Noah Lyles 200m ලෝක වාර්තා සිහින දකියි

1010

2024 පැරිස් ඔලිම්පික් උළෙලට තවත් දින 200ක් පමණ වන වි, ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු පිළිබඳ කතිකාවතක් විදෙස් ක්‍රීඩා පිටියෙන් වාර්තා වෙනවා.

2023 වසරේ දී ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක ඉලක්කය 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක් දිනා ගැනීමට වන අතර තමන්ගේ ඉලක්ක පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙලෙසයි.

Mondo Duplantis

ප්‍රථමයෙන් ම පැවැත්වෙන ගෘහස්ථ ක්‍රීඩා සමය සහ ලෝක ගෘහස්ථ ක්‍රීඩා උළෙලට තමා පළමුවෙන් අවධානය යොමු කරන බව ස්වීඩන ජාතික රිටි පැනීමේ ශූර  Mondo Duplantis පවසනවා.

>>2023 වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා දක්ෂයින් නම් කරයි

7වරක් රිටි පැනීම ලෝක වාර්තාව අලුත් කළ ඔහු ඉන් එක් වරක් එම වාර්තාව පිහිට වූයේ 2022 Belgrade ගෘහස්ථ රිටි පැනීමේ ලෝක ශූරතාවය සියතට ගෙනයි.

තමන් සහභාගී වන සෑම තරගයක්ම ජය ගෙන සිය පෞද්ගලික දස්කම් ඉහළට ගෙන යාමට හැකි තරම් ඉහළට යාමට උත්සාහ කරන බව Duplantis වැඩි වශයෙන් කියා තිබුණා.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී Eugene හි පැවැත්වුණු Wanda diamond league අවසන් තරගයේ දී 6.23m ක දක්ෂතාවක් සමඟින් ලෝක වාර්තාව අලුත් කරන්නට ද ඔහුට හැකියාව ලැබුණා. ඒ වසර තුනක කාලයක් තුළ ඔහු ලෝක වාර්තාව බිඳ හෙළූ හත්වැනි වතාව වීම ද විශේෂත්වයක්.

ක්‍රීඩාවෙන් පිට අරමුණු ගැන ඔහු කියා සිටියේ,

මම හැම වෙලාවෙ ම මගේ පෞද්ගලික ජීවිතය සහ මගේ ක්‍රීඩාව වෙන් කිරීමට ඉතා දක්ෂයි. මට හොඳ සමබරතාවක් තියෙනවා, මොකද ඔබ යම් දෙයකට ඕනෑවට වඩා යොමු වූවොත් එයින් ඔබව ආතතියට පත්වෙන බව මම විශ්වාස කරනවා.

ඒ නිසා මම මගේ මනස නිරවුල් තියා ගන්න මගේ පවුලේ අය සමග සිටීම හෝ ගොල්ෆ් වැනි වෙනත් ක්‍රියාකාරකම් වල යෙදීම සිදු කරනවා.

ඔලිම්පික් තරගාවලිය ගැන ඔහු කියා සිටියේ “Of course, the Olympics, but honestly my mind is more on indoors right now than it is on anything else. One thing at a time” ලෙසයි.

Faith Kipyegon

මේ වන විට මීටර් 1500 ඔලිම්පික් ශූරතා 2ක්, 1500m සහ 5000m ලෝක ශූරතා 4ක් හිමි කර ගෙන ඇති කෙන්යාවේ Faith Kipyegon පවසන්නේ ඇය 2024 ඔලිම්පික් උළෙල සඳහා හොඳින් සූදානම් වන බවයි.

2023 වසරේ Budapest හි පැවැත්වුන ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේ දී 1500m සහ 5000m රන් පදක්කම් දිනා ගැනීමට ඇය සමත් වූ අතර 1500m, සැතපුම සහ 5000m ඉසව් වල ලෝක වාර්තා ද බිඳ දැමීමට ඇය සමත් වුනා

ක්‍රීඩාවෙන් පිටත සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව, මම හිතන්නේ මම බොහෝ දෙනෙකුට, විශේෂයෙන් මගේ රටේ, අප්‍රිකාවේ සහ ලොව පුරා සිටින තරුණ ගැහැණු ළමයින්ට ක්‍රීඩා කිරීමට පෙලඹීමක් ඇති කිරීමයි මගේ ඉලක්කය.

ඔවුන් ඔවුන්ගේ දක්ෂතා ඉහළ ලෙස දක්වමින් මගේ අඩිපාරේ ගමන් කිරීම සඳහා ඔවුන්ට ආදර්ශයක් වීමට මම කැමතියි” යැයි ඇය වැඩි දුරටත් අදහස් දක්වා තිබුණා.

Noah Lyles

ඇමෙරිකානු සුපිරි ධාවක Noah Lyles ඔහුගේ ඉලක්ක පිළිබඳ පවසා තිබුණේ 2024 දී ඔලිම්පික් රන් පදක්කම් 3ක් සමග එක් ලෝක වාර්තාවක් තමාගේ ඉලක්ක බවයි.

එමෙන්ම මීටර් 200 ධාවන කාලය ගැන විමසූ විට ඔහු කියා සිටියේ තත්පර 19.10 කාලයක් වාර්තා කිරීමට හැකි වුවහොත් ඔහු ඉතා සතුටට පත් වන බවයි.

තවද සුපිරි ක්‍රීඩක Usain Bolt විසින් තත්පර 19.19 කින් පිහිටුවා ඇති 200m ලෝක වාර්තාව බිඳ දැමීම ඔහුගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබෙනවා.

මෙම වසරේ මගේ පුද්ගලික ඉලක්කය සාර්ථක කර ගැනීමට මම ඉතාම කැමතියි. එහි ආරම්භය ඉතා සෙමින් සිදු වූවත් සෑම විමට දස්කම් වර්ධනය කර ගනිමින් ඉදිරියට යෑම මගේ අරමුණයි. යනුවෙන් ඔහු පවසා තිබුණා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව ලෝක මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<