කොරෝනා කෙරුවාවෙන් හොංකොං සැණකෙලිය කල් යයි

80

මේ දින වල ලොව පුරා වසංගතයක් මෙන් පැතිර යන මාරාන්තික නව කොරෝනා වෛරසය දැනටත් බොහෝ ක්‍රීඩාලෝලීන් හට දැඩි හිසරදයක් බවට පත්ව ඇත. ඒ ඔවුන් ආදරය කරන ජනප්‍රිය ක්‍රීඩා ඉසව් රැසක් උද්ගතව ඇති තත්වය හමුවේ දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව ඇති නිසාවෙනි. 

ඔග්බෙබෝ, වෙස්ලි සුක්කානම සියතට ගනී!

එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී වෙස්ලි විදුහල මෙහෙයවීමේ භාරධූර කාර්ය No.8 ක්‍රීඩක සැමුවෙල්…..

එසේ කල් දැමූ තරගාවලි ලැයිස්තුව අතරට එකතුවන නවතම ක්‍රීඩා ඉසව්ව වන්නේ HSBC ලෝක සත්සමාජික රග්බි ශූරතාවය යටතේ වාර්ෂිකව පැවැත්වෙන සිංගප්පූරු සහ හොංකොං සත්සාමාජික තරගාවලි ද්විත්වයයි. 

සෑම වර්ෂයක දීම ලොව නන් දෙසින් පැමිණෙන රග්බි ක්‍රීඩාලෝලීන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලි නැරඹීම සඳහා හොංකොං සහ සිංගප්පූරු රාජ්‍යයන් වෙත එක්රැස් වේ. නමුත් මෙම වසර ආරම්භයේ සිට හොංකොං හි පැවති කළහකාරී ආණ්ඩු විරෝධි කැරලි නිසාවෙන් මෙවර තරගාවලිය සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින්ගේ යම් අඩුවක් කල්තියාම අපේක්ෂා කෙරිනි. 

එවැනි වාතාවරණයක් පවතින විට වසංගත තත්වයක් නොසිතූ අයුරින් බලපෑම් එල්ල කිරීම මෙවැනි තීරණයක් ගැනීමට තමන්ව පෙළඹ වූ බවට අන්තර්ජාතික රග්බි සම්මේලනය ඇතුළුව හොංකොං සහ සිංගප්පූරුව යන රටවල රග්බි පාපන්දු සම්මේලනයන් සාමුහික පණිවිඩයක් නිකුත් කරමින් සඳහන්කොට තිබුනි. 

“ශූරයින්ගේ මාරයා” හසුරවන්නට නව මුහුණක්!

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වුණු ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායමට……

ක්‍රීඩකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ පමණක් නොව තරගාවලි සංවිධානය කරන සියළුම පාර්ශවයන්ගේ ද ආරක්ෂාව අංක එකට තබා කටයුතු කිරීමට තමන් බැඳී සිටින නිසාවෙන් මෙවැනි දැඩි තීරණයක් ගැනීමට අකමැත්තෙන් වූවද සිදූ වූ බව අදාළ සම්මේලනයන් නියෝජනය කරන බළධාරීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනි. 

ඒ අනුව තරගාවලි කාල සටහනේ වෙනසක් සිදු කරමින් සිංගප්පූරු අදියරය ඔක්තෝබර් මස 10 වනදා සිට 11 වනදා දක්වාත්, හොංකොං තරගාවලිය එම මස 16 සහ 17 යන දෙදින පුරාවටත් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර ඒ හා සමඟාමීව 2020 වර්ෂයට අදාල සියළුම අදියරයන්ගේ අවසානය සනිටුහන් කිරීමත් අපේක්ෂා කෙරේ. තවද එළැඹෙන වසරේ දී මෙම තරගාවලි ද්විත්වය සුපුරුදු පරිදි අප්‍රේල් මාසයේ දී ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරනු ඇත. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<