මොරටු රන් මහා සටන ජය පරාජයෙන් තොරයි

69 වැනි මොරටු රන් මහා සටන

385

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවති 69 වැනි රන් මහා සටන ඊයේ (29) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.

පළමුව පන්දුවට පහර දුන් මොරටු මහා විද්‍යාල පළමු ඉනිමේ පන්දුවාර 30ක් අවසන් වන විට මුල්පෙළ කඩුලු 5ක් දැවී ගොස් තිබුණු අතර ඒ වන විට ඔවුන් ලකුණු 79ක් ලබාගෙන සිටියා.

කෙසේ නමුත් ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් ඉතාමත් වගකීම් සහගතව පිතිකරණයේ නිරත වීම නිසා පළමු ඉනිම ලකුණු 123ක් දක්වා රැගෙන යන්නට ඔවුන්ට හැකියාව ලැබුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු චමිඳු රවිශාන් ලකුණු 31ක් ලබා ගන්නා විට, නිරාජ් කවිෂ්ක ලකුණු 25ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී විශ්ව ලහිරු සහ විදූෂ පීරිස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ ශ්‍රී සුමංගල විද්‍යාලය පන්දුවාර 54ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබාගෙන සිටිය දී තරගයේ නිමාව සටහන් වුනා.

එහි දී සුපිරි පිතිකරණයක නිරත වුනු තරණ ද සිල්වා ලකුණු 50ක් ලබාගෙන සුමංගල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙද්දී, දුරංක සිල්වා සහ ප්‍රභාෂ් ජයසේකර දෙදෙනාම ලකුණු 30 සීමාව අභිබවා ගියා.

ඩිලාන් තාරක සහ රශාන් කවිෂ්ක දෙදෙනාම මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් කඩුලු දෙක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

  • මොරටු මහා විද්‍යාලය – 123 (46.3) චමිඳු රවිශාන් 31, නිරාජ් කවිෂ්ක 25, විශ්ව ලහිරු 3/16, විදූශ පීරිස් 3/24.
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – 173/6 (54) තරන ද සිල්වා 50, දුරංක සිල්වා 36, ප්‍රභාෂ් ජයසේකර 32, ඩිලාන් තාරක 2/34, රශාන් කවිෂ්ක 2/42.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<