වේගපන්දු පුහුණුකරු ලෙස ඇලන් ඩොනල්ඩ්

381
Allan Donald to consult Sri Lanka fast bowlers
Picture Credits indiatvnews.com

හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් එළඹෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරු ලෙස පත්කර ඇත.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ දී හා වේල්සයේ දී පැවැත්වේ.

බුම්රාහ්ගේ ඉන්ද්‍රජාලය නිසා සුපිරි පන්දුවාරයේ ජය මුම්බායි පිළට

අවාසනාවේ මාවතේ ඉදිරියටම ගමන් කරමින් සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර තරගාවලියේ සත්වැනි පරාජයට ඊයේ (29) දිනයේ දී මුහුණ පෑමට සිදුවිය…

“වයිට් ලයිටින්”යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මොහු, මේ වන විට රැකියාවක නිරත වන අතර, ඩොනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රියා කරන වන බැවින්, ඔහු සේවය කරන කෙනට් කවුන්ටරි ආයතනය විසින් මාස දෙකක කාලයක් සඳහා ඔහුව රැකියාවෙන් නිදහස් කර ඇත.

වයස අවුරුදු 50ක් වන ඩොනල්ඩ් අත්දැකීම් රාශියකින් පිරිපුන් වේගපන්දු පුහුණුකරුවෙක් වන අතර, දකුණු අප්‍රිකා, එංගලන්ත හා ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල වේගපන්දු පුහුණුකරු ලෙස ද ක්‍රියා කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව දැනට සිටින වේගපන්දු පුහුණුකරුවන් වන චමින්ද වාස්, චම්පක රාමනායක, රවීන්ද්‍ර පුෂ්පකුමාර, නුවන් සොයිසා හා ඇලන් ඩොනල්ඩ් සමීපව ඇසුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන් වෙත හොඳ පුහුණු සැසියක් ලබා දෙනු ඇත.

ඩොනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මැයි මස 9 වන දා සිට 16 වන දා දක්වා පැවැත්වෙන පුහුණු සැසිය සමඟින් එක්ව ඔහුගේ වගකීම ඉෂ්ට කිරීම ආරම්භ කරනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට