Home Sinhala සත්කාරක එංගලන්තයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්

සත්කාරක එංගලන්තයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

533

ශ්‍රී ලංකා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර Derby හිදී පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ (29) අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 203ක් ලබාගෙන ප්‍රබල මට්ටමක සිටින්නේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 178ක් පිටුපසින් සිටිමින්.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් පන්දු 149ක දී ලකුණු 92*ක් සහ මැදපෙළ පිතිකරු පවන් පතිරාජ ලකුණු 37ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

>>VOTE NOW – ThePapare Most Popular Schoolboy Cricketer 2022<<

දෙවැනි දිනය ආරම්භ වන විට කාසියේ වාසිය දිනාගෙන පළමුව පහර දෙමින් සිටි එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 268ක් ලබාගෙන සිටියා. කෙසේ නමුත් දිනයේ ක්‍රියාත්මක කළ පළමු පන්දුවාර 32කුත් පන්දු 2 තුල එංගලන්ත අවසන් කඩුලු 6 ලකුණු 113ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

එංගලන්ත මුල් ඉනිම වෙනුවෙන් කැපී පෙනෙන පිතිකරණයක නිරත වුනු Harry Singh දෙවැනි දිනය ආරම්භ වන විට ලකුණු 98*ක් ලබාගෙන සිටි අතර ඔහු දෙවැනි දිනය ආරම්භයේ දීම සිය ශතක කඩඉම පසු කළා.

ඒ වෙනුවෙන් පන්දු 304ක් වැය කළ Harry සිය ශතකය වෙනුවෙන් හතරේ පහර 6ක් පමණක් එල්ල කළ අතර අනෙක් ලකුණු 80ම කඩුලු අතර දිව යමින් ලබා ගත් ලකුණු ලෙස සටහන් වුනා.

අවසානයේ දී ඔහුගේ ඉනිම ලකුණු 104කට සීමා කිරීමට සහන් මිහිර සමත් වුනා. ඊට අමතරව ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ James Sales 4 පහර 6ක් එල්ල කරමින් ලකුණු 52ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

සත්කාරක එංගලන්තය වෙනුවෙන් පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් අතර Stanley McAlindon ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා. පන්දු යැවීමේ දී නායක රවීන් ද සිල්වා, වනුජ සහන්, සහන් මිහිර සහ දුවිඳු රණතුංග කඩුලු 2 බැගින් දවා ගනිද්දී විනුජ රන්පුල් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්කම් දැක්වූවා.

එංගලන්ත ඉනිම ලකුණු 381කට සීමා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිළිතුරු පළමු ඉනිම ආරම්භයේ දී ම පෙර තරගයේ දී ශතක ලාභී අසිත වන්නිනායක ලකුණු 4ක් ලබා සිටිය දී දැවී ගිය ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක් රැස් කිරීමට අභිෂේක් ලියනාරච්චි සහ ඩැනියල් දෙදෙනා සමත් වුනා.

අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසුවීම නිසා ලියනාරච්චි අර්ධ ශතකයට ලකුණක් මෙපිට දී දැවී ගිය අතර පන්දු 91 කට මුහුණ දුන් ඔහු සිය ඉනිමට හතරේ පහර 8ක් එල්ල කරමින් එම ලකුණු 49 ලබා ගත්තා.

දිනයේ කැපී පෙනෙන පිතිකරුවා වූ ඩැනියල් පන්දු 149ක් තුල ලබා ගත් ලකුණු 92*ට මනරම් හතරේ පහර 15ක් ඇතුළත් වුනු අතර ඔහු පතිරාජ සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට නොබිඳිණු ලකුණු 77* එක් කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ශක්තිමත් කරමින් සිටින්නේ එංගලන්ත පළමු ඉනිමේ අභිබවා යාම වෙනුවෙන් අවශ්‍ය ස්ථාවර මූලික අඩිතාලමක් ගොඩනංවමිනි. අද (30) මේ තරගයේ තෙවැනි දිනයයි.

Result

Match drawn

England U19
381/10 (122.2) & 249/5 (59.4)

Sri Lanka U19
542/10 (157.1)

Batsmen R B 4s 6s SR
Harry Singh b sahan mihira 104 304 6 0 34.21
Ben McKinney c Asitha Wanninayake b Wanuja Sahan 22 34 3 0 64.71
Ross Whitfield c & b Wanuja Sahan 2 8 0 0 25.00
James Rew c Lahiru Dewatage b Duvindu Ranatunga 9 22 2 0 40.91
Matthew Hurst c Lahiru Dewatage b sahan mihira 116 189 11 0 61.38
Bertie Foreman c Raveen de Silva b Duvindu Ranatunga 10 29 1 0 34.48
James Sales b Vinuja Ranpul 52 66 6 0 78.79
Tom Lawes run out (Duvindu Ranatunga) 10 22 1 0 45.45
Stanley McAlindon c & b Raveen de Silva 20 41 2 0 48.78
Benjamin Cliff c Lahiru Dewatage b Raveen de Silva 2 11 0 0 18.18
Yousef Majid not out 11 12 2 0 91.67


Extras 23 (b 11 , lb 6 , nb 4, w 2, pen 0)
Total 381/10 (122.2 Overs, RR: 3.11)
Bowling O M R W Econ
Vinuja Ranpul 18 1 81 1 4.50
Duvindu Ranatunga 23 4 58 2 2.52
sahan mihira 19 4 75 2 3.95
Wanuja Sahan 31 8 67 2 2.16
Raveen de Silva 23.2 4 56 2 2.41
Shevon Daniel 1 0 2 0 2.00
Asitha Wanninayake 7 1 25 0 3.57
Batsmen R B 4s 6s SR
Asitha Wanninayake b Tom Lawes 4 14 1 0 28.57
Abisheak Liyanaarachchi run out (Bertie Foreman) 49 91 8 0 53.85
Shevon Daniel c Harry Singh b Benjamin Cliff 155 237 25 1 65.40
Pawan Pathiraja c James Rew b Benjamin Cliff 55 155 9 0 35.48
Ranuda Somarathne c Benjamin Cliff b Bertie Foreman 37 67 7 0 55.22
Raveen de Silva lbw b Yousef Majid 74 197 7 1 37.56
Lahiru Dewatage b James Sales 0 6 0 0 0.00
Vinuja Ranpul c Ben McKinney b Yousef Majid 65 108 7 2 60.19
Wanuja Sahan c James Sales b Bertie Foreman 2 10 0 0 20.00
Duvindu Ranatunga c James Sales b Yousef Majid 54 58 8 2 93.10
sahan mihira not out 0 1 0 0 0.00


Extras 47 (b 10 , lb 22 , nb 3, w 12, pen 0)
Total 542/10 (157.1 Overs, RR: 3.45)
Bowling O M R W Econ
Benjamin Cliff 28 3 94 2 3.36
Tom Lawes 18 3 50 1 2.78
Stanley McAlindon 12 1 62 0 5.17
James Sales 20 4 53 1 2.65
Yousef Majid 36.1 10 104 3 2.88
Bertie Foreman 41 8 139 2 3.39
Ben McKinney 2 0 8 0 4.00


Batsmen R B 4s 6s SR
Harry Singh c Asitha Wanninayake b Raveen De Silva 25 57 2 0 43.86
Ben McKinney lbw b Raveen de Silva 74 104 9 0 71.15
Ross Whitfield st Lahiru Dewatage b Shevon Daniel 63 46 5 4 136.96
James Rew not out 34 77 4 0 44.16
Matthew Hurst lbw b Wanuja Sahan 6 14 0 0 42.86
James Sales b Raveen de Silva 1 6 0 0 16.67
Tom Lawes not out 33 55 3 0 60.00


Extras 13 (b 0 , lb 8 , nb 1, w 4, pen 0)
Total 249/5 (59.4 Overs, RR: 4.17)
Bowling O M R W Econ
Duvindu Ranatunga 4 0 26 0 6.50
Wanuja Sahan 17 4 52 1 3.06
sahan mihira 10 0 48 0 4.80
Raveen de Silva 22 2 83 3 3.77
Shevon Daniel 6 0 31 1 5.17
Ranuda Somarathne 0.4 0 1 0 2.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<