ගයන්තිකාගේ, රුමේශිකාගේ හා ඉඳුනිල්ගේ බලාපොරොත්තු බිඳ වැටේ

400

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 10 වන දිනය අදයි (28 දා). අද දිනයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ශ්‍රී ලංකා හොකී කණ්ඩායම තරග බිමට පිවිසුණු අතර ශ්‍රී ලංකා තරගකරුවන්ට අද එතරම් සුබ දිනයක් වූයේ නැත.

වසර 40 ඉතිහාසය අලුත් කළ පෙරළිකාරී ශ්‍රී ලංකා හොකී කණ්ඩායම

මේ දිනවල ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ක්‍රීඩා හතළිහකින් සමන්විතයි…

අද සවස පෙරළිකාර ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට ප්‍රබල ඉන්දියාව හමුවේ දැවැන්ත පරාජයක් ලබා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඉන්දියාව ගෝල 20-00ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ ආසියානු සවාරිය නිමා කළත්, ශ්‍රී ලංකා හොකී කණ්ඩායම මෙම තරගාවලියේ දී දැක්වූ දක්ෂතා අගය කළ යුතුමය. ජපානය හා කොරියාව හමුවේ පරාජය වීමෙන් අනතුරුව ඔවුන් හොං කොං හා ඉන්දුනීසියාව පරාජය කළ අතර ඉන්දියාව සමග තරගය කාණ්ඩ මට්ටමේ ඔවුන්ගේ අවසන් තරගයයි.

ධාවන ශූරී රුමේශිකා රත්නායක අද කාන්තා මීටර 200 අවසන් පූර්ව වටයට තරග කළ අතර අවාසනාවන්ත ලෙස ඇයට හිමි වූයේ 7 වන ස්ථානයයි. ඇයට ඉසව්ව නිමා කිරීමට තත්පර 24.05ක කාලයක් ගිය අතර ඒ අනුව තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් බිඳ වැටුණි.

ඊයේ දිනයේ ගයන්තිකා අබේරත්න හා ඉඳුනිල් හේරත් මීටර 800 අවසන් මහා තරගවලට තේරී පත්වුණු අතර අද දිනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව වූයේ ඔවුන් දෙදෙනායි.

>> අත්දැකීම් මදිකම තමයි පරාජයට හේතුව

ගයන්තිකා තත්පර 2:05.50කින් ඉසව්ව නිමා කළත් ඇයට හිමි වූයේ 6 වන ස්ථානයයි. ඉඳුනිල් හේරත් පිරිමි මීටර 800 අවසන් මහා තරගයට ඉන්පසු පිවිසුණු අතර තත්පර 1:51.36කින් ඉසව්ව නිමා කළ ඔහුට හිමි වූයේ අවසන් ස්ථානයයි. ඒ අනුව අවාසනාවන්ත ලෙස එම අවස්ථා දෙකත් අපතේ ගියේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු වතුරේ යවමිනි.

තවත් ඉතිරිව ඇති එකම ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව මීටර 4X400 සහය දිවීමේ ඉසව්ව වන අතර එහි තොරතුරු හා තවත් තොරතුරු ලද විගස ඔබ වෙත රැගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<