ශ්‍රී ලංකාවට රන් පදක්කම් හතරක් සමඟින් සමස්ත පදක්කම් හයක්!

Dubai Grand Prix Fazza 2024

133

2024 International Para Athletic Grand Prix තරගාවලියේ ඩුබායි හිදි පැවැත්වුණු පළමු තරග අදියරේ දී (Fazza Grand Prix) රන් පදක්කම් 4ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් සමත් වුනා.

පසුගිය 12 වැනි දා ආරම්භ වූ මෙම තරගාවලිය ඊයේ (15) දිනයෙන් අවසන් වූ අතර, පසුගිය 14 වැනි දා දිනේෂ් ප්‍රියන්ත සහ නුවන් ඉන්දික විසින් රන් පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම ඊයේ දිනයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කර දීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර මෙහි දී;

T45/47/62 කාණ්ඩය යටතේ පැවැත්වුණු පිරිමි මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමන් සුභසිංහ විසින් සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු වැය කලේ තත්පර 51.12ක කාලයක් පමණයි.

මේ අතර T42/63 කාණ්ඩය යටතේ පැවැත්වුණු පිරිමි මීටර් 100 ඉසව්වෙන් තත්පර 13.05ක කාලයක් සමඟින් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට අනිල් ප්‍රසන්න ජයලත් විසින් සමත් වූ අතර, තත්පර 13.15ක කාලයක් තුළ එම ඉසව්ව නිම කළ  බුද්ධික ඉන්ද්‍රපාල එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඒ අනුව මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් හතරක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් සමස්ත පදක්කම් 6ක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ තරගකරුවන් පස් දෙනාම මෙහි දී පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වීම වඩාත් විශේෂ සිදුවීමක්.

දේශීය මලල ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<