වර්ණවාදය ගැන හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකුගෙන් දෝස්මුරයක්

5175

“ක්‍රිකට් ක්‍රීඩාව ජාතිවාදයෙන් පිරී තිබේ. ඔබට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගැටලුව නම් ක්‍රීඩාව මෙහෙයවන පුද්ගලයින් එහි සිටින කළු ජාතිකයන් ගැන තැකීමක් නොකිරීමයි. ඉංග්‍රීසි ක්‍රිකට් ව්‍යුහයට කළු ජාතිකයින් වැදගත් නොවේ.” 

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කළේ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මයිකල් කාර්බෙරි ය.

තමාට කළු යැයි ඇමතීම නිසා සැමී කනස්සල්ලෙන්

හිටපු එංගලන්ත පිතිකරු මයිකල් කාර්බෙරි Cricket Badger podcast වෙත එක්වෙමින් ඉහත ප්‍රකාශය සිදු කළේය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමඟින් ලෙස ලොව පුරා පැතිර ගිය  black lives matter නම් වූ ජාතිවාදී අරගලය වාර්ගික අසමානතාව පිළිබඳ ගෝලීය විවාදයක් ඇති කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔහුගේ අත්දැකීම් මත කාබෙරි තවදුරටත් මෙසේ පැවසීය: “වැදගත් තීරණ ගන්නා මණ්ඩලවලට කළු ජාතිකයන් එක් කරගන්නේ නෑ. ඔබ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව දෙස බැලුවහොත්, එම තනතුරුවල සිටින එක් කළු ජාතිකයෙකු නම් කරන්න? එංගලන්ත පිළිබඳ විශාල තීරණ ගැනීමට කවදා හෝ අවස්ථාව ලබා දී ඇති කළු ජාතිකයෙක් නම් කරන්න? එක් කෙනෙකු වත් නැහැ.”

“එංගලන්ත ප්‍රධාන පුහුණුකරුවන් දෙස බලන්න. කළු ප්‍රධාන පුහුණුකරුවෙකු සිටියේ කවදා ද? කවදාවත් නැත. කිසිම කළු නායකයෙක් සිටියා ද? ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලන්න. ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ කළු පුහුණුකරුවන් කී දෙනෙක් සිටී ද? එක් අයෙක්වත් නැහැ. මම දන්නවා ඒ රැකියාවට සුදුසුම පුද්ගලයන් ඉන්නවා. මම දැන් තරුණ කළු ජාතික පිරිමි ළමයෙක් නම් මට ආදර්ශයක් ගන්න බලන්නේ කා දෙස ද? “

“පුහුණුකරුවෙකු මට පැවසූ දේවල් නිසා මම ගොඩක් කලකිරීමෙන් හිටියා. ඔහු පැවසුවා මට ඔබව අඳුරේ දී පෙනෙන්නේ නෑ කියලා. මට ඔහුව බැල්කනියට ඇදගෙන යාමට සිදු වුනා. මතක තබා ගන්න, මම මගේ වෘත්තිය අවදානමකට ලක් කළා. ඒ සිදුවීම එම ක්‍රීඩා සමාජයේ  මගේ මිනී පෙට්ටියේ අවසන් ඇණය වුනා. මම ඒ සමාජ ශාලාව නම් කරන්නේ නෑ.”

කළු ජාතික ජ්‍යෙෂ්ඨ පරිපාලකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ හිඟයක් පවතින අතර සක්‍රීයව ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරන එක්සත් රාජධානියේ උපන් කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ද අල්පය. රජයේ පාසල්වල අධ්‍යාපනය ලබා ඇති කළු ජාතිකයන් ද අවමය.

“මට ලකුණු ලබාගන්න ලොකු ලෝබකමක් තිබුණා” – මාවන් අතපත්තු

එය එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රීඩාවේ විශාල අසාර්ථකත්වයකි. එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ එය විශාල ගැටලුවක් බවයි.

“ක්‍රීඩාවක් ලෙස අපි සෑම කෙනෙකුටම මෙම ක්‍රීඩාව සක්‍රියව කරන්න අවස්ථාවක් ලබා දිය යුතුයි. මේ තත්ත්ව දිගටම කරගෙන යා නොහැකියි. එය ලොකු ගැටලුවක්.”

පසුගිය සති කිහිපය තුළ තමන් ඒ පිළිබඳව දීර්ඝ ලෙස සිතූ බව ඇන්ඩර්සන් පැවසූ අතර ලබන මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී black lives matter ව්‍යාපාරයට සහයෝගය දක්වන්නේ දැයි  එංගලන්ත සංචිතය සාකච්ඡා කරන බව ද තහවුරු කළේය. 

“නියත වශයෙන්ම මම බලාපොරොත්තු වෙනවා එය අප අතර සංවාදයක් වේවි කියලා” ඔහු පැවසීය. “එය මට බොහෝ දේවල් කල්පනා කරන්න හේතුවක් වුනා. ඒ පිළිබඳව   ක්‍රීඩකයන් වශයෙන් අපට කළ හැකි දේ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.” 

බදාදා (ජුනි 10) පැවති මාධ්‍ය හමුවක දී බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් කියා සිටියේ black lives matter ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට අවශ්‍ය දැයි තම කණ්ඩායම් ද සාකච්ඡා කරන බවයි.  එම ආකාරයේ අභිනයන් මගින් ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ විවාදය ඇති කරන නමුත් එම අභිනයන් සහ වචන සමඟ ධනාත්මක, සංයුක්ත ක්‍රියාමාර්ගයක් ද අවශ්‍ය වන බව ඔහු කියා සිටියා.

සංවිධානයක් රැකියාවක් සඳහා බඳවා ගන්නා විට අවම වශයෙන් එක් කළු හෝ ජනවාර්ගික සුළුතර පුද්ගලයකු සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ යුතු බව සඳහන් කරන ‘රූනි රීතිය’ පළමු පන්තියේ ප්‍රාන්ත 18 පුරා ක්‍රියාත්මක වන බව ඊයේ Daily Mirror පුවත්පත වාර්තා කළේය. එය දැනටමත් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු රැකියා සඳහා අදාළ වේ. එය ආරම්භයක් පමණක් බවත් තවත් බොහෝ දේ කිරීමට ඇති බව ඇන්ඩර්සන් ගේ මතයයි. ඔහු විශ්වාස කරන්නේ ක්‍රීඩකයන්ට ද ඒ සම්බන්ධයෙන් යම් කාර්යභාරයක් ඇති බවයි.

පුහුණු සැසිය ගැන මිකී ආතර් පැහැදීමෙන්

“එය ක්‍රීඩකයන් හා ක්‍රීඩාවක් ලෙස අප වඩාත් ක්‍රියාශීලී විය යුතු කරුණක්” යනුවෙන් ඔහු පැවසීය.  

“එය මා සිතීමට පොලඹවා ඇත. මම ක්‍රිකට් පිටියක ජාතිවාදය අත්විඳ තිබේ ද? මට කිසිම අවස්ථාවක් මතක නෑ. ජොෆ්රා [ආචර්] එලෙස අපයෝජනයට ලක්වන විට මම නවසීලන්තයේ සිටියේ නෑ. මම කල්පනා කලා මම දකින්නේ නැතිව එහෙම දෙයක් වුනා ද කියලා. මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට කිසියම් ආකාරයක අපයෝජනයකට ලක්වෙනවා නම් මම ඔවුන්ට සහාය දැක්වීමට හැමවෙලේම උත්සාහ කරනවා. 

“එය එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම කෙනෙකුටම තිබිය යුතු ස්වයං නීතියක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<