ආනන්දියෙකු Jaffna Kings සමඟ එක්වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

1870

කුවේට් රාජ්‍යයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සහ කුවේට් ක්‍රිකට් සංවර්ධන කළමනාකරු සහ මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මුතුමුදලිගේ පුෂ්පකුමාර JAFFNA KINGS දඟපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ඒ මීට පෙර JAFFNA KINGS දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ සචිත් පතිරණ 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස පත්කිරීම හේතුවෙනි.

මුතුමුදලිගේ 2019 වර්ෂයේ සිට කුවේට් රාජ්‍යයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සහ සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ කුවේට් ජාතික ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත ප්‍රගතියක් අත්කරගෙන ඇත.

කුවේට් ජාතික ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට සඳහා සුදුසුකම් ලැබුවේ මුතුමුදලිගේ පුෂ්පකුමාරගේ පුහුණුකාරිත්වය යටතේය. එමෙන්ම ආසියානු කුසලාන බටහිර කලාපීය අනුශූරතාවය කුවේට් ජාතික කණ්ඩායමට දිනා ගැනීමට ද මුතුමුදලිගේ පුෂ්පකුමාරගේ පුහුණුකාරිත්වය ඉවහල් විය.

එසේම කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති මුතුමුදලිගේ පුහුණුකරුවෙකු ලෙස වසර 09ක් කටයුතු කර ඇත. එය JAFFNA KINGS කණ්ඩායමට  දැවැන්ත ශක්තියකි.

විශේෂයෙන්ම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත වර්ගීකරණය අනුව ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිදු හසංරග ප්‍රමුඛ JAFFNA KINGS දඟපන්දු බලඇණියට මුතුමුදලිගේ විශේෂඥ පුහුණුකාරිත්වය යටතේ LPL දෙවැනි අදියරේ දී සිය ප්‍රතිවාදීන්ට දැවැන්ත තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව පවතී.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මුතුමුදලිගේ පුෂ්පකුමාර 1999 වර්ෂයේ දී තුන් ඉරියව් දස්කම් දක්වමින් හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද තේරීපත්විය. එමෙන්ම 1998 වර්ෂයේ පැවති 17න් පහළ සිංගර් කුසලාන තරගාවලියේ දී සහ වේල්ස් කුමර කුසලාන තරගාවලියේ දී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙසින් ද මුතුමුදලිගේ ඇගයීමට ලක්විය.

2020 වර්ෂයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලිය ජයග්‍රහණය කරමින් LPL හි වත්මන් ශූරයින් බවට පත්ව සිටින Jaffna Kings කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමක් වන Lyca Group ය.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<