Home Sinhala වසර 8කට පසුව ශ්‍රී ලංකාවට අමතක නොවන තරගාවලි ජයක්!

වසර 8කට පසුව ශ්‍රී ලංකාවට අමතක නොවන තරගාවලි ජයක්!

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

524

සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද (7) සමත් වුනා. 

ඒ දෙරට අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 78කින් ජය ගනිමිනුයි.

ඒ අනුව, 2013 වසරට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වන අතර මෑත කාලය තුල ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථාන 5 අතර සිටින කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ගත් පළමු ජයග්‍රහණය මෙය වීම ද විශේෂත්වයක්.

එසේම, මේ ජයග්‍රහණයත් සමඟම ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 10ක් දිනා ගනිමින් 9 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දෙවැනි එක්දින තරගය ක්‍රීඩා කළ මිනෝද් භානුක, භානුක රාජපක්ෂ සහ අකිල දනංජය වෙනුවට දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ මේ තරගය සඳහා කණ්ඩායමට කැඳවා තිබුණා.

ඒ අනුව 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි තරගයට ක්‍රීඩා කළ ජයග්‍රාහී කණ්ඩායම ම මේ තරගය සඳහාත් ක්‍රීඩා කළා.

තෙවැනි සහ අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – Avishka Fernando, Dinesh Chandimal, Kamindu Mendis, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Praveen Jayawickrama.
  • දකුණු අප්‍රිකාව – Aiden Markram, Janneman Malan, Reeza Hendricks, Rassie van der Dussen, Heinrich Klaasen, Andile Phehlukwayo, Wiaan Mulder, George Linde, Kagiso Rabada, Keshav Maharaj, Tabraiz Shamsi.

චන්දිමාල් සහ අවිශ්ක ශ්‍රී ලංකා ඉනිම සඳහා යම් තරමක සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 22ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා. ලකුණු 10ක් ලබාගෙන සිටි අවිශ්ක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනේ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් ද ප්‍රයෝජනයට ගනිමිනුයි.

නැවතත් ජාතික සංචිතයේ ඉඩක් වෙන්කරගත් ශ්‍රී ලංකා හිටපු නායක චන්දිමාල් මේ තරගයේ දී ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි.

අනතුරුව කමිඳු සමඟ එක්වුණු ධනංජය තෙවැනි කඩුල්ල සඳහා පන්දු 48ක් තුල ලකුණු 31ක සබඳතාවයක් ගොඩනංවමින් මැදපෙළ අඩිතාලම සකස් කළ අතර පළමු පන්දුවාර 10 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 53ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. එය මේ තරගාවලියේ දී Powerplay අවස්ථා තුල දී ශ්‍රී ලංකාව ලබා ගත් හොඳම ලකුණු ප්‍රමාණය වුනු අතර එහි දී නිලකුණු පන්දු 36ක් වාර්තා වුනා.

සිය කෙටි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ හොඳම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තවත් ලකුණු 7කින් ඉදිරියට රැගෙන ඒමට සමත් වුනු කමිඳු ලකුණු 16ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ Linde පන්දු යවා අනෙක් පසට රැක ගත් දක්ෂ උඩපන්දුව නිසයි. 

ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ ගොඩනැංවීමේ වගකීම සඳහා නිසි සාධාරණයක් ඉටු කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි ධනංජය ද සිල්වා ලකුණු 31කට දැවී ගියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ ලකුණු 93ක් තුල දවා ගැනීමට දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නන් සමත් වුනා.

නිමා වූ ඉන්දීය තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකත්වයේ වගකීම ලබා ගත් දසුන් හට මේ ඉනිම තුල දී ද පිතිකරණයෙන් වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වූ අතර වනිඳුට ද එය එසේම සිදු වුනා. එම කඩුලු දෙකම පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී බව නිසා ශ්‍රී ලංකාවට අහිමිව ගියේ ලකුණු සටහන 121/6ක් ලෙස යම් අගාධයකට ඇද දමමිනි.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා පිතිකරණය සාර්ථක කිරීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ 24 හැවිරිදි අසලංක මේ තරගයේ දී හුදකලා පිතිකරණයක නිරත වෙමින් උපරිම දස්කම් අතරට පැමිණීමට විශාල වෙහෙසක් දරුවා. 

චාමික සහ අසලංක එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 65ක් තුල ලකුණු 33ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එය මේ තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුන හොඳම සබඳතාවය වුනා. නමුත් චාමිකගේ දැවී යාමත් සමඟ එම සබඳතාවය ද නිමා වුනේ දකුණු අප්‍රිකානුවන් සඳහා නැවතත් තරගයේ වැඩි වාසිය ලබා දෙමිනි.

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි එක්දින අර්ධ ශතකය සහ නොකඩවා අර්ධ ශතක තුනක් ලබා ගැනීමේ ආසන්නයටම පැමිණි අසලංකගේ ඉනිම අවාසනාවන්ත ලෙස ලකුණු 47 දී නිමා වුනේ Shamsiගේ පන්දුවකටයි. මිනිත්තු 114ක් පුරා  පන්දු 71කට මුහුණ දෙමින් 4 පහර දෙකක් සමඟ අසලංක එම ලකුණු 47 ලබා ගත්තා.

ඒ වන විට ශ්‍රී ලංකාවට ලකුණු 200 බලාපොරොත්තුවත් තරමක් දුර තිබෙන සිහිනයක් වැනි මට්ටමක පැවතුනත්, නවක ක්‍රීඩක මහීෂ් සහ චමීර එක්ව 9 වැනි කඩුල්ල සඳහා පන්දු 44ක් තුල ගොඩනැංවූ ලකුණු 32ක සබඳතාවය සවියක් කරගනිමින් ලකුණු 203ක තරගයක් දිය හැකි ලකුණු මට්ටමක් දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. 

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනු චමීර සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් හොඳම ලකුණු ප්‍රමාණය ලෙස ලකුණු 29ක් ලබා ගත්තේ 4 පහර 3ක් සමඟිනුයි.

නායක Maharaj ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන විට, Shamsi සහ Linde අතර කඩුලු 2ක බැගින් බෙදී ගියා. දඟපන්දු යවන්නන් හට තණතීරුවෙන් ලැබෙන සහය වැඩි බව ඉක්මනින් වටහා ගත් Maharaj තමන් සතුව සිටින සියලුම දඟපන්දු පන්දු යවන්නන් අද තරගයට භාවිතා කළා. මේ තරගයේ දී පන්දුවාර 40ක් දඟපන්දු යවන්නන්ගෙන් ක්‍රියාත්මක කිරීම සුවිශේෂී වුනා.

ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 30ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 125ක් පමණයි. Klaasen, Linde සහ Malan තිදෙනා හැරෙන්නට අනෙක් එකඳු පිතිකරුවෙකුට හෝ ලකුණු 18 සීමාව අභිබවා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

මංගල එක්දින තරගයේ දී ම සුපිරි දස්කම් අතරට පැමිණි මහීෂ් තමන් යොමු කළ පළමු පන්දුවෙන්ම ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් තිබූ Klaasenගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා. එවැනි දස්කමක් දැක්වූ සිව්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මහීෂ් වන අතර මීට පෙර චරිත බුද්ධික, කෞෂාල් ලොකුආරච්චි සහ තිළිණ තුෂාර විසින් එම දස්කම දක්වා තිබෙනවා.

ලකුණු 54කට කඩුලු 6ක් දැවී ගොස් තිබුණු දකුණු අප්‍රිකානු ලකුණු සටහනට යම් ප්‍රාණයක් ලබා දෙමින්, මේ තරගය පුරාවට ගොඩනැංවුණු හොඳම සබඳතාවය ගොඩනැංවූ Phehlukwayo සහ Linde දකුණු අප්‍රිකානු ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35ක් තුල ලකුණු 36ක සබඳතාවයක් ගොඩනැංවූවා. 

නමුත් චරිත් අසලංක සිය එක්දින ක්‍රිකට් දිවියේ පළමු කඩුල්ල සඳහා හිමිකම් කියමින් මේ තරගයේ තමන් ක්‍රියාත්මක කළ පළමු පන්දුවෙන්ම Phehlukwayoගේ කඩුල්ල බිඳ දැමුවේ නැවතත් ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය හිමිකර දෙමිනි.

මංගල තරගයේ දී ම ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් මහීෂ් තීක්ෂණ සුපිරි පන්දුකරණයක නිරත වූ අතර ඊට අමතරව වනිඳු සහ දුෂ්මන්ත චමීර කඩුලු 2ක බැගින් දවා ගත්තා.


Result


Sri Lanka
203/9 (50)

South Africa
125/10 (30)

Batsmen R B 4s 6s SR
Avishka Fernando lbw b Keshav Maharaj 10 18 2 0 55.56
Dinesh Chandimal lbw b George Linde 9 12 1 0 75.00
Kamindu Mendis c & b George Linde 16 27 2 0 59.26
Dhananjaya de Silva c Heinrich Klaasen b Aiden Markram 31 44 2 0 70.45
Charith Asalanka c Heinrich Klaasen b Tabraiz Shamsi 47 71 2 0 66.20
Dasun Shanaka c Wiaan Mulder b Keshav Maharaj 13 12 1 0 108.33
Wanindu Hasaranga c Reeza Hendricks b Keshav Maharaj 6 10 0 0 60.00
Chamika Karunaratne lbw b Tabraiz Shamsi 16 39 1 0 41.03
Dushmantha Chameera c Janneman Malan b Wiaan Mulder 29 39 3 0 74.36
Maheesh Theekshana not out 10 26 0 0 38.46
Praveen Jayawickrama not out 2 4 0 0 50.00


Extras 14 (b 0 , lb 2 , nb 4, w 8, pen 0)
Total 203/9 (50 Overs, RR: 4.06)
Fall of Wickets 1-22 (3.6) Avishka Fernando, 2-33 (6.2) Dinesh Chandimal, 3-64 (14.2) Kamindu Mendis, 4-93 (19.5) Dhananjaya de Silva, 5-112 (24.1) Dasun Shanaka, 6-121 (26.4) Wanindu Hasaranga, 7-154 (37.2) Chamika Karunaratne, 8-166 (41.1) Charith Asalanka, 9-198 (48.2) Dushmantha Chameera,

Bowling O M R W Econ
Kagiso Rabada 8 0 46 0 5.75
Keshav Maharaj 10 0 38 3 3.80
George Linde 10 1 32 2 3.20
Aiden Markram 10 0 41 1 4.10
Tabraiz Shamsi 10 0 31 2 3.10
Andile Phehlukwayo 1 0 10 0 10.00
Wiaan Mulder 1 0 3 1 3.00


Batsmen R B 4s 6s SR
Janneman Malan c Dhananjaya de Silva b Maheesh Theekshana 18 19 2 0 94.74
Aiden Markram c Dhananjaya de Silva b Praveen Jayawickrama 2 4 0 0 50.00
Reeza Hendricks b Dushmantha Chameera 1 7 0 0 14.29
Rassie van der Dussen c Kamindu Mendis b Dushmantha Chameera 5 5 1 0 100.00
Heinrich Klaasen lbw b Maheesh Theekshana 22 30 3 0 73.33
Wiaan Mulder b Wanidu Hasaranga 2 7 0 0 28.57
Andile Phehlukwayo c Dinesh Chandimal b Charith Asalanka 17 36 2 0 47.22
George Linde c Kamindu Mendis b Wanindu Hasaranga 18 24 2 0 75.00
Kagiso Rabada c Dhananjaya de Silva b Maheesh Theekshana 8 13 1 0 61.54
Keshav Maharaj c Dinesh Chandimal b Maheesh Theekshana 15 17 2 0 88.24
Tabraiz Shamsi not out 9 19 0 0 47.37


Extras 8 (b 0 , lb 1 , nb 1, w 6, pen 0)
Total 125/10 (30 Overs, RR: 4.17)
Fall of Wickets 1-8 (1.4) Aiden Markram, 2-9 (2.5) Reeza Hendricks, 3-19 (4.1) Rassie van der Dussen, 4-45 (9.1) Janneman Malan, 5-48 (10.4) Wiaan Mulder, 6-54 (15.2) Heinrich Klaasen, 7-90 (21.1) Andile Phehlukwayo, 8-100 (23.5) Kagiso Rabada, 9-102 (24.2) George Linde, 10-125 (29.6) Keshav Maharaj,

Bowling O M R W Econ
Dushmantha Chameera 4 1 16 2 4.00
Praveen Jayawickrama 4 0 18 1 4.50
Wanindu Hasaranga 8 3 32 2 4.00
Maheesh Theekshana 10 0 37 4 3.70
Dhananjaya de Silva 3 0 18 0 6.00
Charith Asalanka 1 0 3 1 3.00



  • තරගයේ වීරයා – දුෂ්මන්ත චමීර
  • තරගාවලියේ වීරයා – චරිත් අසලංක 

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියේ තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<