ප්‍රබල ඕස්ට්‍රේලියානුවාට තෙවැනි විස්සයි විස්සත් අහිමි වෙයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

4866

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියා සංචිතයේ සිටින දක්ෂ වමත් වේගපන්දු යවන්නෙකු වන Mitchell Starc හට 11 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය ද අහිමි වන බව වාර්තා වෙනවා.

ඔහු ඉකුත් දා (7) පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී පන්දුකරණයේ නිරතව සිටින විට දබරැඟිල්ල කැපීමකට ලක්වී තිබෙන අතර මැහුම් 6ක් යොදා ඊට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔහුට පවසා තිබුණේ දෙවැනි විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා නොකරන ලෙසයි. ඒ අනුව ඔහු දෙවැනි විස්ස තරගයට ද ක්‍රීඩා නොකළ අතර තෙවැනි විස්සයි විස්ස තරගයට ද ඔහුගේ සේවය අහිමි වී යනවා.

මෙම තුවාලය සනීප වීම සඳහා දින 7ක පමණ කාලයක් ඔහුට විවේකීව සිටීමට සිදු වීම නිසාවෙන් 14 වැනිදා ආරම්භ වීමට නියමිත ප්‍රථම එක්දින තරගය ද ඔහුට මඟ හැරී යෑමට සම්භාවිතාවක් තිබෙනවා.

ඔහු අවසන් වරට 2016 වසරේ දී පැවති ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දැක්වූ දක්ෂතා නිසාවෙන් ජුනි 29 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වන විට පූර්ණ සුවය ලබා සිටිනු ඇතැයි ඕස්ට්‍රේලියාව විශ්වාසයෙන් පසුවනු ඇත.

Starcගේ පුරප්පාඩුව සඳහා Jhye Richardson කැඳවා තිබෙන අතර විස්සයි විස්ස තරගාවලිය මඟ හැරුණු Pat Cummins එක්දින සහ ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<