Home Sinhala වාර්තා සමඟින් සාන්තුවරුන්ගේ සටන නිමා වෙයි

වාර්තා සමඟින් සාන්තුවරුන්ගේ සටන නිමා වෙයි

124

සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 86 වැනි සාන්තුවරුන්ගේ සටන අද (07) ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ 64 වැනි වතාව මෙයයි. තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

තරගයේ පළමු දිනය නිමා වන විට සාන්ත ජෝසප් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 191ක් ලබා සිටියහ. පන්දුවට පහර දෙමින් සිටි දිනෙත් ජයකොඩි හා සදීශ් ජයවර්ධන දෙවන දිනයේ දී තවත් ලකුණු 44ක් ඔවුන්ගේ ලකුණු පුවරුවට එක් කළේය. 

දෙපිළටම දෝලනය වූ තරගයේ මුල් දින වාසිය සාන්ත ජෝසප් විද්‍යාලයට

දිනෙත් ජයකොඩි සහ සදීෂ් ජයවර්ධන විසින් සාන්තුවරයින්ගේ ක්‍රිකට් සංග්‍රාම ඉතිහාසයේ වාර්තා …

ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 192ක් එක් කළ අතර එය මෙම තරග ඉතිහාසයේ  පස්වැනි කඩුල්ල සඳහා පැවති හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තාගත විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට ජෝ මීසෝ හා පැට්‍රික් පෙරේරා සමත්ව සිටියේ 1938 වසරේ දී පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 158ක් එක් කරමිනි. 

ජෝසප් කණ්ඩායම පන්දුවාර 12ක් ඉතිරිව තිබිය දී කඩුලු 4කට ලකුණු 235ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගෙන සිටි අතර එම අවස්ථාවේ දී ලකුණු 122ක් ලබා සිටි දිනෙත් ජයකොඩි දැවී ගියේය. ඔහු තම ලකුණු 122 සඳහා වැයකර තිබුණේ පන්දු 130ක් පමණි. එයට හතරේ පහර 13ක් හා හයේ පහර 3ක් ඇතුළත් විය. සදීශ ජයවර්ධන පන්දු 103ක් තුල ලකුණු 70ක් රැස්කරගෙන සිටියේය. 

කෙසේ වෙතත් දිනෙත් ජයකොඩිගේ දැවී යාමෙන් අනතුරුව ජෝසප් කණ්ඩායමේ සෙසු කඩුලු හය ලකුණු 24ක් තුල දවා ගැනීමට සාන්ත පීතර පන්දු ‍යවන්නන් සමත් විය. එයට ඔවුන්ට පන්දු 22ක් වැයවී තිබිණි. 

Photos: St. Joseph’s College vs St. Peter’s College | 86th Battle of the Saints – Day 2

සාන්ත පීතර කණ්ඩායම තම දෙවන ඉනිම ආරම්භ කළේ සාන්ත ජෝසප් කණ්ඩායමට වඩා ලකුණු 35ක් පසුපසින් සිටිමිනි. කෙසේ වෙතත් ඔවුන්ගේ මුල් කඩුලු කීපය අඩු ලකුණු සංඛ්‍යාවක් තුල දැවී ගිය අතර විටෙක එය කඩුලු 3කට ලකුණු 67ක් ලෙස පැවතිනි. 

සාන්ත පීතර කණ්ඩායමේ ඉනිම ගොඩනැගීමේ වගකීම බාර ගත් රිශික දවටගේ හා උපනායක නිපුනක ෆොන්සේකා සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 66ක් එක් කළේය. රිශික දවටගේ පන්දු 144ක් තුල හතරේ පහර 7ක් සමඟින් ලකුණු 68ක් වාර්තා කළේය. 

සාන්ත පීතර පළමු ඉනිමෙ වෙනුවෙන් ඔහුගේ සහෝදරයා වූ ලහිරු ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. 

තේ පානය සඳහා තරගය නතර කරන විට සාන්ත පීතර කණ්ඩායමේ දැවී ගොස් තිබුණේ කඩුලු 4ක් පමණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව තරගය සාන්ත ජෝසප් කණ්ඩායම වෙත හරවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය. 

86 වැනි සාන්තුවරුන්ගේ සටනට කණ්ඩායම් දෙකේම අවි සූදානම්

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 86 වැනි වරටත් …

වමත් දඟපන්දු යවන ක්‍රීඩක දුනිත් පන්දු 7ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් ලකුණු 174ට කඩුලු 4ක් ලෙස තිබූ සාන්ත පීතර ලකුණු පුවරුව ලකුණු 179 කඩුලු 7ක් බවට පත්කළේය. 

කෙසේ වෙතත් සාන්ත ජෝසප් කණ්ඩායම වෙත නැඹුරු වෙමින් තිබූ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් 9 වැනි කඩුල්ල සඳහා පිටියෙහි එක්වූ රුවින් සෙනවිරත්න හා ධනාල් හේමනන්ද සමත් විය. ඒ 9 වැනි කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 88ක් එක් කරමිනි. ඔවුන් දෙදෙනා දිනයේ අවසන් පැය තුල තම අර්ධ ශතක වාර්තා කළේය. 

ඔවුන් දෙදෙනා නවවැනි කඩුල්ල සඳහා එක් කළ ලකුණු 88 මෙම තරග ඉතිහාසයේ සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් 9 වැනි කඩුල්ල සඳහා එක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට ටෝනි ඕපාත හා රොඩ්නි පැටර්නොට් සමත්ව සිටියේ ලකුණු 53ක් වාර්තා කරමිනි. ඒ 1965 වසරේ දී ය. 

දෙපිළටම දෝලනය වූ තරගයේ මුල් දින වාසිය සාන්ත ජෝසප් විද්‍යාලයට

දිනෙත් ජයකොඩි සහ සදීෂ් ජයවර්ධන විසින් සාන්තුවරයින්ගේ ක්‍රිකට් සංග්‍රාම ඉතිහාසයේ වාර්තා …

සාන්ත ජෝසප් හා සාන්ත පීතර කණ්ඩායම අතර මහා ක්‍රිකට් තරග 86ක් පවත්වා ඇති අතර ඉන් 64ක් ජය පරාජයෙන් තොරව අවසන් ව ඇත. තරග 12ක ජය සාන්ත ජෝසප් කණ්ඩායමට හිමිව ඇති අතර සාන්ත පීතර කණ්ඩායම තරග 10ක් ජයග්‍රහණය කර ඇත. 

  • හොඳම පන්දු ‍රකින්නා – ජොඈන් ද සිල්වා (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • හොඳම පන්දු ‍යවන්නා – විනුද ලියනගේ (සාන්ත පීතර විද්‍යාලය)
  • හොඳම පිතිකරු – දිනෙත් ජයකොඩි (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – දිනාල් හේමනන්ද (සාන්ත පීතර විද්‍යාලය)
  • තරගයේ වීරයා – දිනෙත් ජයකොඩි (සාන්ත ජෝසප් විද්‍යාලය)

Result

Match drawn

St. Joseph’s College
259/10 (51.3)

St. Peter’s College
224/10 (60) & 288/8 (87.4)

Batsmen R B 4s 6s SR
S Botheju b Ashen Daniel 37 46 7 0 80.43
Rishika Santhush b Johanne De Zilva 9 9 2 0 100.00
Shannon Fernando b Ashen Daniel 9 36 1 0 25.00
Lahiru Chethaka c Shalinda Senevirathne b Ashen Daniel 64 95 2 2 67.37
Nipunaka Fonseka run out (Dinal Anuradha) 10 44 1 0 22.73
Kanishka Maduwantha c Johanne De Zilva b Ashen Daniel 10 35 1 0 28.57
Wanuja Sahan run out (Ashen Daniel) 48 72 4 0 66.67
V Liyanage c Johanne De Zilva b Dunith Wellalage 12 16 1 0 75.00
Ruwin Senevirathne b Dunith Wellalage 8 6 1 0 133.33
Danal Hemananda run out (Shevaan Rassool) 7 3 0 1 233.33
Trishen Herath not out 0 0 0 0 0.00


Extras 10 (b 2 , lb 0 , nb 2, w 6, pen 0)
Total 224/10 (60 Overs, RR: 3.73)
Fall of Wickets 1-23 (3.1) Rishika Santhush, 2-57 (13) S Botheju, 3-64 (16.5) Shannon Fernando, 4-95 (29.2) Nipunaka Fonseka, 5-114 (38.3) Kanishka Maduwantha, 6-194 (54.3) Lahiru Chethaka, 7-198 (57.1) Wanuja Sahan, 8-216 (59.1) V Liyanage, 9-224 (59.4) Danal Hemananda, 10-224 (60) Ruwin Senevirathne,

Bowling O M R W Econ
Lakshan Gamage 8 0 32 0 4.00
Johanne De Zilva 5 0 29 1 5.80
Ashen Daniel 25 6 70 4 2.80
Shalinda Senevirathne 7 2 20 0 2.86
Miranga Wickramage 7 0 32 0 4.57
Dunith Wellalage 8 0 39 2 4.88
Batsmen R B 4s 6s SR
Johanne De Zilva lbw b V Liyanage 21 18 4 0 116.67
Sheran Fonseka b Trishen Herath 8 27 0 0 29.63
Shevon Daniel c Kanishka Maduwantha b V Liyanage 1 5 0 0 20.00
Dineth Jayakody c V Liyanage b Trishen Herath 122 130 13 3 93.85
Dunith Wellalage c & b V Liyanage 6 7 1 0 85.71
Sadeesh Jayawardana c Nipunaka Fonseka b Trishen Herath 70 103 5 1 67.96
Lakshan Gamage c Kanishka Maduwantha b Danal Hemananda 13 11 1 0 118.18
Miranga Wickramage b V Liyanage 1 3 0 0 33.33
Ashen Daniel run out (V Liyanage) 5 5 0 0 100.00
Dinal Anuradha c Shannon Fernando b Danal Hemananda 2 4 0 0 50.00
Shalinda Senevirathne not out 1 1 0 0 100.00


Extras 9 (b 0 , lb 2 , nb 5, w 2, pen 0)
Total 259/10 (51.3 Overs, RR: 5.03)
Fall of Wickets 1-31 (6.2) Johanne De Zilva, 2-33 (7.4) Sheran Fonseka, 3-33 (8.3) Shevon Daniel, 4-43 (10.3) Dunith Wellalage, 5-235 (47.3) Dineth Jayakody, 6-235 (47.5) Sadeesh Jayawardana, 7-242 (48.5) Miranga Wickramage, 8-253 (50.2) Ashen Daniel, 9-258 (51.1) Dinal Anuradha, 10-259 (51.3) Lakshan Gamage,

Bowling O M R W Econ
Trishen Herath 12 0 57 3 4.75
Danal Hemananda 6.3 0 40 1 6.35
V Liyanage 13 1 56 4 4.31
Kanishka Maduwantha 9 0 44 0 4.89
Ruwin Senevirathne 6 0 34 0 5.67
Wanuja Sahan 5 0 24 0 4.80


Batsmen R B 4s 6s SR
S Botheju c Shevon Daniel b Lakshan Gamage 5 11 0 0 45.45
Rishika Santhush c Lakshan Gamage b Shevon Daniel 68 144 7 0 47.22
Shannon Fernando c Lakshan Gamage b Ashen Daniel 10 33 0 1 30.30
Lahiru Chethaka c Dinal Anuradha b Dunith Wellalage 10 25 1 0 40.00
Nipunaka Fonseka b Dunith Wellalage 47 110 5 0 42.73
Kanishka Maduwantha c Shenuka De Silva b Dunith Wellalage 22 31 3 0 70.97
Wanuja Sahan c & b Dunith Wellalage 2 4 0 0 50.00
Ruwin Senevirathne not out 53 104 4 1 50.96
V Liyanage c M Thenura b Miranga Wickramage 8 15 1 0 53.33
Danal Hemananda not out 50 54 4 2 92.59


Extras 13 (b 4 , lb 1 , nb 5, w 3, pen 0)
Total 288/8 (87.4 Overs, RR: 3.29)
Did not bat Trishen Herath,

Fall of Wickets 1-7 (2.4) S Botheju, 2-32 (13.5) Shannon Fernando, 3-67 (24.2) Lahiru Chethaka, 4-133 (46.2) Rishika Santhush, 5-174 (58.1) Kanishka Maduwantha, 6-174 (58.4) Nipunaka Fonseka, 7-179 (60.1) Wanuja Sahan, 8-200 (67.1) V Liyanage,

Bowling O M R W Econ
Lakshan Gamage 6 0 22 1 3.67
Johanne De Zilva 7.4 0 36 0 4.86
Ashen Daniel 22 0 49 1 2.23
Dunith Wellalage 28 1 84 4 3.00
Shalinda Senevirathne 7 0 39 0 5.57
Miranga Wickramage 10 0 29 1 2.90
Dineth Jayakody 2 0 8 0 4.00
Shevon Daniel 5 0 15 1 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<