ෂෙවාග්, යුස්වේන්ද්‍රට හිනාවෙයි

1102
(NDTV)

සිය සමාජ මාධ්‍ය සටහන්වලින් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හිනහගස්සන පුද්ගලයෙක් ලෙස විරේන්ද්‍ර ෂෙවාග් ප්‍රචලිතයි. පවතින වයිරස ව්‍යාප්තිය මධ්‍යයේම විවාහ ගිවිසගෙන තිබූ යුස්වේන්ද්‍ර චහාල්ට ෂෙවාග් සිය Twitter ගිණුම ඔස්සේ ඔච්චමක් කර තිබුණා. 

Vivo නැති නිසා IPL මූල්‍ය අර්බුදයක?

“පුදුමයි චහාල්, ඔබ බාධාවන් අවස්ථා බවට හරවාගෙන තිබෙනවා” යැයි ෂෙවාග් හින්දි භාෂාවෙන් එම සටහන තබා තිබුණා. 

චහාල් පසුගිය සෙනසුරාදා ධනශ්‍රි වර්මා සමඟ “රෝකා” උත්සවයට සහභාගී වූ අතර   ඔවුන් එකිනෙකාට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණා. එම උත්සවයට දෙපාර්ශවයේම පවුලේ අය ද සහභාගී වී තිබුණා.

“අපි කැමැත්ත ප්‍රකාශ කළා” යැයි චහාල් twitter සටහනක් තබමින් පවසා තිබුණා.

ස්ටෝක්ස්ට පාකිස්තාන තරගාවලිය අහිමි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන්නේ ද යුස්වේන්ද්‍ර චහාල්. තරගාවලිය සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 10 දක්වා පැවැත්වීමට නියමිතයි. 30 හැවිරිදි චහාල් මේ වන විට එක්දින තරග 52ක් හා විස්සයි විස්ස තරග 42ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු කඩුලු 146ක් තමා සතු කරගෙන තිබෙනවා.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<