Home Sinhala සුපර් ලීගයේ ලකුණු 10ක් සමඟ තරගාවලියේ පෙරමුණ ශ්‍රී ලංකාවට

සුපර් ලීගයේ ලකුණු 10ක් සමඟ තරගාවලියේ පෙරමුණ ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

1997
South Africa tour of Sri Lanka 2021

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය අද (2) කොළඹ. ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

එම තරගයෙන් ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ද ලබා ගනිමිනුයි.

පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්, 

ශ්‍රී ලංකා කණ්ඩායම – Avishka Fernando, Minod Bhanuka, Bhanuka Rajapaksa, Dhananjaya De Silva, Charith Asalanka, Dasun Shanaka (නායක), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Akila Dananjaya, Praveen Jayawickrama

දකුණු අප්‍රිකානු කණ්ඩායම – Aiden Markram, Janneman Malan, Temba Bavuma (නායක), Rassie van der Dussen, Kyle Verreynne, Heinrich Klaasen, Andile Phehlukwayo, Keshav Maharaj, Kagiso Rabada, Tabraiz Shamsi, Anrich Nortje

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි මිනෝද් සහ අවිශ්ක පළමු කඩුල්ල සඳහා ලකුණු 57ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 6 තුල කිසිවෙක් නොදැවී ලකුණු 41ක් ලබාගෙන සිටියා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි පන්දුවාරයේ දී දකුණු අප්‍රිකානු නායක Bavuma සිය ප්‍රධාන තුරුම්පුව වන දඟපන්දු යවන්නන් කැඳවූ අතර Maharaj සිය පළමු පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් බවට පත් කරගනිමින් ඔහුගේ අන්තයෙන් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා.

එතැන් සිට ශ්‍රී ලංකාව පවත්වා ගෙන එමින් තිබූ දල ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් දුරට අඩාල වුනු අතර 4 පහර 3ක් සමඟ පන්දු 39ක දී ලකුණු 27ක් ලබාගෙන සිටි මිනෝද්ගේ කඩුල්ල දවා ගනිමින් ලකුණු 57 ආරම්භක සබඳතාවය බිඳ හෙලීමට Markram සමත් වුනා.

භානුක තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී ලකුණු නොලබාම දැවී ගිය අතර ධනංජය සහ අවිශ්ක එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 109ක් තුල ලකුණු 79ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ලකුණු සටහනක් වෙත යාමට අවශ්‍ය මැදපෙළ අඩිතාලම සකස් කළා.

ධනංජය සිය අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී අවාසනාවන්ත ලෙස ස්ටම්ප් කිරීමකට හසුව දැවී යන විට, ඔහු පන්දු 62ක දී ලකුණු 44ක් ලබාගෙන සිටියා. ඒ වන විට ශ්‍රී ලංකාව එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 4.50ක පමණ වේගයක් රඳවා ගෙන තිබුණා.

ධනංජයගේ දැවී යාමට පසුව පිටියට පැමිණි 24 හැවිරිදි චරිත් අසලංක, අවිශ්ක සමඟින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 71ක දී වේගවත් ලකුණු 97ක සබඳතාවයක් ගොඩනැංවූවා. අවිශ්ක පළමු පන්දු 74 තුල සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන සෙමින් සීරුවේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළ නමුත් ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 106ක් තුලයි. 

සිය එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය ලබා ගත් අවිශ්ක 4 පහර 10ක් සහ 6 පහර 2ක් සමඟ පන්දු 115ක දී ලකුණු 118ක් ලබා ගත්තා. එසේම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙක් දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරට පැවති එක්දින තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද එයයි. එම සබඳතාවය ගොඩනැංවීමේ දී ඔවුන් දෙදෙනාගේ කඩුලු අතර දිවීම ද ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා.

තවමත් එක්දින ක්‍රිකට් තරග 6ක් පමණක් ක්‍රීඩා කර තිබෙන අසලංක ඉතාමත් හොඳ පරිණත භාවයක් පෙන්නුම් කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලබා ගත්තා. අසලංක සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 62ක දී ලකුණු 72ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක අවසානයක් ලබා ගැනීම සඳහා දායක වුනා. එම ඉනිමට 4 පහර 6ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා. 

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක Maharaj ලකුණු 30කට කඩුලු 2ක් දවා ගන්නා විට, Rabada ලකුණු 65කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 301ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු Markram සහ Malan දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වුනා. ඒ නිසාවෙන් ශානක වහාම වනිඳු හසරංග කැඳවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 49කට සීමා වුනා. 

Malanගේ දැවී යාමට පසුව Markram සමඟ එක්වුණු නායක Bavuma දෙවැනි කඩුල්ල සඳහා පන්දු 110ක් තුල ලකුණු 106*ක සබඳතාවයක් ගොඩනැංවූවා. කෙසේ නමුත් එම සබඳතාවය අවසානයක් කරා රැගෙන යාමට නොහැකි වුනේ Bavuma ලකුණු 38*ක් ලබාගෙන සිටිය දී ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව ගිය නිසයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගවල දී ඉතාමත් හොඳින් ලකුණු ලබා ගත් Markram සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් ලකුණු 96ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුනා. ඒ වනිඳු extra-cover කලාපයේ සිට රැකගත් දක්ෂ උඩ පන්දුව ද සවියක් කරගෙනයි.

ඒ නිසාවෙන් Markram හට ලබා ගැනීමට හැකිව තිබූ සිය මංගල එක්දින ශතකය මඟ හැරී ගියත් සිය තෙවැනි එක්දින අර්ධ ශතකයෙන් සෑහීමකට පත්වීමට ඔහුට සිදු වුනා. පන්දු 90ක දී වාර්තා වුනු Markramගේ එම සුපිරි ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. 

Markramගේ දැවී යාමට පසුව ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු van der Dussen සිය එක්දින ක්‍රිකට් දිවියේ 9 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් 4 පහර 6ක් සමඟ පන්දු 59ක දී ලකුණු 59ක් ලබා ගත්තා. කෙසේ නමුත් ඔහුට සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම දක්වා රැගෙන යාමට අකිල අවස්ථාව ලබා දුන්නේ නැහැ. 

දකුණු අප්‍රිකාව සාර්ථක ලෙස පන්දුවාර 40ක් දක්වා සිය ගමන් මඟ ඉතාමත් හොඳින් පැමිණි නමුත් අවසන් පන්දුවාර 10 තුල ඔවුන්ගේ ප්‍රබල කඩුලු 3ක් දැවී යාම නිසා එම අවශ්‍ය ඉලක්කය වෙත යාමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව දකුණු අප්‍රිකාවට සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 286ක් පමණයි. පන්දු යැවීමේ දී අකිල කඩුලු 2ක් දවා ගන්නා විට, වනිඳු, චාමික සහ ප්‍රවීන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකාව – 300/9 (50): අවිශ්ක ප්‍රනාන්දු 118, චරිත් අසලංක 72, ධනංජය ද සිල්වා 44, මිනෝද් භානුක 27, Keshav Maharaj 2/30, Kagiso Rabada 2/65.

දකුණු අප්‍රිකාව – 286/6 (50): Aiden Markram 96, Rassie van der Dussen 59, Temba Bavuma 36*, අකිල දනංජය 2/65.

  • තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)

ඒ අනුව මේ තරගය ජය ගත් ශ්‍රී ලංකාවට ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 10ක් හිමි වුනා. එම ලකුණු ප්‍රමාණය ද සමඟ මුළු ප්‍රසාද ලකුණු 32ක් ලබා ගනිමින් 8 වැනි ස්ථානය දක්වා පියවර තුනක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 4 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


Result


Sri Lanka
300/9 (50)

South Africa
286/6 (50)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Andile Phehlukwayo b Tabraiz Shamsi 118 115 10 2 102.61
Minod Bhanuka b Aiden Markram 27 39 3 0 69.23
Bhanuka Rajapaksa c Kyle Verreynne b Keshav Maharaj 0 3 0 0 0.00
Dhananjaya de Silva st Heinrich Klaasen b Keshav Maharaj 44 62 5 0 70.97
Charith Asalanka c Heinrich Klaasen b Kagiso Rabada 72 62 6 1 116.13
Dasun Shanaka run out (Kagiso Rabada) 6 9 1 0 66.67
Wanindu Hasaranga b Kagiso Rabada 3 6 0 0 50.00
Chamika Karunaratne not out 7 7 0 0 100.00
Dushmantha Chameera run out (Anrich Nortje) 0 0 0 0 0.00
Akila Dananjaya run out (Anrich Nortje) 0 0 0 0 0.00
Praveen Jayawickrama not out 0 0 0 0 0.00


Extras 23 (b 5 , lb 5 , nb 2, w 11, pen 0)
Total 300/9 (50 Overs, RR: 6)
Fall of Wickets 1-57 (11.5) Minod Bhanuka, 2-58 (12.3) Bhanuka Rajapaksa, 3-137 (30.3) Dhananjaya de Silva, 4-234 (42.2) Avishka Fernando, 5-255 (45.5) Dasun Shanaka, 6-272 (47.6) Wanindu Hasaranga, 7-291 (49.2) Charith Asalanka, 8-299 (49.5) Dushmantha Chameera, 9-300 (49.6) Akila Dananjaya,

Bowling O M R W Econ
Kagiso Rabada 9 0 66 2 7.33
Anrich Nortje 10 0 69 0 6.90
Keshav Maharaj 10 1 30 2 3.00
Aiden Markram 6 0 33 1 5.50
Andile Phehlukwayo 5 0 37 0 7.40
Tabraiz Shamsi 10 0 55 1 5.50


Batsmen R B 4s 6s SR
Janneman Malan lbw b Wanindu Hasaranga 23 31 3 0 74.19
Aiden Markram c Wanindu Hasaranga b Praveen Jayawickrama 96 90 5 4 106.67
Temba Bavuma -select- b 38 53 1 0 71.70
Rassie van der Dussen b Akila Dananjaya 59 59 6 0 100.00
Kyle Verreynne lbw b Akila Dananjaya 12 20 0 0 60.00
Heinrich Klaasen run out (Chamika Karunaratne) 36 31 2 0 116.13
Andile Phehlukwayo b Chamika Karunaratne 5 8 0 0 62.50
Kagiso Rabada not out 13 7 2 0 185.71
Keshav Maharaj not out 0 1 0 0 0.00


Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 286/6 (50 Overs, RR: 5.72)
Did not bat Tabraiz Shamsi, Anrich Nortje,

Fall of Wickets 1-49 (9.4) Janneman Malan, 2-166 (30.5) Aiden Markram, 3-209 (39.3) Kyle Verreynne, 4-260 (45.5) Rassie van der Dussen, 5-269 (48.1) Andile Phehlukwayo, 6-286 (49.5) Heinrich Klaasen,

Bowling O M R W Econ
Dushmantha Chameera 7 0 55 0 7.86
Chamika Karunaratne 3 0 18 1 6.00
Wanindu Hasaranga 10 1 52 1 5.20
Praveen Jayawickrama 10 0 47 1 4.70
Akila Dananjaya 10 0 65 2 6.50
Dasun Shanaka 2 0 14 0 7.00
Dhananjaya de Silva 8 0 35 0 4.38