සුධීර අඛණ්ඩව දෙවැනි වරටත් තරගයක් තුළ කඩුලු 13ක් දවා ගනී

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන් දින තරගාවලිය

2660

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග 10ක් ඊයේ (13) අවසන් වුනා. එම තරග 10න් තරග 7කටම ප්‍රතිඵල ලැබීම විශේෂත්වයක්.

හිටපු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක ටැමිල් යූනියන් කණ්ඩායමේ දිලුම් සුධීර තවත් සුපිරි පන්දු යැවීමක නිරත වුනේ අඛණ්ඩව දෙවැනි තරගයේ දීත් කඩුලු 13 බැගින් දවා ගනිමිනුයි. ඒ අනුව ටැමිල් යූනියන් කණ්ඩායම සිය තෙවැනි තරග ජයත් වාර්තා කරන්නට සමත් වුනා.

ඔවුන් හමුවේ බදුරලිය ක්‍රීඩා සමාජය ඉනිමකින් හා ලකුණු 196 කින් පරාජය නාණා. තරගය පැවැත්වුණේ මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දීයි. මේ තරගයේ දී දැක්වූ දක්ෂතා නිසා දිලුම් සුධීර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පළමු තැනට ද පත්වුනා.

ඔහු බදුරලිය කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දී ලකුණු 21කට කඩුලු 8ක් දවා ගත්තේ තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. ඔහු පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිවත් ලකුණු 32කට කඩුලු 8ක් දවා ගත්තා.

යුද හමුදා ක්‍රීඩා සමාජය පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේ දී BRC කඩුලු 9කින් පරාජය කළා. වමත්  දඟපන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාර BRC දෙවැනි ඉනිමේ කඩුලු 6ක් දවා ගත්තා. ඒ අනුව කෞමාල් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුනා.

Sebastianites හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කටුනායක දී තරග වැදුණා. ලකුණු 208ක ඉලක්කයක් හඹා යමින් සිටි Sebastianites කඩුලු 3ක් දැවී ලකුණු 157ක් රැස්කර ගෙන සිටිය දී ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් ඔවුන්ට පහසුවෙන් ජය ගන්නට ඉඩ ඉතිරි කළේ නැහැ.

කෙසේ වෙතත් සඳුන් ප්‍රනාන්දුගේ ලකුණු 68න් හා විමුද් සප්නකගේ නොදැවුණු ලකුණු 17න් ගුවන් හමුදාව කඩුලු දෙකක ජයක් වාර්තා කළා. ඒ තරගය අවසන් වන්නට පන්දු කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දීයි. දෑතින්ම පන්දු යවන තරිඳු රත්නායක මේ තරගයේ දී කඩුලු 11ක් බිඳ දැමුවා.

ගාලු ක්‍රීඩා සමාජයත් කළුතර නගර ක්‍රීඩා සමාජය ලකුණු 234කින් පරාජය කළා. තරගය පැවැත්වුණේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. කළුතර ක්‍රීඩකයෝ ඉනිම් දෙකේ දී ම ලකුණු 100යේ සීමාව පසු කර යන්නට සමත් වුනේ නැහැ. ඔවුන් පළමු ඉනිමේ දී ලකුණු 74කටත්, දෙවැනි ඉනිමේ දී ලකුණු 68කටත් දැවී ගියා. කවිඳු දිල්හාර මේ තරගයේ දී කඩුලු 9ක් දවා ගත්තේ කළුතරේ දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ද තමන් සතුකර ගනිමිනුයි.

SSC ක්‍රීඩා සමාජය ලංකන් ක්‍රීඩා සමාජය පරාජය කළේ පරාජයන් රැල්ලකට තිත තබමිනුයි. ඔවුන් පළමු තරග 3න් තරග දෙකක්ම පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්. රාගම ක්‍රීඩා සමාජය තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කරද්දී, සැරසන්ස් සිය පළමු ජය වාර්තා කළා.

ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග දෙකේ දී Bloomfield කණ්ඩායමේ නායක සනෝජ් දර්ශික ශතයක් වාර්තා කළ අතර NCC කණ්ඩයමේ දඟපන්දු යවන ක්‍රීඩක තිවංක කැකුලාවල කඩුලු 6ක් දවා ගත්තා.

තරගාවලියේ තවත් තරග 12ක් එළඹෙන 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

A කාණ්ඩය

SSC හා ලංකන් ක්‍රීඩා සමාජය – SSC ක්‍රීඩාංගණය කොළඹ

කාසියේ වාසිය: ලංකන්

  • SSC – 361 (110.1) කවිඳු නදීශාන් 111, කවිෂ්ක සේනාධීර 71, තෙනුෂ්ක නානායක්කාර 43*, ඔමේෂ් මෙන්ඩිස් 40, පුන්තිල කුමාර 4/91
  • Lankan – 52 (31.3) යසිරු රොද්‍රිගෝ 22, කේෂාන් විජේරත්න 5/17, කලණ පෙරේරා 5/19 හා 80 (35) F/O තිවංක ලක්රුවන් 20, කවිෂ්ක සේනාධීර 3/13, කලණ පෙරේරා 3/33

SSC ඉනිමක හා ලකුණු 229ක ජයක්.

Sebastianites හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ –  මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය

කාසියේ වාසිය: ගුවන් හමුදාව

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 193 (60.4) මොවින් සුබසිංහ 55, තරිඳු රත්නායක 6/95 හා 231 (69.1) හංස හිරන්‍ය 56, කෙමිර විජේනායක 50, උදයවංශ පරාක්‍රම 40, තරිඳු රත්නායක 5/93, ටනුෂ කොස්තා 3/41
  • Sebastianites – 217 (73.4) මෙනෙල්කර් ද සිල්වා 87, සුරේෂ් ප්‍රනාන්දු 6/46 හා 208/8 (59.4) සඳුන් ප්‍රනාන්දු 68, තරුෂ ප්‍රනාන්දු 37, මනෙල්කර් ද සිල්වා 36, මොවින් සුබසිංහ 4/72, සෙනාෂ් ප්‍රනාන්දු 3/58

Sebastianites කඩුලු දෙකක ජයක්.

Moors හා CCC Moors ක්‍රීඩාංගණය කොළඹ

කාසියේ වාසිය: CCC

  • CCC – 241 (80) මාලිංග අමරසිංහ 91, අම්ෂි ද සිල්වා 43*, ඇන්ජල බණ්ඩාර 38, තිසන් විතුසන් 4/76 හා 203/7d (35.2) රොන්චන්ද්‍රගුප්ත 87, හසිඳු ශාමික 54, අයන සිරිවර්ධන 2/36, අදීශ තිලංචන 2/37
  • Moors – 278 (89.5) පසිඳු සුරියබණ්ඩාර 64, අදීශ තිලංචන 38, තිලාන් ප්‍රශාන් 35, දිනුක දිල්ශාන් 35, සුවෙත් මෙන්ඩිස් 5/58, සොනාල් දිනුෂ 3/67

තරගය ජය පරාජයෙන් තොරයි.

B කාණ්ඩය

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය හා සැරසන්ස් – වෙලගෙදර ක්‍රීඩාංගණය

කාසියේ වාසිය: සැරසන්ස්

  • සැරසන්ස් – 227 (68.3) සඳුන් මෙන්ඩිස් 52, චමල්ක ප්‍රනාන්දු 49, ප්‍රවීන් සඳමාල් 35, තවිෂ කහදුවාරච්චි 35, ගිහාන් අංජන 3/45 හා 214/8d (54.2) චමල්ක ප්‍රනාන්දු 44, සඳුන් මෙන්ඩිස් 38, තරිඳු ළමාහේවගේ 36, සසිත් පල්ලියගුරු 36, ධනංජය බණ්ඩාර 4/53
  • කුරුණෑගල – 112 (36) දුලාජ් රණතුංග 38, මුදිත ප්‍රේමදාස 35, කවික දිල්ශාන් 5/35, ප්‍රවීන් සඳමාල් 3/6 හා 132 (38.2) (ඉලක්කය ලකුණු 330) ඩිලාන් සෙනෙවිරත්න 31, ප්‍රවීන් සඳමාල් 4/12, කවික දිල්ශාන් 3/46, උදිත මදුශාන් 3/50

සැරසන්ස්ට ලකුණු 197ක ජයක්.

NCC හා මීගමුව ක්‍රීඩා සමාජය අතර – NCC ක්‍රීඩාංගණය

කාසියේ වාසිය: මීගමුව ක්‍රීඩා සමාජය

  • මීගමුව – 235 (71.4) සඳරුවන් චින්තක 63, දිමුත් සඳරුවන් 42, යුගීෂ දිල්ශාන් 7/77 හා 226 (99) අමෝද විදානපතිරණ 62, රශ්මික මෙවන් 61, තිවංක කැකුලාවල 6/50
  • NCC – 185 (41.5) අහන් වික්‍රමසිංහ 122, පසිඳු උස්හෙට්ටි 4/78, නිශාන් පීරිස් 3/44 හා 90/1 (23) (ඉලක්කය ලකුණු 277) ජොහාන් ද සිල්වා 50*

තරගය ජය පරාජයෙන් තොරයි.

බ්ලූම්ෆීල්ඩ් හා හලාවත මේරියන්ස් – බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය

කාසියේ වාසිය: බ්ලූම්ෆීල්ඩ්

  • බ්ලූම්ෆීල්ඩ් – 342 (106.1) සනෝජ් දර්ශික 85, චිහාන් කළිඳු 67, කවියන් නරෙස් 62, ඉරුෂික තිමිර 6/111, ශේශාන් සිල්වා 3/63 හා 290/8 (65.5) සනෝජ් දර්ශික 138*, නිපුන් හග්ගල 70, ධක්ෂිත ප්‍රනාන්දු 37, ඉරුෂික තිමිර 3/103
  • හලාවත මේරියන්ස් – 269 (67.3) රවීන් යසස් 78, ඉරෝෂ් ප්‍රනාන්දු 62, දිලීප ජයලත් 4/86, රාජේන්ද්‍රන් අරවින්ත් 3/108

තරගය ජය පරාජයෙන් තොරයි.

C කාණ්ඩය

නුගේගොඩ හා රාගම ක්‍රීඩා සමාජය අතර – තර්ස්ටන් ක්‍රීඩාංගණය

කාසියේ වාසිය: රාගම

  • රාගම ක්‍රීඩා සමාජය – 451/7d (112) අවිශ්ක තරිඳු 210*, ඩෙලෝන් පීරිස් 99, සහන් නානායක්කාර 3/119
  • නුගේගොඩ ක්‍රීඩා සමාජය – 131 (41.2) මනින්ද්‍ර ජයතිලක 35, දිනාන් සේනුක 31, ඩෙලෝන් පීරිස් 4/45 හා 128 (40.5) F/O කෙවින් පෙරේරා 24, භාග්‍යා දිසානායක 24, ශෂික දිල්ශාන් 4/37, සංජුල බණ්ඩාර 3/34

රාගමට ඉනිමක හා ලකුණු 192ක ජයක්.

බදුරලිය හා ටැමිල් යූනියන් – Surrey ක්‍රීඩාංගණය

කාසියේ වාසිය: බදුරලිය ක්‍රීඩා සමාජය

  • ටැමිල් යූනියන් – 425 (110.4) නවෝද් පරණවිතාන 99, සිතාර හපුහින්න 88, දමිත් පෙරේරා75, කවිඳු පතිරත්න 44, නිර්මල රත්නායක 3/61
  • බදුරලිය – 169 (78.2) උමයංග සුවාරිස් 70, රනේෂ් සිල්වා 35, දිලුම් සුධීර 5/60 හා 60 (45) F/O තමිඳු වික්‍රමාරච්චි 13, දිලුම් සුධීර 8/21

ටැමිල් යූනියන්ට ඉනිමක හා ලකුණු 196ක ජයක්.

D කාණ්ඩය

ගාලු ක්‍රීඩා සමාජය හා කළුතර නගර ක්‍රීඩා සමාජය – ගාලූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

කාසියේ වාසිය: ගාලු ක්‍රීඩා සමාජය

  • ගාලු ක්‍රීඩා සමාජය – 207 (67.5) දිල්ශාන් කාංචන 70, දුලාෂ් උදයංග 40, තෙමාල් බණ්ඩාර 3/97 හා 169/9d (55) ප්‍රභාත් ද සොයිසා 72, ඉන්ෂක සිරිවර්ධන 4/51, කනිෂ්ක මධුවන්ත 3/33
  • කළුතර නගර ක්‍රීඩා සමාජය – 74 (33.5) කව්ශාන් කුලසූරිය16, සඳුන් මධුශංක 4/11,කවිඳු දිල්හාර 4/32 හා 68 (34.2) (ඉලක්කය ලකුණු 303) ඉන්ෂක සිරිවර්ධන 27, කවිඳු දිල්හාර 5/31

ගාල්ලට ලකුණු 234ක ජයක්.

යුද හමුදාව හා BRC – යුද හමුදා ක්‍රීඩාංගණය

කාසියේ වාසිය: යුද හමුදාව

  • BRC – 151 (45.3) දනාල් හේමානන්ද 39, පුබුදු බණ්ඩාර 28*, ලක්ෂාන් ගමගේ 5/51, අසංක මනෝජ් 4/42 හා 188 (57) මින්හාජ් ජලීල් 47, පුබුදු බණ්ඩාර 40, කෞමාල් නානායක්කාර 6/63, ශේහද සොයිසා 3/64
  • යුද හමුදා – 281 (81) අශාන් දිල්හාර 109, පැතුම් බොතේජු 42, දනාල් හේමානන්ද 7/71 හා 60/1 (6.5) (ඉලක්කය ලකුණු 59) සමිත දිල්ෂාන් 45*

 යුද හමුදාවට කඩුලු 9ක ජයක්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<