ලන්ඩන් සත් සාමාජික රග්බි සංවිධායකයින් තීරණයක් ගනී

90

ලෝක රග්බි ආයතනය විසින් ලන්ඩනයේ හා පැරීසියේ පැවැත්වීමට නියමිත තිබූ ලෝක රග්බි සත් සාමාජික රග්බි තරගාවලියේ අදියර දෙකම සැප්තැම්බර් දක්වා කල් දමා තිබෙනවා. ඒ මේ දිනවල ලොවම වෙලාගෙන ඇති COVID-19 වයිරසය නිසාවෙන්.

ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වැඩකාරයෝ!

සුපුරුදු පරිදි මහනුවර ක්‍රීඩා සමාජයට අඛණ්ඩ 6 වන අන්තර් සමාජ ලීග් රග්බි කිරුළ දිනා දෙමින් 2020 ඩයලොග්……

රග්බි ආයතනය ලොව වටා අනෙක් සත් සාමාජික රග්බි තරගාවලි ද අත්හිටුවන්නට තීරණය කර ඇති අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ තේරීම් තරග ද පැවැත්වීම පිළිබඳව ද ඔවුන් නැවත පසු විපරමක් කරන බව පවසා තිබෙනවා.

මීට අමතරව ඉතාලියේ පැවැත්වීමට තිබුණු වයස අවුරුදු 20න් පහළ ලෝක රග්බි ශුරතාවලිය ද අවලංගු කර දමා තිබෙනවා. තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ජුනි හා ජූලි මාසවල දීයි. හොංකොං හිදී හා සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත ලෝක සත් සාමාජික රග්බි තරගාවලියේ අදියර දෙක හා දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කාන්තා සත් සාමාජික අභියෝගතා ශූරතාවලිය ද මේ වන විටත් කල් දමා තිබෙනවා. 

ලෝක රග්බි සභාපති සර් බිල් බේමොන්ට් (Sir Bill Beaumont) මෙසේ පවසා තිබුණා. “මේ අපහසු වෙලාවේ ලෝකයේ සියලු රග්බි ප්‍රේක්ෂකයින් එක්ක අපි මේ වෙලාවේ එක්සත්ව නැගී සිටිනවා. අපි ලෝක රග්බි ප්‍රේක්ෂකයින් හා සියලුම ලෝ වැසියන් ආරක්ෂා කරන්නට කළ හැකි සියල්ල කරනවා.”

කොරෝනා සටන සහ ටෙස්ට් අතර සම්බන්ධයක් තියෙනවා

ඉන්දියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නව කොරෝනා……

“COVID-19 කොරෝනා වයිරසය පැතිර යාම අවම කරන්නට රටවල් වල රජයන් හා මහජන සෞඛ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර අපි මේ තත්වය අවම කරන්නට කටයුතු කරනවා.”

“ඒ අනුව අපේ අනෙක් සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ලෝක රග්බි තරගාවලි හා ක්‍රියාකාරකම් තාවකාලිකව නවත්වන්නට කටයුතු කළා.” ලොව පුරා ක්‍රීඩා වැඩසටහන් රැසක්ම මේ අවදානම් තත්වය නිසා කල් දැමුණු අතර Beaumont මහතා පවසා සිටින්නේ ලෝක රග්බි විධායක කමිටුව රග්බි ක්‍රීඩාව නැවත ආරම්භ කළ හැකි තත්වයක් උදාවුණු පසුව තරග පැවැත්වීම පිළිබඳ සැලැස්මක් සකසමින් සිටින බවයි.

“මේක හරිම අමාරු කාලයක්, අපි එකමුතු වෙලා මේ තත්වය මඟහරවා ගන්නට ඕනේ. තත්වය යහපත් වුනාම අපිට නැවත රග්බි ක්‍රීඩා කරන්නට පුළුවන්.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<