සුමංගලයින්, සිල්වෙස්තරයින්ව අනුකම්පා විරහිතව පලවාහරියි

216

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘B කාණ්ඩය’ යටතේ මහනුවර සිල්වෙස්තර විද්‍යාලය සහ මහනුවර සුමංගල විද්‍යාලය අතර අද (07) පැවති තරගයෙන් ලකුණු 42-07ක් ලෙසින් දරුණු පසුබෑමකට මුහුණ දීමට මහනුවර සිල්වෙස්තර ක්‍රීඩකයින්ට සිදු විය.

තර්ස්ටන් ප්‍රහාරයෙන් මරාදාන විරුවන් අසරණ වෙයි

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (06) දින රාජගිරියේ පිහිටි ආනන්ද විද්‍යාල……………..

සුමංගලයින්ගේ සත්කාරකත්වයෙන් පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති තරගය පස්වරු 4.15ට ආරම්භ වූ අතර පළමු අර්ධයේ පළමු ලකුණ රැස්කිරීමට 11 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් මනූෂ කාවින්ද සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සුමංගල 05-00 සිල්වෙස්තර) 

29 වැනි මිනිත්තුව දක්වා දෙපිලටම යළිත් කිසිදු ලකුණක් රැස්කරගත නොහැකි ලෙසින් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එම නිහැඬියාව බිඳ දමමින් ලද අවස්ථාව සිය වාසියට හරවා ගත් සුමංගලයේ නිපුන ජයතිලක සාර්ථක ධාවනයක යෙදෙමින් ධවල රේඛාව පසුකිරීමට සමත් විය. එහි ද ප්‍රවර්තනයේ නිසි එල්ලය වැරදි ගියේය. (සුමංගල 10-00 සිල්වෙස්තර) 

එම උත්සාහක දිනුම වාර්තා කර මිනිත්තු 06ක් ගත වන විට යළිත් තරගයේ අණසක සියතට ගනිමින් සුමංගලයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. තරගයේ 35 වැනි මිනිත්තුවේ වාර්තා වූ එම ලකුණට හිමිකම් කීවේ සුමංගලයේ සහන් ප්‍රභාත්ය. (සුමංගල 15-00 සිල්වෙස්තර) 

තරගයේ උණුසුම තීව්‍ර වන විට සුමංගල කණ්ඩායමේ දේවින්ද රත්නායක ක්‍රීඩාවේ ජිවගුණයට හානි කරමින් අපරික්ෂාරී ක්‍රීඩා රටාවක නිරත වීම හේතුවෙන් ඔහුට දිනයේ පළමු ‘කහ කාඩ්පත්’ අවවාදය කිරීමට ප්‍රධාන විනිසුරු නලීන් වසන්ත 38 වැනි මිනිත්තුවේ දී කටයුතු කළේය.

ඉසිපතනය විද්‍යා පරීක්ෂණය සමත් වෙයි!

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු සතියේ සයවැනි තරගයේ දී කොළඹ…………..

අනතුරුව යළිත් තරගය ආරම්භ කරමින් දෙපිලම සාර්ථක පන්දු පිරිනැමීම් සහ අන්ත ආක්‍රමණය කිරීම් කිහිපයක නිරත වූ අතර 41 වැනි මිනිත්තුවේ දී සිල්වෙස්තර ක්‍රිඩක එස්. බී. කපුකොටුව වෙත ලැබුණු පන්දුව ඔහු සාර්ථක ධාවනයක නිරත වෙමින් ධවල රේඛාව මත සුරැකිව ස්ථානගත කිරීමට කටයුතු කළ අතර එහි ප්‍රවර්තන එල්ලය ද ඔහු විසින්ම සාර්ථක කරගත්තේය. දිනය තුල සිල්වෙස්තරයින් ලද පළමු සහ අවසන් ලකුණත් එය වීම විශේෂත්වයකි. එම ලකුණත් සමඟින් පළමු අර්ධය නිමාවට පත්විය. 

පළමු අර්ධය: ශ්‍රී සුමංගල විද්‍යාලය 15 – 07 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

අනතුරුව තරගයේ ආක්‍රමණශීලී දෙවන අර්ධය ආරම්භ වූ අතර එම වටය තුල සිල්වෙස්තරයින්ගේ ආරක්ෂක විධිවිධාන සහ ආරක්ෂක බලමුළු සියල්ල අනුකම්පා විරහිතව රිසිසේ බිඳ දැමීමට සුමංගල ක්‍රීඩකයින් සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. 

දෙවන අර්ධය ආරම්භ කරමින් මිනිත්තුවක් තුල පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සදීප ලක්ෂාන් සමත් වූ අතර පිටියේ එක් කෙළවරකින් පන්දුව අතට සදීප වේගවත් ධාවනයක යෙදෙමින් ධවල රේඛාව සලකුණු කිරීමට එහි දී සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සුමංගල 20-07 සිල්වෙස්තර)

අනතුරුව පීඩාව තවදුරටත් සිල්වෙස්තරයින් දෙසටම පා කරහැරීමට සමත් වූ සදීප ලක්ෂාන් දෙවන අර්ධයේ දෙවන උත්සාහක දිනුමත් තවත් මිනිත්තු 04ක් තුල වාර්තා කිරීමට සමත් විය. එහි ද ප්‍රවර්තන එල්ලය අසාර්ථකයි. (සුමංගල 25-07 සිල්වෙස්තර) 

එකපිට එක එල්ල වන ප්‍රහාරය හමුවේ පසුබැසීම හැර වෙනත් විකල්පයක් නොමැති බව වටහා ගත් සිල්වෙස්තරයින් සිය සටන්කාමීත්වය මඳක් බාල කිරීම හේතුවෙන් ඒ අවසරයෙන් යළිත් වරක් දෙවන අර්ධයේ 07 වැනි මිනිත්තුවේ දී තරුෂ දිසානායක උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සදීප ලක්ෂාන් විසින් නිසි ඉලක්කයට යොමු කළේය. සුමංගලයින් දිනයේ ලබා ගත් පළමු සහ අවසන් පූර්ණ ලකුණ ලෙස මෙය සටහන් විය. ( සුමංගල 32-07 සිල්වෙස්තර) 

B කාණ්ඩයේ පෙරමුණට ඒමට වෙර දරන තර්ස්ටන්වරුන්

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය පසුගිය දා ආරම්භ විය. මෙවර තරගාවලිය අන් කවරදාකටත් වඩා තරගකාරී…………..

අනතුරුව ලකුණු පරතරයේ විශාලත්වය සහ දිගින් දිගටම එල්ල වන දැඩි ප්‍රහාරය හමුවේ වික්ෂිප්තව බලා සිටි සිල්වෙස්තරයින්ට දෙවන අර්ධයේ 30 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක අමිහිරි බව විඳ ගැනීමට සිදු වූ අතර එම උත්සාහක දිනුමත් තරූෂ දිසානායකගේ නම ඉදිරියෙන් ලියැවිණි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සුමංගල 37-07 සිල්වෙස්තර) 

පෙර උත්සාහක දිනුමට මිනිත්තු 02කට පසුව යළිත් වරක් සුමංගල ක්‍රිඩක දේවින්ද රත්නායක සාර්ථක ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එය තරගයේ ලකුණු පුවරුවට එක්වූ අවසන් ලකුණ ලෙස සටහන් කරමින් එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. ඉන්පසුව තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් කණ්ඩායම් දෙකටම කිසිදු ලකුණක් රැස්කර ගැනීමට නොහැකි විය. 

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී සුමංගල  විද්‍යාලය 42 (8T, 1C) – 07 (1T, 1C) සිල්වෙස්තර විද්‍යාලය 

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්: 

  • ශ්‍රී සුමංගල විද්‍යාලය: සදීප ලක්ෂාන්  (2T, 1C), තරූෂ දිසානායක (2T), මනූෂ කාවින්ද (1T), දේවින්ද රත්නායක (1T), සහන් ප්‍රභාත් (1T), නිපුන ජයතිලක (1T)
  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය: එස්. බී. කපුකොටුව (1T, 1C) 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<