ශ්‍රී ලංකාව මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවය දිනයි

308

බංගබන්ධු මධ්‍යම ආසියානු වෙලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය පසුගිය දෙසැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාව හා සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වුනා. එම තරගය වට 3-0ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඒ සමඟම මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි වුනා. තරගය පැවැත්වුනේ බංග්ලාදේශයේ ඩකා නුවරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලසිඳු මෙත්මාල්ගේ නායකත්වයෙන් තරග වැදුණා. තරගාවලිය පුරාම අපරාජිතව සිටි ශ්‍රී ලංකාව වට තුන ජය ගත්තේ ලකුණු 28-26ක්, 25-20ක් හා 25-20ක් ලෙසයි. ශ්‍රී ලංකාව අවසන් තරගයට පෙර ඔවුන් සහභාගී වූ තරග සියල්ලම ජය ගෙන සිටියා. මූලික වටයේ දී ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජය කළේ තරග වට 3-1ක් ලෙසයි.

මහේල ඉන්දීවර හා දනුෂ්ක දිල්ශාන් හොඳම ප්‍රහාරකයා හා හොඳම පන්දු සකසන්නා ලෙස සම්මාන දිනා ගත්තා. Kyrgyzstan පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගත්තා.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<