Home Sinhala ඩැනියල්ගේ ශතකයට පතිරාජ, රන්පුල් සහ රවීන්ගෙන් අර්ධ ශතක

ඩැනියල්ගේ ශතකයට පතිරාජ, රන්පුල් සහ රවීන්ගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

2609

ශ්‍රී ලංකා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර Derby හිදී පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඊයේ (29) අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 480ක් ලබාගෙන ප්‍රබල මට්ටමක සිටින්නේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 99ක් ඉදිරියෙන් සිටිමින්.

තෙවැනි දිනය ආරම්භ වන විට එංගලන්ත පළමු ඉනිමට පිළිතුරු දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 203ක් ලබාගෙන ප්‍රබල මට්ටමක පසුවුනේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 178ක් පිටුපසින් සිටිමින්. ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් ලකුණු 92*ක් පවන් පතිරාජ ලකුණු 37*ක් ලබා සිටිය දී තෙවැනි දිනය ආරම්භ වුනා.

>>VOTE NOW – ThePapare Most Popular Schoolboy Cricketer 2022<<

ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160ක සබඳතාවයක් ගොඩනැංවූ අතර දිනයේ පළමු කඩුල්ල ලෙස 4 පහර 9ක් එල්ල කරමින් ලකුණු 55ක් ලබාගෙන අර්ධ ශතකය ලබාගෙන සිටි පතිරාජගේ කඩුල්ල දවා ගැනීමට එංගලන්තය සමත් වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිම තුල මේ දක්වා කැපී පෙනුණ පිතිකරුවා බවට පත්ව සිටින ඩැනියල් අනෙක් සියලුම පිතිකරුවන්ට සාපේක්ෂව හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දු 237ක් තුල ලකුණු 155ක් ලබා ගත්තා. ඒ ඉනිම 4 පහර 25කින් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනා.

ඩැනියල්ගේ දැවී යාමට පසුව පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී ශතකයක් ලබාගෙන ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළ රනුද සෝමරත්නගේ කඩුල්ල ලකුණු 37කට දවා ගැනීමට Bertie Foreman හට හැකි වුනා.

ලකුණු 356කට කඩුලු 6ක් දැවී ගොස් තිබුණු මොහොතේ දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නායක රවීන් ද සිල්වා සහ විනුජ රන්පුල් ශතක සබඳතාවයක් (ලකුණු 110) ගොඩනංවමින් එංගලන්ත පළමු ඉනිමේ ලකුණු ප්‍රමාණය අභිබවා ශ්‍රී ලංකාව රැගෙන ගියා.

රවීන් කඩුල්ලේ ස්ථාවරව පන්දුවට පහර දෙමින් සිටින විට තරමක් ආක්‍රමණශීලී වුනු රන්පුල් 4 පහර 7ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 108ක් තුල ලබා ගත් ලකුණු 65 ශ්‍රී ලංකා පසුපෙළට හොඳ සවියක් වුනා.

දිනයේ නිමාව සටහන් වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් නායක රවීන් පන්දු 177ක දී 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 65*ක් සහ පසුපෙළ පිතිකරු දුවිඳු රණතුංග ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකා පළමු ඉනිම තුල මේ දක්වා ශතක සබඳතාවයක් අභිබවා ගිය සබඳතාවයන් තුනක් නිර්මාණය වී තිබීම කැපී පෙනෙනවා.

Result

Match drawn

England U19
381/10 (122.2) & 249/5 (59.4)

Sri Lanka U19
542/10 (157.1)

Batsmen R B 4s 6s SR
Harry Singh b sahan mihira 104 304 6 0 34.21
Ben McKinney c Asitha Wanninayake b Wanuja Sahan 22 34 3 0 64.71
Ross Whitfield c & b Wanuja Sahan 2 8 0 0 25.00
James Rew c Lahiru Dewatage b Duvindu Ranatunga 9 22 2 0 40.91
Matthew Hurst c Lahiru Dewatage b sahan mihira 116 189 11 0 61.38
Bertie Foreman c Raveen de Silva b Duvindu Ranatunga 10 29 1 0 34.48
James Sales b Vinuja Ranpul 52 66 6 0 78.79
Tom Lawes run out (Duvindu Ranatunga) 10 22 1 0 45.45
Stanley McAlindon c & b Raveen de Silva 20 41 2 0 48.78
Benjamin Cliff c Lahiru Dewatage b Raveen de Silva 2 11 0 0 18.18
Yousef Majid not out 11 12 2 0 91.67


Extras 23 (b 11 , lb 6 , nb 4, w 2, pen 0)
Total 381/10 (122.2 Overs, RR: 3.11)
Bowling O M R W Econ
Vinuja Ranpul 18 1 81 1 4.50
Duvindu Ranatunga 23 4 58 2 2.52
sahan mihira 19 4 75 2 3.95
Wanuja Sahan 31 8 67 2 2.16
Raveen de Silva 23.2 4 56 2 2.41
Shevon Daniel 1 0 2 0 2.00
Asitha Wanninayake 7 1 25 0 3.57
Batsmen R B 4s 6s SR
Asitha Wanninayake b Tom Lawes 4 14 1 0 28.57
Abisheak Liyanaarachchi run out (Bertie Foreman) 49 91 8 0 53.85
Shevon Daniel c Harry Singh b Benjamin Cliff 155 237 25 1 65.40
Pawan Pathiraja c James Rew b Benjamin Cliff 55 155 9 0 35.48
Ranuda Somarathne c Benjamin Cliff b Bertie Foreman 37 67 7 0 55.22
Raveen de Silva lbw b Yousef Majid 74 197 7 1 37.56
Lahiru Dewatage b James Sales 0 6 0 0 0.00
Vinuja Ranpul c Ben McKinney b Yousef Majid 65 108 7 2 60.19
Wanuja Sahan c James Sales b Bertie Foreman 2 10 0 0 20.00
Duvindu Ranatunga c James Sales b Yousef Majid 54 58 8 2 93.10
sahan mihira not out 0 1 0 0 0.00


Extras 47 (b 10 , lb 22 , nb 3, w 12, pen 0)
Total 542/10 (157.1 Overs, RR: 3.45)
Bowling O M R W Econ
Benjamin Cliff 28 3 94 2 3.36
Tom Lawes 18 3 50 1 2.78
Stanley McAlindon 12 1 62 0 5.17
James Sales 20 4 53 1 2.65
Yousef Majid 36.1 10 104 3 2.88
Bertie Foreman 41 8 139 2 3.39
Ben McKinney 2 0 8 0 4.00


Batsmen R B 4s 6s SR
Harry Singh c Asitha Wanninayake b Raveen De Silva 25 57 2 0 43.86
Ben McKinney lbw b Raveen de Silva 74 104 9 0 71.15
Ross Whitfield st Lahiru Dewatage b Shevon Daniel 63 46 5 4 136.96
James Rew not out 34 77 4 0 44.16
Matthew Hurst lbw b Wanuja Sahan 6 14 0 0 42.86
James Sales b Raveen de Silva 1 6 0 0 16.67
Tom Lawes not out 33 55 3 0 60.00


Extras 13 (b 0 , lb 8 , nb 1, w 4, pen 0)
Total 249/5 (59.4 Overs, RR: 4.17)
Bowling O M R W Econ
Duvindu Ranatunga 4 0 26 0 6.50
Wanuja Sahan 17 4 52 1 3.06
sahan mihira 10 0 48 0 4.80
Raveen de Silva 22 2 83 3 3.77
Shevon Daniel 6 0 31 1 5.17
Ranuda Somarathne 0.4 0 1 0 2.50



තරගයේ සිව්වැනි සහ අවසන් දිනය අද (31) වන අතර ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටිනවා. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<