UAE තුන්කොන් සටනට 19න් පහළ මූලික සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023

578
Sri Lanka U19 Preliminary Squad

මාර්තු මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලියක් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ මූලික සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සහභාගී වීමට නියමිත අතර එක්දින තරගාවලියක් වන මෙය මාර්තු 15 සිට අප්‍රේල් 04 දක්වා පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් 26 දෙනෙක් මෙම මූලික සංචිතයට ඇතුළත් වන අතර පුහුණුවීම් වලින් අනතුරුව අවසන් 15 දෙනාගේ සංචිතය නම් කිරීමට නියමිතයි.

මෙම සංචිතය සඳහා 2022 වසරේ පැවති එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ට්‍රෙවීන් මැතිව්, ශෙවෝන් ඩැනියල් සහ මල්ෂ තරුපති ඇතුළත්.

තරගාවලිය සඳහා නම් කළ 19න් පහළ මූලික සංචිතය: ශෙවෝන් ඩැනියල් (සාන්ත ජෝසප් විද්‍යාලය), හිරාන් ජයසුන්දර (සාන්ත ජෝසප් විද්‍යාලය), හිරුන් කපුබණ්ඩාර (සාන්ත ජෝසප් විද්‍යාලය), ට්‍රෙවීන් මැතිව් (සාන්ත අන්තෝනි විද්‍යාලය), කවීෂ පියුමාල් (සාන්ත අන්තෝනි විද්‍යාලය), තිසර ඒකනායක (සාන්ත අන්තෝනි විද්‍යාලය), චමත් ගෝමස් (වෙස්ලි විද්‍යාලය), තීරක රණතුංග (ත්‍රිත්ව විද්‍යාලය), මනුල කුලරත්න (ත්‍රිත්ව විද්‍යාලය), විහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය), විශේන් හැලඹගේ (සාන්ත පීතර විද්‍යාලය), ජනිත් ප්‍රනාන්දු (ජෝසප් වාස් විද්‍යාලය), විශ්ව රාජපක්ෂ (ජෝසප් වාස් විද්‍යාලය), සහන් මිහිර (සාන්ත ජෝන් විද්‍යාලය – පානදුර), දිනුර කළුපහන (මහින්ද විද්‍යාලය), දිනිරු අබේවික්‍රම (සාන්ත සර්වියස් විද්‍යාලය), විශ්ව ළහිරු (ශ්‍රී සුමංගල විද්‍යාලය -පානදුර), සිනෙත් ජයවර්ධන (රාජකීය විද්‍යාලය), මල්ෂ තරුප්ති (රිච්මන්ඩ් විද්‍යාලය), පවන් සංදේශ් (දේව පතිරාජ විද්‍යාලය), ජීවක ශශීන් (දේව පතිරාජ විද්‍යාලය), ප්‍රවීන් මනීෂ (හංවැල්ල රාජසිංහ විද්‍යාලය), තරිඳු අමරසිංහ (වේල්ස් කුමර විද්‍යාලය), රවිෂාන් නෙත්සර (පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය – අම්බලන්ගොඩ), දුවිඳු රණතුංග (මහානාම විද්‍යාලය), ගරුක සන්කෙත් (ලයිසියම් විද්‍යාලය – වත්තල).

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<