ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ පාකිස්තානයට

CAVA ජාතික වොලිබෝල් තරගාවලිය 2022

292

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත CAVA ජාතික වොලිබෝල් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඊයේ (23) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

නොවැම්බර් 24 සිට 28 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉරානය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිඳු මෙත්මාල් හට හිමිව ඇති අතර තරගාවලියට නම් කළ සංචිතය සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය සිකුරාදා (25) ඇෆ්ගනිස්ථානය සමඟින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය: ලසිදු නමත්වමාල් (නායක), අයේෂ් දිල්හාන් (උප නායක), මනෝජ් සුරංග, සජිත් කැළුම්රත්න, උදයංග සොයිසා, ලක්ෂාන් කැළණියගේ, ශමිල් මලින්ද, වසන්ත ලක්මාල්, මලිත් දිනිඳු, ධනුෂ්ක දිල්ෂාන්, මලීෂ රවිෂාන්, හර්ෂක සිල්වා.

තරගාවලියේ නිල කාලසටහන

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<