ලේටන් කුසලානයේ තෙවන දිනයත් සාර්ථකව නිමා වෙයි

164

77 වන ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ තුන්වැනි දිනය ඊයේ (16) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී සාර්ථකව නිමාවට පත් විය. තෙවන දිනයේ දී පැවති සියලුම තරග පිරිමි අංශයේ අර්ධ අවසන් පූර්ව තරග වූ අතර එහි දී වැඩි ජයග්‍රහණ තමන් සතු කරගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සමත් විය.

>> යුධ හමුදා ක්‍රීඩකයින් සාර්ථක මෙහෙයුමක

පිරිමි, කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය

MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන සී. අයි. පෙරේරා හා ඒ. අයි. සංජය අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජය ගැනීමට පෙරේරා සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්. එස්. කුඅමර හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එන්. ජීවන්කුමාර අතර පැවති තරගය නිම වූයේ 5-0ක් ලෙස ජීවන්කුමාර හට ජය හිමි කරමිනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. එන්. කුමාර හා පේරාදෙණිය බොක්සිං සමාජයේ එච්. එන්. ජිනදාස අතර පැවති තරගයෙන් 3-2ක තියුණු ජයක් ලැබීමට ජිනදාස සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. ඉන්ද්‍රතිලක හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ජී. එස්. නුවන් අතර පැවති තරගයෙන් පළමු වටයේ දී ම නොක්-අවුට් ආකාරයෙන් ජය ලැබීමට නුවන් සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ.60 ලයිට් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ජේ. ඩබ්. කුමාර හා පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. නිමේෂ් අතර පැවති තරගය කුමාරට ජය ගැනීමට හැකි වූයේ ප්‍රතිවාදී කණ්ඩායම විසින් තරගය නවතන ලෙස කළ ඉල්ලීම නිසාය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එම්. බණ්ඩාර හා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. එස්. කුමාර අතර පැවති තරගය 4-1ක් ලෙස ජය ගැනීමට බණ්ඩාර සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී. ඒ. මදුශංක හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්. සී. බණ්ඩාර අතර පැවති තරගය 4-1ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ බණ්ඩාරයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. කේ. රත්නායක හා MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස්. බී. ජයම්පති අතර පැවති තරගය 5-0ක් ලෙස ජය ගැනීමට ජයම්පති සමත් විය.

පිරිමි කි.ග්‍රෑ.. 64 ලයිට්වෙල්ටර් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන බී. රාජකරුණා හා එම්. ඒ. බණ්ඩාර අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට බණ්ඩාර සහභාගී නොවීම හේතුවෙන් රාජකරුණා ජය ලැබීය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. සී. මදුශංක හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. කේ. රත්නායක අතර පැවති තරගයෙන් 3-1ක් ලෙස ජය ලැබීමට රත්නායක සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. ඩී. වීරසිංහ හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. කේ. පද්මකුමාර අතර පැවති තරගය 3-2ක් ලෙස ජය ගැනීමට පද්මකුමාර සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. කේ. සමීර හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. සී. උදයකුමාර අතර පැවති තරගය 4-1ක් ලෙස ජය ගැනීමට උදයකුමාර සමත් විය.

>> යුධ හමුදා ක්‍රීඩකයින් පෙරමුණ ගැනීමට සමත් වෙයි

පිරිමි, කි.ග්‍රෑ.69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්. කුමාරසිංහ හා MAS ක්‍රීඩා සමාජයේ එන්. හීල්බත්දෙණිය අතර පැවති තරගය විනිසුරුවරයා විසින් නවතන ලද්දේ කුමාරසිංහට ජය අත්කර දෙමිනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඒකනායක හා MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඒ. අයි. රාජපක්ෂ අතර පැවති තරගය 2-0ක් ලෙස ජය ගැනීමට රාජපක්ෂ සමත් විය.

MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. එම්. හෙට්ටිආරච්චි හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ වයි. එම්. දිල්ෂාන් අතර පැවති තරගයෙන් දිල්ෂාන් ජයගත්තේ හෙට්ටිආරච්චි විසින් නීති විරෝධි පහරක් එල්ල කිරීම හේතුවෙනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන ඒ. ඩී. සම්පත් හා ඩී. ඩී. මදුරංග අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් මදුරංග ජයගත්තේ සම්පත්ගේ නොපැමිණීම හේතුවෙනි.

පිරිමි, කි.ග්‍රෑ. 91 හෙවි වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සී. එන්. බණ්ඩාර හා පොලිස් ක්‍රීඩා සමාජයේ ජී. ඒ. ගෝඨාභය අතර පැවති තරගයෙන් නොක්-අවුට් ආකාරයට ජය වාර්තා කිරීමට බණ්ඩාර සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එන්. එස්. සම්පත් හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. ඊ. බණ්ඩාර අතර පැවති තරගය 5-0ක් ලෙස ජය ගැනීමට සම්පත් සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ.91+ සුපර් හෙවි වෙයිට් බරපන්තිය

MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බී. රත්නදිවාකර හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. ඒ. රත්නායක අතර පැවති තරගය රත්නදිවාකර ජය ගනු ලැබුවේ ප්‍රතිවාදී කණ්ඩායම තරගය නවතන ලෙස ඉල්ලීම් කළ නිසාවෙනි.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. ඩබ්. හෙට්ටිගේ හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. එම්. අබේසිංහ අතර පැවති තරගය 3-2ක් ලෙස ජය ගැනීමට හෙට්ටිගේ සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එච්. ඩී. ද සිල්වා හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ බී. ඊ. තිලකරත්න අතර පැවති තරගය 5-0ක් ලෙස තිලකරත්න ජය ලැබීය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන එල්. සඳුන් හා එම්. එම්. මීගස්තැන්න අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය මීගස්තැන්න විසින් ජයගත්තේ සඳුන්ගේ නොපැමිණීම හේතුවෙනි.

තරගාවලියේ සිව්වැනි දිනය වන අද (17) දිනයේ දී පිරිමි හා කාන්තා අංශවල අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිත අතර එහි සියලුම තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.  රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<