Renown සහ Defenders ගැටුම සමව අවසන්

Super League 2021

130

‘සුපර් ලීග් 2021’ තරගාවලිය ආරම්භ කරමින් අද (20) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගවලින් Renown SC සහ Defenders FC අතර තරගය සමව අවසන් වූ අතර Blue Eagles SC සහ Sea Hawks FC අතර තරගය වර්ෂාව හේතුවෙන් කල් දැමීමට සිදු වුනා.

Renown SC – Defenders FC

ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධය තුල ගෝල ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා පළමු අර්ධය ගෝල රහිතව අවසන් කිරීමට සිදු වුනා.

බලාපොරොත්තු බොඳ වූ පළමු අර්ධයෙන් පසුව පිටියට පිවිසි දෙපිලේම ක්‍රීඩකයන් ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ගෝල ලබා ගැනීමට හැකි අවස්ථාවන් කිහිපයක් නිර්මාණය කිරීමට සමත් වූවත් ඒවා සාර්ථකව අවසන් කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

ඒ අනුව දෙපිලටම සමබර වූ තියුණු සටනකින් පසු තරගාවලියේ තමන් සහභාගි වූ මුල්ම තරගය ජය පැරදුමකින් තොරව අවසන් කිරීමට කණ්ඩායම් දෙකටම සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: Renown SC 0 – 0 Defenders FC

කහ කාඩ්පත ලබා ගත් ක්‍රීඩකයින්:  

  • Defenders FC: Dang Stephane 36′
  • Red Stars FC: මොහොමඩ් රිස්නි 48’

තවත් පාපන්දු පුවත් කියවන්න: 

Blue Eagles SC – Sea Hawks FC

සිය කණ්ඩායමට තරගාවලියට අවශ්‍ය ආරම්භය ලබා දීමට සමත් වූ Sea Hawks ක්‍රීඩක හශ්මීර් තරගයේ 10 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත සිට වේගවත් පහරක් ගෝලය වෙත එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

එම ගෝලයෙන් පසු කිසිදු ගෝලයක් ලබා ගැනීමට දෙපිලේම ක්‍රීඩකයන්ට හැකි නොවූ අතර තරගයේ 43 වැනි මිනිත්තුවේ දී බලපෑ අයහපත් කාලගුණය නිසාවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවන් තීරණය කළා.

ඒ අනුව තරගයේ ඉතිරි කොටස හෙට (21) සවස 5:00ට ආරම්භ වීමට නියමිතයි. 

දැනට ලකුණු තත්වය: Blue Eagles SC 0 – 1 Sea Hawks FC (43’)

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Sea Hawks FC: හස්මීර් 10’

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<