ජාතික සුපර් ලීග් එක්දින තරගාවලියට දින තීන්දුයි

ජාතික සුපර් ලීග් එක්දින තරගාවලිය 2023

258

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

එම කාලසටහනට අනුව තරගාවලිය මාර්තු 11 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලිය සඳහා ගාල්ල, මහනුවර, කොළඹ, දඹුල්ල සහ යාපනය ලෙස කණ්ඩායම් පහක් සහභාගී වෙනවා.

තරගාවලියේ මූලික වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් සමඟ දෙවරක් තරග වැදීමට නියමිත අතර මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

ක්‍රීඩාංගණ පහක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන මෙම තරගාවලිය සඳහා සමස්ත තරග 21ක් ඇතුළත්.

තරගාවලියේ තරග කාලසටහන

11-Mar ගාල්ල යාපනය PKICS, Kandy දඹුල්ල කොළඹ RDICS, Dambulla
14-Mar දඹුල්ල ගාල්ල PKICS, Kandy මහනුවර යාපනය RDICS, Dambulla
17-Mar මහනුවර දඹුල්ල PKICS, Kandy කොළඹ ගාල්ල RDICS, Dambulla
20-Mar යාපනය කොළඹ PKICS, Kandy ගාල්ල මහනුවර RDICS, Dambulla
23-Mar කොළඹ මහනුවර PKICS, Kandy යාපනය දඹුල්ල RDICS, Dambulla
26-Mar කොළඹ දඹුල්ල SSC යාපනය ගාල්ල RPICS
28-Mar යාපනය මහනුවර SSC ගාල්ල දඹුල්ල RPICS
30-Mar ගාල්ල කොළඹ SSC දඹුල්ල මහනුවර RPICS
1-Apr මහනුවර ගාල්ල P Sara කොළඹ යාපනය RPICS
3-Apr දඹුල්ල යාපනය P Sara මහනුවර කොළඹ RPICS
6-Apr Finals – RPICS Colombo – D/N

මෙම තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<