මධ්‍යම ආසියාව ජය ගන්න ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් ඉගිළෙයි

2021 මධ්‍යම ආසියානු ජ්‍යේෂ්ඨ වොලිබෝල් ශූරතාවය

300
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ Facebook පිටුවෙන්.

හෙට (23) සිට දෙසැම්බර් 28 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අගනුවර දී පැවැත්වීමට නියමිත “මධ්‍යම ආසියානු ජ්‍යේෂ්ඨ වොලිබෝල් ශූරතාවය” සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් ඊයේ (21) දිවයිනෙන් පිටත්ව ගියා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, නේපාලය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ සත්කාරක බංග්ලාදේශය ඇතුළුව රටවල් 6ක් සහභාගී වන අතර සියලුම කණ්ඩායම් කාන්තා ශූරතාවය සඳහා තරග වදිද්දී, කිර්ගිස්තානය හැර අනෙක් රටවල් පිරිමි ශූරතාවය සඳහා තරග කරනවා.

සෑම කණ්ඩායමක් ම ලීග් ක්‍රමය යටතේ එකිනෙකා සමඟින් තරග කිරීමෙන් පසුව කාන්තා සහ පිරිමි අංශවලින් ප්‍රථම ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

කණ්ඩායම් දෙක බංග්ලාදේශය බලා පිටත් වීමට පෙර, ඉකුත් 20 වැනිදා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අරවින්ද ද සිල්වා විසින් මෙහෙය වනු ලැබූ විශේෂ පුහුණු වැඩමුළුවක් සඳහා ද සහභාගී වුනා.

ශ්‍රී ලංකා පිරිමි ජාතික වොලිබෝල් සංචිතයේ නායකයා ලෙස ලසිඳු මෙත්මාල් කටයුතු කරන අතර තිළිණි වාසනා කාන්තා කණ්ඩායමේ නායකත්වය දරනවා.

අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන චන්න ජයසේකර විසින් පිරිමි කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරණ අතර සහය පුහුණුකරු ලෙස නිෂාන් ඉන්දික කටයුතු කරනවා. කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න කටයුතු කරද්දී, චන්දිමා අකරවිට සහය පුහුණුකාරිණිය ලෙස කටයුතු කරයි.

  • ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් සංචිතය – ලසිඳු මෙත්මාල් (නායක), ඒ. ඩබ්ලිව් ලක්මාල්, ඉසුරු මධුෂාන්, විදුර ප්‍රභාත්, විනෝද් මධුරංග, මලිත් දිනිඳු, අයේෂ් ඩිල්ෂාන්, තරුෂ චමත්, මහේල ඉන්දීවර, හරිත හෂාන්, ධනුෂ්ක ඩිල්ෂාන්, රුචිර සම්පත්
  • ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් සංචිතය – තිළිණි වාසනා (නායිකාව), ජේ. ඩබ්ලිව්. පී. තුෂාරි, ශාක්‍යා සෙව්මිණි, අප්සරා සෙව්මාලි, අයේෂා මධුරිකා, සංජීවනී කරුණාරත්න, කාංචනා විජේකෝන්, කවිෂා ලක්ෂානි, චතුරිකා රණසිංහ, අශානි චමෝදිකා, ප්‍රීතිකා ප්‍රමෝධානි, සජිනි මේනකා

තරගාවලියේ උණුසුම විඳගන්න රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<