ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ දායක ආරංචියක්

253

මීට මාස කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ ලෝක ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගත් නව සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය අතහැර නැවත පරණ ක්‍රමවේදය යලි ක්‍රියාත්මක කිරීමට IAAF හෙවත් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක  ක්‍රීඩිකාවන්ගේ 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු නැවතත් ඉහළ යනු ඇත.

නව ක්‍රමය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර දොරටු වසා දමයි ද?

2019 දෝහා හී පැවැත්වෙන IAAF ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ ආරම්භය 2018 නොවැම්බර් 19 දා පැවැත්වුණු අතර මෙම සුදුසුකම් ලැබීමේ වෙනස් කිරීම IAAF විසින් එහිදී නිවේදනය කරනු ලැබිණි.   

ලබන වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට නව ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ ක්‍රමවේදය භාවිතා කිරීම ඔවුන්ගේ පළමු උත්සාහය විය.

ලොව පුරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා බලධාරීන්ගේ අදහස් අනුව බොහෝ දෙනෙක් මෙම ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ නව ක්‍රමවේදයට කැමැත්ත පල කළත්, ලකුණු මත පදනම් වූ ක්‍රමය සියලුම රටවල්වල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණ වන බැවින් නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තවත් සුළු සුළු වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුවනු ඇත.

IAAF ප්‍රධානතම ඉලක්කය තරගකරුවන්ට උපරිම සාධාරණය ඉටු කිරීම බැවින් නව ක්‍රමය ස්ථාවර හා සියලු දෙනාට සාධාරණ වන තුරු පැරණි ක්‍රමය ක්‍රියාත්මක වන කාල සීමාව දිගු වනු ඇත.

IAAF කවුන්සිලයේ නව තීරණයකට අනුව නව ලෝක ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ ක්‍රමය 2019 තරගවාරය සඳහා සැලසුම් කළ පරිදි ක්‍රියාත්කමක වන්නේ පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයින්ට එම ක්‍රමවේදයට හුරුවීමට ඉඩ ලබා දීමේ අරමුණින්.

“අපි දැඩිසේ විශ්වාස කරනවා ලෝක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය තමයි ප්‍රධාන ශූරතාවලි සඳහා මෙම ශ්‍රේණිගත කිරීම් ක්‍රමය යොදා ගැනීම, මෙය සාර්ථකව ක්‍රියාත්මක කරන්නට කල් ගත වේවි, වැදගත්ම කරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා බලධාරීන් මෙම සංකීර්ණ ක්‍රමය හරි හැටි හඳුනාගත යුතුයි” යැයි IAAF සභාපති සෙබස්තියන් කෝ පැවසීය.

කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ

ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000…

“දෝහා හී පැවැත්වෙන ශුරතාවලිය සඳහා පවතින ක්‍රමයම තෝරා ගැනීමට අප තීරණය කළේ තරගාවලියට සුදානම් වන ක්‍රීඩකයින්ට, සම්මේලනයන්ට හා පුහුණුකරුවන්ට පහසු නිසයි, අපිට විශ්වාසයි ලෝක ශ්‍රේණිගත කිරීම් තේරීමේ ක්‍රමය පිලිබඳ විශ්වාසය තහවුරු වූ පසු මේ ක්‍රමය අනාගත ශුරතාවලි සඳහා සුදුසුකම් ලැබීම සඳහා යොදා ගන්න හැකි වේවි”

IAAF ඊයේ (12) 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියා දාමය නිවේදනය කළ අතර ඒ අනුව පැරණි ක්‍රමයම ක්‍රියාත්මක වනු ඇත.

දෝහා 2019 මලල ක්‍රීඩා ශුරතාවලිය සඳහා ආකාර හතරකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලැබිය හැක.

  • සුදුසුකම් ලැබීමේ කාල සීමාවේ දී නියමිත සුදුසුකම් ලැබීමේ ඉලක්කයන්ට ළඟා වීම
  • ප්‍රාදේශීය ශූරතාවලිවල කේවල ඉසව්වල දී (මැරතන් හැර) ජය හිමි කර ගැනීමෙන් ක්‍රීඩකයෙකු ඇතුලත් වීමේ කුසලතාවලට ළඟා වූ බව සැලකේ.
  • Wild Card අවස්ථාවකින් – වත්මන් ලෝක ශූරයෙකු ලෙස, 2019 IAAF ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෝ IAAF මිටිය විසි කිරීම තරගාවලියේ ජයග්‍රාහකයින්ට හෝ ඇවිදීමේ ශූරතාවලියේ හෝ ඒකාබද්ධ ඉසව්වල ජයග්‍රාහකයින්ට.කෙසේ වෙතත් මේ ආකාරයට එක් රටකට නම් කළ හැක්කේ එක් තරගකරුවෙක් පමණි.
  • සුදුසුකම් ලැබීමේ කාල සීමාව තුළ IAAF හොඳම දක්ෂතා දැක්වූ තරගකරුවන්ගේ ලැයිස්තුවේ සිටීම (මීටර 10000, මැරතන්  හා ඇවිදීමේ ඉසව් හැර)

ඉසව්වට අදාළ ඉලක්කගත ක්‍රීඩකයින් සංඛ්‍යාව තේරීම් ඉසව්වලින් ඇතුළු නොවුණොත් ‘Rolldown system’ ආකාරයෙන් හොඳම දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවෙන් එම ඉසව්වට ඇතුළු වන ක්‍රීඩකයින් ගණන තීරණය වනු ඇත.

සහය දිවීමේ කණ්ඩායම් යොකොහොමා හී පැවැත්වෙන 2019 IAAF ලෝක සහය දිවීමේ ශූරතාවලියේ හොඳම කණ්ඩායම් ලැයිස්තුව අනුව දෝහා හී පැවැත්වෙන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

සාමාජික සම්මේලනයින්ට තරගාවලියට සුදුසුකම් ලැබූ කිසිදු තරගකරුවෙකු නොමැති නම් ඔවුන්ට එක සුදුසුකම් නොලැබූ තරගකරුවෙකු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා සුපිරි මැරතන් ධාවන ශූරි හිරුනි විජේරත්න මේ වන විටත් තරගාවලියට සුදුසුකම් ලබා ඇති අතර ඒ ඉන්දියානාපොලිස්  හී නිමා වූ මැරතන් තරගාවලියේ දෙවන ස්ථානය දිනාගෙන මෙන්ම ඇයගේ හොඳම පෞද්ගලික කාලය ද 2:08:34කින් වාර්තා කරමිනි.

හිරුණි නැවතත් මැරතන්වලින් දස්කම් දක්වයි

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ද දෝහා හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට එහි දී ද ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත. පිරිමි මීටර 400X4 සහය දිවීමේ කණ්ඩායම, පිරිමි දුර පැනීම, පිරිමි හෙල්ල විසි කිරීම වැනි ඉසව්වලින් ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තබාගෙන සිටියි.

ප්‍රභවය – IAAF

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<