නිමාලි පෙරේරාට විශේෂ වගකීමක්

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

886

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගයේ විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම් කර තිබෙනවා.

තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරියන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය බ්‍රහස්පතින්දා (23) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි. දෙවැනි අවසන් පූර්ව තරගය සිකුරාදා (24) පැවැත්වෙන්නේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි.

තරග දෙකම එරට වේලාවෙන් දහවල් 03ට ආරම්භ වීමට නියමිතව ඇති අතර අවසන් පූර්ව වටයේ තරග Newlands ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

අද (23) පැවැත්වෙන ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පළමු අවසන් පූර්ව තරගයේ පිටිය විනිසුරුවරයන් ලෙස නවසීලන්ත ජාතික Kim Cotton සහ නිමාලි පෙරේරා කටයුතු කරනවා.

Suzanne Redfern තෙවැනි විනිසුරුවරිය ලෙස සහ Lauren Agenbag සිව්වැනි විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට නියමිත අතර තරග තීරක ලෙස කටයුතු කරන්නේ දකුණු අප්‍රිකානු ජාතික Shandre Fritz.

දෙවැනි අවසන් පූර්ව තරගයේ දී Claire Polosak සහ Jacqueline Williams පිටිය විනිසුරුවරියන් ලෙසත්, Eloise Sheridan තෙවැනි විනිසුරුවරිය ලෙස කටයුතු කරන අතර සිව්වැනි විනිසුරුවරිය Vrinda Rathi සහ තරග තීරක  ලෙස GS Lakshmi කටයුතු කරනු ඇති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<