සතු වුනා.

අවසන් ලකුණු තත්වය: Blue Eagles SC 0 – 1 Sea Hawks FC (12’)

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Sea Hawks FC: හස්මීර් 12’

කහා කාඩ්පත්:

  • Blue Eagles SC – ඩී. කේ. දුමින්ද 74′, ජීවන්ත ප්‍රනාන්දු 87′, රොශාන් ප්‍රනාන්දු 88′
  • Sea Hawks FC – S. Jesuthasan 23′, උදයංග පෙරේරා 53′

පළමු තරග සතියේ පැවති සමාරම්භක තරගයෙන් New Youngs පරාජය කරන්නට Colombo FC සමත් වුනේ ගෝල 4-0ක් ලෙසයි. Blue Star සහ Red Stars අතර තරගයෙන් ගෝල 2-4ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නට Red Star සමත් වුනා. Renown SC සහ Defenders අතර තරගය ගෝල රහිතව නිමාව දුටුවා.

තරගාවලියේ දෙවැනි තරග සතිය එළඹෙන සිකුරාදා (23) ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තරග පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<