Home Sinhala පහසු ජයක් සමඟින් තරගාවලියේ පෙරමුණ පාකිස්තානයට

පහසු ජයක් සමඟින් තරගාවලියේ පෙරමුණ පාකිස්තානයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

302
Sri Lanka Women’s Tour of Pakistan 2022

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර අද (24) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 16කට පසුව පාකිස්තානයේ තරගයකට එක්වූ පළමු අවස්ථාව මෙය වූ අතර කරච්චි හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

  • පාකිස්තාන කාන්තා කණ්ඩායම: Muneeba Ali (wk), Gull Feroza, Iram Javed, Bismah Maroof (c), Nida Dar, Aliya Riaz, Ayesha Naseem, Fatima Sana, Tuba Hassan, Aiman Anwer, Anam Amin
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: චමරි අතපත්තු (c), හසිනි පෙරේරා, හර්ෂිතා පෙරේරා, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (wk), කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය.

ශ්‍රී ලංකා නායිකාවගේ තීරණයට අභියෝග කළ පාකිස්තාන ක්‍රීඩිකා Anam Amin විසින් හසිනි පෙරේරා ලකුණු 4කට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුව වූ චමරි අතපත්තු ලකුණු 6කට පිටියෙන් ඉවත් කළේ මුළු ලකුණු සංඛ්‍යාව 13ක් වන විටයි.

තෙවැනි කඩුල්ල සඳහා හර්ෂිතා මාධවි සමඟ එක්ව ලකුණු 38ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව අනුෂ්කා සංජීවනී ලකුණු 16කට දැවී ගියේ Tuba Hassanගේ පන්දුවක් හමුවේයි.

නැවතත් ක්‍රියාත්මක වූ Tuba Hassan ලකුණු 25ක් ලබා සිටි හර්ෂිතා දවා ගැනීමට සමත් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 58ක් ලබා තිබුණා.

ඉන්පසු පිටියට පැමිණි කවිෂා ඩිල්හාරි එක් ලකුණකට සහ ඕෂධී රණසිංහ ලකුණු 4කට දැවී යද්දී ලකුණු 25ක් ලබා සිටි නිලක්ෂි ද සිල්වා දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට Aiman Anwerට හැකි වුනා.

බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 106ක් පමණයි.

පන්දු යැවීමේ දී Anam Amin සහ Tuba Hassan කඩුලු තුන බැගින් බිඳ හෙළද්දී, Aiman Answer කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 107ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Gull Feroza ලකුණු නොලබාම දවා ගැනීමට සුගන්ධිකා කුමාරිට හැකි වුනේ හොඳ ආරම්භයක් සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

පාකිස්තාන ලකුණු පුවරුව 45ක් වන විට Muneeba Ali ලකුණු 18කට සහ Iram Javed ලකුණු 18කට දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ තරගයේ තරමක ගෞරවයක් කණ්ඩායම සතු කරගනිමුයි.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ පාකිස්තාන නායිකා Bismah Maroof සහ Nida Dar සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 51ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම සකස් කළා.

මුළු ලකුණු සංඛ්‍යාව 96ක් වන විට ලකුණු 28ක් ලබා සිටි Bismah Maroof දවා ගැනීමට ඕෂධී රණසිංහට හැකි වූවත්, පාකිස්තාන ක්‍රීඩිකාවන් පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ Nida Dar නොදැවී ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වූ අතර ඕෂධී රණසිංහ ලකුණු 20කට කඩුලු දෙකක් දවා ගත්තා.

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<