සුපර් ලීගයේ විනිසුරු තාක්ෂණය ඉහළට

Super League - 2021

120

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන Super League 2021 පාපන්දු තරගාවලියේ විනිසුරුවරුන් හට නව සන්නිවේදන උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ඊයේ (12) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම නව සන්නිවේදන උපකරණ කට්ටල තුළින් පිටියේ විනිසුරුවරුන් හට ඉතාමත් වේගයෙන් සිය පණිවිඩ හුවමාරු කර ගැනීමට හැකි වන නිසා නිවැරදි තීරණ ගැනීමට පහසු වේ.

පසුගිය කාලසීමාවේ දී මෙරට විනිසුරුවන් සතු සන්නිවේදන තාක්ෂණයේ ඇති අඩුපාඩු නිසාවෙන් බොහෝ අතපසුවීම් සිදු වන අයුරු ද දැක ගැනීමට ලැබුණා.

එම නිසාවෙන් මෙම තරගාවලියේ ගුණාත්මකභාවය ඉහළ දැමීමට මෙන්ම මෙරට පාපන්දු ක්‍රීඩාවේ ඉදිරිය උදෙසා මෙම නව සන්නිවේදන කට්ටල විනිසුරුවන් හට ලබා දීමට කටයුතු කර තිබුණා.

තවත් පාපන්දු පුවත්: 

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු එම සන්නිවේදන කට්ටල ප්‍රධානත්වය සඳහා විනිසුරු සම්මේලනයේ සභාපති ඒ. ජී. සී. දේශප්‍රිය මහතා, ජාත්‍යන්තර විනිසුරු බුද්ධික ඩයස් මහතා සහ පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා සහභාගී වුනා.

මීට අමතරව මෙරට දේශීය විනිසුරුවරුන්ගේ භාවිතය සඳහා තවත් මෙවැනි සන්නිවේදන කට්ටල 4ක් ගෙන්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කර තිබේ.

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන Super League 2021 තරගාවලිය මෙම මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<