ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය කාන්තා සංචිත නම් කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

369

එළඹෙන ජුනි 23 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සහභාගී වන ඉන්දීය කාන්තා ක්‍රිකට් සංචිත අද (9) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙතෙක් ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ පිතිකාරිණියක වන 39 හැවිරිදි Mithali Raj ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුව මේ සංචිතය නම් කිරීම විශේෂත්වයක්. ඒ අනුව ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නව නිත්‍ය නායිකාව ලෙස Harmanpreet Kaur පත් කර තිබෙනවා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙම තරග සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනම දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත අතර 2022-2025 ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් එක්දින තරග තුනම මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය එක්දින හා විස්සයි විස්ස සංචිත

  • එක්දින සංචිතය: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Taniya Bhatia (wk), Harleen Deol.
  • විස්සයි විස්ස සංචිතය: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Jemimah Rodrigues, Radha Yadav.

තරග කාලසටහන

  • පළමු විස්සයි විස්ස තරගය – ජුනි 23 – දඹුල්ල
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 25 – දඹුල්ල
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 27 – දඹුල්ල
  • පළමු එක්දින තරගය – ජුලි 1 – පල්ලෙකැලේ
  • දෙවැනි එක්දින තරගය – ජුලි 4 – පල්ලෙකැලේ
  • තෙවැනි එක්දින තරගය ජුලි 7 – පල්ලෙකැලේ

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<