යතුරුපැදි සමුළුව රගුනාදන්ට භාරයි

120

ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ටී. රගුනාදන් මහතා තේරී පත්ව ඇත.

ශ්‍රී ලංකා ජාතික යතුරුපැදි ධාවකයන්ගේ සම්මේලනයේ නිලවරණය පසුගිය 15 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී සංගමයේ සභාපති ධූරය සඳහා අරවින්ද මිරැන්ඩෝ සහ ටී. රගුනාදන් දෙදෙනා අතරේ පැවැති ඡන්ද සටනින් අරවින්ද මිරැන්ඩෝ ඡන්ද 21 ක් හා ටී. රගුනාදන් ඡන්ද 26ක් ලෙස ලබා වැඩි ඡන්ද 5කින් ටී. රගුනාදන් මහතා නව සභාපති ලෙස තේරී පත්විය.

1987 සිට 1998 දක්වා කාලය තුළ මොටොකේ‍රාස් රෝඩ්රේස් සහ මෝටර් සයිකල් රැලි තරග ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ රගුනාදන් මහතා 2011 සිට 2013 දක්වා වසර දෙකක කාලයක් මෙම සංගමයේ සභාපතිත්වය දරා ඇති පළපුරුදු නිලධාරියෙකි.

තවද සංගමයේ උප සභාපතිවරුන් ලෙස චාමිකර පිලපිටිය, මනෝහන් සිල්වා යන මහත්වරුන් පත්වූ අතර කමල් පතිරත්න ලේකම් වශයෙන්ද සෙනරත් පෙරේරා භාණ්ඩාගාරික වශයෙන්ද නිතරගයෙන් තේරී පත්වූහ.