වෙළඳසේවා වොලිබෝල් අවසන් මහා තරග සතිඅන්තයේ

වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය 2022

324

2022 වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග මේ ඉරිදා (13) මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය Novices සහ Pro යන කාණ්ඩ දෙකක් යටතේ පැවති අතර එම කාණ්ඩ ද්විත්වයේම කාන්තා සහ පිරිමි අවසන් මහා තරග එදිනට පැවැත්වීමට නියමිතයි.

Novices කාණ්ඩයේ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Omegaline A සහ Maliban කණ්ඩායම් සමත් වූ අතර ඔවුන් හමුවේ පිළිවෙළින් පරාජයට පත් වුනේ Hirdaramani සහ Omegaline B කණ්ඩායම්.

එම කාණ්ඩයේ පිරිමි අවසන් මහා තරගය Best Pacific Textile Pvt Ltd සහ Slimline Pannala කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ දී Best Pacific කණ්ඩායම CDB පරදවමින් සහ Slimline Pannala කණ්ඩායම Linea Aqua පරදවමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම කාණ්ඩයේ අවසන් තරග ඉරිදා උදෑසන 08ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

>> Novices කාණ්ඩයේ කණ්ඩායම් විස්තර<< (ADD Novices PDF)

තරගාවලියේ Pro කාණ්ඩයේ කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට Casualline Mawathagama සහ Hirdaramani යන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

එමෙන්ම එම කාණ්ඩයේ පිරිමි අවසන් තරගය සඳහා Ocean Lanka Pvt Ltd සහ Maliban කණ්ඩායම් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් විසින් අවසන් පූර්ව වටයේ දී Omegaline සහ Unichela Panadura කණ්ඩායම් පරාජය කර තිබුණා.

Pro කාණ්ඩයේ අවසන් මහා තරග ඉරිදා (13) දහවල් 01ට ආරම්භ කිරීමට නියමිතයි.

>> Pro කාණ්ඩයේ කණ්ඩායම් විස්තර<< (ADD Pro PDF)

වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ අවසන් වටයේ තරග තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<